Friday, February 1, 2013

සිසු ජීවිත සමග සෙල්ලම් කිරීම -You're Playing with Fire



මොලේ මඤ්ඤං අධ්‍යාපන ඇමති බානද , උන්ටම හරියන විභාග කොමසාරිස් හා නිලධාරි රොත්තද එකතුව විෂය නිර්දේශ දෙකක ප්‍ර තිපල එකට දෙන්නට ගොස් 2011 අපොස උසස් පෙල විභාග ප්‍රථිපලය ඇනුවෝය. කොතරම් ඇනුවේද කිවහොත් ,දිස්ත්‍රික් තත්වය , දිවයිනේ තත්වයට  ගැලෙපෙන්නේ නැත. දිවයිනේ තත්වය ඉසැඩ් ලකුණ හා ගැලපෙන්නේ නැත. ඒ දෙක තුනම විභාග ප්‍රතිපලය හා ගැලපෙන්නේ නැත. පලමුවර දුන් ප්‍රථිපල දෙවැනියට  දුන් ප්‍රථිපල සමග ගත් කල අහසට පොලව මෙනි. පලමු වර ප්‍රථිපලයේ පලමු වැනියා දෙවැන්නේ සිය වැනියාය. පලමු වැන්නේ හාරසිය දෙවැන්නේ පලමුවැනියාය.

පලමු ප්‍රතිපල අනුව වෛද්‍ය විද්‍යාලයට තේරී සිටි එකා/එකී දෙවැනි වර ප්‍රතිපල ආ විට විශ්වවිද්‍යාලයක් අහලකට යන්නටවත් ලකුණු මදිය.

 මඤ්ඤං ඇමතිලාගේ මේ මඤ්ඤං වැඩ නිසා සිසුන්ගේ පමණක් නොව උන්ගේ දෙමව්පියන්ගේ ද ඔලු මොල මඤ්ඤං වී ගියේය. සමහර ලමයින් සියදිවි නසාගත්  අතර තව සමහරුන් පිස්සු නොවැටී බේරුනේ අනූ නමයෙනි.

අවසානයේ සිසුහු තමන්ට වූ අසාධාරණය රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියූ අතර සමහර විට තමන්ගේ අධිකරණ ජීවිතයේ ප්‍රථම වතාවට හිටපු අග විනිසුරුවරිය පාලකයින්ගේ පැත්තෙන් නොව ජනතාවගේ පැත්තෙන් බලා තීන්දුවක් දුන්නේයේ. එනම් සිසුන් කිසිවෙකුටත්  අසාධාරණයක් නොවන පරිදි සාමාන්‍ය ප්‍රමාණයට වඩා 5609ක් දෙනා සරසවි වලට බඳවා ගන්නා ලෙසට නියෝග කළාය.මේ තීන්දුව නිසාත් තවත් බොහෝ දේ නිසාත් කාලයක් තමන් සමග එක පතේ කුඩු කෑ ඇය සමග වෛර බැඳ ගත්  පාලක රෙජිමය අවසානයේ අග විනිසුරුවරියව තනතුරෙන් පහ කර දැමුවේය.

එපමණකින් සෑහීමකට පත් නොවුනු පාලකයින් ඇය තමන් සමග ගැ‍ටුම් ඇති කරගෙන සිටි අවසන් කාලයේ දුන් අධිකරණ තීන්දුද ආපසු හැරවීමට තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

එය පටන් ගන්නට හදන්නේ උසස් පෙල ඉසැඩ් ලකුණු පිලිබඳ තීන්දුවෙන්ය.

අධිකරණ තීන්දුවෙන් වැඩි කල සිසුන් සරසවි වලට ගැනීමට ඉඩකඩ නැති බවට පාලකයින් විසින්ම  උපකුලපතින් ලෙස පත් කර ඇති කොන්ද පණ නැති නිවටයින් හරහා  ප්‍රකාශ කරවාගෙන , එම අධිකරණ තීන්දුව ආපසු හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසමක් ගොනු කර තිබේ. එම මෝසම විභාග කිරීමට මෝහාන් පීරිස්ම ඉදිරිපත් වී තිබේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේය. ( මෝහාන් පීරිස්ට එරෙහිව ඉදිරිපත් කර ඇති නඩුවක් තමන්ම විභාග කිරීමට ඔහු තීරණය කර ඇති නිසා මේක මොන  කජ්ජක්දැයි අපිට සිතේ.)

පසුගිය කාලය පුරාවට කිසි හිරිකිතයක් නැතිව තමන්ට කඩේ ගිය මහාචාර්ය සමරනායක ඉවත් කර ඊටත් වඩා විශ්වාසි හිරිඹුරේගෙදර ප්‍රතිපාදන කොමිසමේ සභාපති කමට පත් කරගත්තේ  මෙවැනි වැඩ ඉතා පහසුවෙන්  කරගැනීමටය.

වෙන්නට යන දෙය පැහැදිලිය. සිසුන් 5609 ක දෙනාගේ අනාගතයට වින කෙටීමට පාලක රෙජිමයත් , අධිකරණයත් , ප්‍රතිපාදන කොමිසමත් , කොන්ද පණ නැති සරසවි පරිපාලනයත් අත් වැල් බැඳගෙන සිටී. ඔවුන් ගැන කතා කිරීමට කිසිවෙක් නැති බවක්ද පෙනෙන්නට තිබේ. යන්නට උසවියකුත් නැත. ඔවුන්ට කළ හැකි එකම දෙය වන්නේ පොල් ගැසීම පමණි.

සටහන- මේ සිසුන් 5609 දෙනා අතර පසු ගියදා මහපාරේ කිරිබත් කෑ එකෙකුගේවත් දරුවන් සිටිනවාදැයි දැන ගන්නට ඇත්නම් ....






2 comments:

  1. අගවිනිසුරුවරිය එලවන්න ප්‍රධාන හේතුව උනේ දිවි නැගුමට වඩා ඔය කාරණය....

    ReplyDelete
  2. ඔන්න මෙදා නම් ප්‍රශ්න නැහැ හොඳම ප්‍රතිපලය හම්බන්තොටින්.ඉස්සර වගේ නෙවේ දැන් ගමටත් ටින්කිරි ලැබිලා.

    ReplyDelete