Tuesday, January 8, 2013

අපෙනුත් දේශප්‍රේමයට සම්මාදමක්



අපේ දේශප්‍රේමි කට්ටියගේ දේශප්‍රේමි වැඩ වලට සල්ලි ටිකක් ඕනෑ කර තිබෙන බව දැන ගන්නට ලැබුනෙමි.

නාමල් කුමාරයාට නයිට් රේස් තියන්නටත් ,රෝහිත කුමාරයාට රොකට් පදින්නටත් සෑහෙන්න සල්ලි ඕනෑ බව නිසැකය. ලම්බෝගිනියක් ම කීයක් වෙනවාද?

කුමාර ගොල්ල ගැන විතරක් නොවේ . ඇමති ගොල්ල ගැන බලන්නත් එපාය. එංගලන්තේ ගොහින් අධිරාජ්‍ය විරෝධය ඉගෙන ගන්න විභූති පුතාටම  කොච්චරක් නම් වියදම්ද කියලා අපේ වි.වංශ ඇමති තුමා ගෙන් අහලා බලන්ට.

ඉතින් මේ වියදම් වලට සොච්චමක් හොයා ගන්ට කසාද බද්ද රුපියල් 5000 කලාම, මල බද්ධය , අදාහන බද්ද රුපියල් 2000 ක් කලාම, පෙට්‍රල් මිල රුපියල් 10 කින් වැඩි කලාම , ගෑස් රුපියල් 150 කින් වැඩි කොලාම අපි කෑ ගහන්ට හොඳ නැත. ලඟදීම විදුලි බිල වැඩි කලාමත් කෑ ගහන්ට එපාය.  ඒවා දේශප්‍රේමය වෙනුවෙන් , මේ රට ගිල ගන්ට බලන් ඉන්න එන් ජී ඕ කාක්කන්ට විරුද්ධව, අධිරාජ්‍යවාදි බටහිරයන්ට විරුද්ධව, ඩයස්පෝරා කාරයින්ට විරුද්ධව , කරන වැඩය. විරුද්ධ වෙන්නේ අධිරාජ්‍යවාදින්ගේ ඔඩොක්කුවේ ඉන්න ,ඩොලර් කාක්කන්ය. දේශද්‍රෝහින්ය.

දේශප්‍රේමින් කල යුත්තේ මේවාට විරුද්ධ වීම නොව තව තවත් ඒ වගේ දේශප්‍රේමි යෝජනා ගෙන ඇවිත් අපේ දේශප්‍රේමින්ට උදව් කිරීමය.

සැබෑ දේශප්‍රේමියෙක් වශයෙන් අපි අපේ යුතුමක ඉ‍ටු කිරීමට සූදානම්ය. එනම් ඉහතින් කී දේශප්‍රේමී කටයුතු සඳහා අවශ්‍ය වියදම් සොයා ගැනීම සඳහා යෝජනා කීපයක් කිරීමට ය.

මෙම යෝජනා සාමන්‍ය යෝජනා හා විශේෂ යෝජනා වශයෙන් කොටස් දෙකකි. සාමාන්‍ය යෝජනා වලිනුත් හොඳ ආදායමක් බලාපොරොත්තු වුනත් විදේශ ගැති එන් ජී ඕ කාක්කන් ඒවා කඩාකප්පල් කිරීමටද ඉඩක් තිබේ.



1. සාමාන්‍ය යෝජනා

අ. බලු බද්ද- ඇති කරන සෑම බල්ලෙක්ගෙන්ම රුපියල් 1000 ක් බද්දක්- බල්ලන් ඇති කරන්නේ කහන සල්ලි කාරයින් නිසා ප්‍රශ්නයක් නැත.

ආ. හරක් බද්ද- කකුල් හතරේ හරකුන්ගෙන් පමණි.

ඇ. කුකුල් බද්ද.- කුකුලෙකුගෙන් රුපියල් 500. කුකුල් මස් කිලෝව රුපියල් 1000 විතර වුනත් කම් නැත. බොදු බල සේනාවේ සපෝර්ට් එකද ගත හැක.

ඈ. බිත්තර බද්ද- බිත්තරයකින් රු.25 බද්දක්.

ඉ. පාන් බද්ද- රු.100. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ යෝජනාවකි.

සියලු දෙනා පාන් නොකා ඉන්නට හිතීම,මස් බිත්තර නොකා අම්බානක් බෞද්ධයින් වෙන්නට සිතීම   යනාදි වශයෙන්  දේශද්‍රෝහි ක්‍රියාවන්ට යට වුනොත් මේ සාමාන්‍ය බදු වලින් එන ආදායම අඩු වේ.එයට පිලියමක් විදියට පහත විශේෂ බදු යෝජනා කරනු ලැබේ.

පහත දැක්වෙන විශේෂ යෝජනා වලින් එන ආදායම ස්ථීරය. 

අ. තන බද්ද- සෑම ස්ත්‍රියාවක්ම තම පියවුරු දෙක වෙනුවෙන් එකකට රු. 1000 ක් ගෙවිය යුතුය. ලංකාවේ ස්ත්‍රීන් කෝටියක් වත් ඉන්න නිසා රුපියල් මිලියන් 20,000 වාර්ෂික ආදායම් ෂුවර්ය.

ආ. ඇට බද්ද- සෑම පිරිමියෙක්ම තම වෘෂණ දෙක වෙනුවෙන් එකකට රු.1000 බැගින් බදු ගෙවිය යුතුය. (මින් ලැබෙන ආදායම ගැන දැන්ම යමක් කීමට අපහසුය. මක් නිසාද යත් වැඩි දෙනෙකුන් හැසිරෙන්නේ මේවා නැති උන් විදියට නිසාය.)

ඇ.බොග බද්ද- වැසිකිලි යන වාරයකට රු.1.00 ක බද්දක්. මෙය මව්බිම( ටිරාන්ගේ මව්බිම නොවේ) වෙනුවෙන් අය කෙරෙන සෘජු බද්දකි.

-මේ ආකාරයේ දේශප්‍රේමි යෝජනා ඔබ ලඟත් ඇත්නම් වහාම අපට දන්වන්න.


7 comments:

  1. ළඟදීම ඕවත් දාන්න වේවී අනිවාර්යයෙන්ම....

    ReplyDelete
  2. මචන් සිරාවටම මේක විහුළුවක් නෙවේ.
    මේ වගේ බදු වැටෙන්න බැරි නැහැ දේශප්‍රේමයේ
    නාමයෙන්....

    ReplyDelete
  3. කලමදිරියෝ ඔබද දේශපාලන සත්වයෙක් නිසා
    මගේ බ්ලොග් එකටත් ගොඩ වැදී යන්න ...

    ReplyDelete
  4. අනේ නිකන් යන්න කලමදිරිය යන්න. ඔයගේ මනස හැසිරෙන්නේ බටහිර අනුකාරක වාදී ඇන්කරයෙකු වගේනේ. මෙන්න චතුස්කෝටියෙන් (හරිදමන්ද?) බලල පෙරලා ගත්තු නියම දේශප්‍රේමි යෝජනා.
    1.ගුගල් වලින් sex සොයයන හැම විටකම රුපියල් 5 ක දේශය ගොඩනැගීමේ බද්ද.
    2. Facebook එකට ඇතුලුවෙන හැමවිටම රුපියල් 10 ක බද්දක් හා සැම විනාඩි 15 කටම රුපියල් 5 ක දේශය ගොඩනැගීමේ බද්ද
    3. සැම බ්ලොග් පොස්ට් එකකටම රුපියල් 100 ක දේශය ගොඩනැගීමේ බද්ද
    4.සැම කොමෙන්ටුවකටම රුපියල් 10 ක දේශය ගොඩනැගීමේ බද්ද
    5. නෙට් එකෙන් බාන සැම 1MB එකකටම ශත 50 ක (සාදාරනයි නේ ) ගොඩනැගීමේ බද්ද
    6. සැම ලිංගික එකතුවීමක් සදහාම රුපියල් 5 ක දේශය ගොඩනැගීමේ බද්ද.
    7. සැම ස්වයංවින්දනයක් සදහාම රුපියල් 2.50 ක දේශය ගොඩනැගීමේ බද්ද. etc .........

    ReplyDelete
    Replies
    1. මේවා ඔය යක්කු දැක්කොත් සේරගෙන්ම අපිටයි කෙල වෙන්නේ

      Delete
  5. ඕකා කලාමැදිරියෙක් නොවේ. කල වැද්දෙක්.

    ReplyDelete