Sunday, December 2, 2012

ජාතික සමගිය ,සංහිදියාව හා තවත් දෑ

බටහිර ගැති , එන් ජී ඕ ඩොලර් වලි න් යැපෙන , ආණ්ඩු විරෝධී, දේශද්‍රෝහින්  මොනවා කීවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යුද්ධයෙන් පීඩාවට පත් දෙමල ජනයාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් , යුදයෙන් බිඳුනු සිත් සුවපත් කරමින් ජාතින් අතර සමගිය හා සංහිදියාව  ගොඩ නැගීම වෙනුවෙන් කොතරම් කැප වෙනවාද යන්න පෙන්වන අපූරු ඡායාරූප පෙලක් පහත දැක්වේ.





උපකුලපතිවරයාගේ සම්ප්‍රදායික අවසරය පවා නොගෙන ,යාපනය සරසවියේ සිසු නේවාසිකාගාරවලට කඩා පැන සිදු කල සෝදිසි මෙහෙයුමට එරෙහිව එහි සිසු සිසුවියන් විසින් පැවැත්වූ සාමකාමි උද්ඝෝෂණයට දරුණු ලෙස පහර දී සිසුන් අත් අඩංගුවට ගැනීමෙන් නොනැවතී , දැන් සිසු නායකයින්ගේ නිවෙස් වලට රාත්‍රියේ කඩා පැන ඔවුන් පැහැරගෙන යාමද අරඹා තිබේ.  මෙවැනි ක්‍රියාවලට  මේ ආශ්චර්යලන්තයේ කියන්නේ යුදෙන් බිඳුනු සිත් සුවපත් කිරීම, ජාතින් අතර සංහිදියාව ගොඩ නැගීම ආදි වශයෙනි.

13 comments:

  1. එන්න නියමිත කොමෙන්ට්ස් (මෙය මුල්වරට Rear Gate හි දුටිමි ),
    පෙරමුණේ රල,

    ඔයා මේකේ ඔක්කොම දාල නෑ නේ, කොටි බෝම්බ ගහල මරපුව කෝ? ඒවා දන්න ඔයාට කොන්දපනනැති වග අපි දන්නවා,

    මාරයා (මාරයාගේ හෝරාව),
    පව්..හැබැයි කරන්න දෙයක් නැහැ, ඇයි..අප්ෂෙට්ද..?
    අපෙනුත් ඉල්ලුවා... අපි නොදී ඉදලා ඉදලා අන්තිමට දුන්නා.. එච්චරයි... ඇයි කියන්නේ දෙන්න එපා කියලද..?

    මාතලන්

    ගෝත්‍රික සටනකි. ගෝත්‍රික සටනකදී පැත්තක් ගැනීමේ තේරුමක් නොවේ. මන්ද පැති දෙක අතර වෙනස ඩෙල්ටා ප්‍රමාණයක් වත් නැති නිසාය. අනෙක අපි ඇඬුවාය කියා මේ කිසිවක් වෙනස් නොවේ. ඉතින් අපට පාන්යැ!
    කොම්පුටර් ඉංග්‍රීසි ඉගෙනගෙන රට පලයල්ලා, රට යන්න බැරි උන්ට හෙමිට හෙන ගහල ගියාවේ

    ReplyDelete
  2. මේ අය ද මෙසේ කිවීමට ඉඩඇත ,

    උදිත,
    පුර්ණ ධනවාදය ආවහම මේ ඔක්කොම හරියනවා

    අරුණි ශපීරෝ‍,
    ඒකට මෙහෙ (ඇමරිකාවේ) , මෙහෙනම් එළකිරි, මෙහෙ ඔවා නැ මෙයා

    හිරු
    මහත්තය මොනවකියිද දන්නෑ හි ....හි ...හී !!
    අනේ මට බෑ... ඒ තරමට ස්ලෝ වෙලා අප්පා... පස්සේ බලමු....

    කතන්දර
    නොසලකා හරිනලදී (මුට බිසීය , අනික මුගේ කොමෙන්ට් මෙලෝ රහක් නැත)

    ReplyDelete
    Replies
    1. katandara kaarayaa hithanne oo siyalla dath ekek kiyalaa. uge blog eke kament ekak dammama sthuthiyi kiyannawath danne nathi paaharayek.

      Delete
    2. මේක දාලා තියෙන්නේ සික්කෙක්ලු

      Delete
    3. @ Anonymous December 1, 2012 11:24 PM
      අනේ පනේ ඇයි එසේ කියන්නේ?

      මං ඇනෝලා වෙනුවෙන් කතන්දර බ්ලොග් එකේ පිළිතුරු විතරක් යැ, සහමුලින් පෝස්ට් පවා කීයක් දැම්මාද?

      මං දැනගෙන හිටියේ නෑ, ඔයාට ඔච්චරක්ම ඌයියා වෙලා කියලා මං උත්තර නොදුන්න එක ගැන.

      Delete
  3. thank you. But Ithink Kathandrakaraya's blog is more political than it look.

    ReplyDelete
  4. හොඳ වෙලාවට මගේ කමෙන්ට් එක කවුරුත් දාලා නෑ ,

    පොලිසිය කොහොමත් කැම්පස් කොල්ලන්ට ගහන්නේ මානව හිමිකම් බල්ලට දාලා , දෙමල සිංහල බේදයක් ඕකට නෑ . හැබැයි මේ වගේ දෙයක් ඊට වටා බරපතල අර්ථනිරුපනයකට හොඳ අවස්ථාවක් . ආණ්ඩුවට ඕක දැනෙන්නේ ලබන මාර්තුවල. මේ පාර රුසියාව චීනේ එහෙමත් නැලුනේ !

    ReplyDelete
  5. රුසියාව චීනේ විතරක් නෙවේ කියුබාවත් නෑ. අපිට හොම්බෙන් තමා යන්න වෙන්නේ

    ReplyDelete
  6. අර ජාතීන් අතර සමානාත්මතව් ගොඩ නගන වාසීදේව මහත්තයා මොකෑ දන්නෙ නෑ කියන්නේ....?

    ReplyDelete
    Replies
    1. වාසි දේව ගැන කථා කිරීමත් කාලය කදැමිමක්, 2014 බලේ ගන්න ඉන්න රනිල් ගොයියගෙන් අඩුමගානේ පුවත්පත් නිවේදනයක් වත් නෑනේ. මහා ඉවසීමක් තියන නායකයා තවදුරටත් ඉවසනවද , නැත්නම් උන්දැව හිරි වැටිලද?

      Delete
  7. පටන් ගත්ත විදියට හිතුනෙ සුපර් මාර්කට්(-කඩේ ) යන්න හදනව කියල,

    ReplyDelete
  8. මේවා උගත් පාඩම් ළමයෝ, උගත් පාඩම්!

    ReplyDelete