Tuesday, February 12, 2013

වැල්ලවායේ වීර ගවයා



මිනිසුන්ගේ ආහාර රුචිය ඔවුන් මෙන්ම විවිධාකාරය.මිනිසුන් විවිධකාර  ආහාර ගන්නේ ඒවායින් ලැබෙන  ගුණය  නිසාම නොව විවිධත්වයටද කැමැති නිසාය.

හුදෙක්  ඒවායෙන් ලැබෙන ගුණයම පමණක් සලකන්නේ නම් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, කැල්සියම්, ඛණිජ ලවණ ආදිය පෙති වශයෙන් ආහාරයට ගත හැකිය.

නමුත්  මිනිසුන් විවිධත්වයට කැමති නිසා නොයෙක් වර්ගයේ මස් මාලුද , එලවලුද ,පලතුරුද කොල වර්ගද නොයෙක් ආකරයෙන් පිස ආහරයට ගනිති.

එසේම වෙනස් සංස්කෘතීන්ට අයත් මිනිසුන්ගේ ආහාර පුරුදු වෙනස්ය.

ලංකාව වැනි බහු වාර්ගික රටක මෙය ඉතාමත් සංවේදි කාරණයකි.

අපි අනිත් ජාතින්ගේ ආහාර පුරුදු වලට ගරු කළ යුතුය.

බෞද්ධයන් හරක් මස් නොකනවා යැයි කියමින් එසේ කිරීමට ආනෛත් ජාතින්ට බල කිරීම සුදුසු නැත.

එසේම මුස්ලිමුන් ඌරු මස් නොකන බැවින් අන් අය එසේ නොකර සිටීම අවශ්‍ය නැත.

එහෙත් මෙවැනි වෙනස් කම් ගැන තුට්‍ටුවකට මායිම් නොකළ ප්‍රාදේශීය දේශපාලුවෙක් වැල්ලවායේ හරක් මස් කඩ වසා දමා තිබේ. ඒ ඔහුගේ ධන බලය උපයෝගී කරගෙන හරක් මස් කඩ ටෙන්ඩරය වැඩි මිලකට ගෙන එය වසා දමමිනි.

ඔහුගේ අවශ්‍යතාව වැල්ලවාය හරක් මසින් තොර නගරයක් කිරීමලු.

හරක් මසින් තොර නගරයක් වුවත් මේ තුමා වැන්න වුන්ට චන්දය දෙන ජනතාවක් සිටින නිසා පෙනී යන්නේ හරකුන්ගෙන් නම් පිරී තිබෙන නගරයක් බවයි.

එසේම මෙවැනි ක්‍රියා මහත් වීරකම් සේ සලකා අත් පොලසන් දෙන උන්ටනම් දැන් කිසි බියක් සැකක් නැතිව වැල්ලවායේ පදිංචියට යත හැකිය.

මක් නිසාද යත් එහි හරකුන් මරන්නේ නැති නිසාය.

එහෙත් ඊට ප්‍රථම වැල්ලවාය සිට  හොර හරකුන් පැටවීම තවමත් සිදු වන්නේ දැයි ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් අසා දැන ගැනීම ඇඟට හොඳය. වැල්ලවාය පැත්තේ දේශපාලුවෙක් හොර හරක් පැටවීම ජයටම කරන බව කලකට පෙර උන්වහන්සේ චෝදනා කල සේක.

සටහන -මේතුමා හරක් මස් මෙන්ම සිගරට් ද වැල්ලවාය නගරය තුල තහනම් කර ඇතැයි කියවේ.මොලේ කලඳක් හෝ ඇත්නම් මෙම ක්‍රියාව නිසා සිදු වන්නේ කලු කඩ වර්ධනය වීම බව තේරුම් ගැනීමට හැකි විය යුතුය. හරක් මසට මෙන්ම සිගරට් වලටත් විරුද්ධ නම් කල යුත්තේ ඒ ගැන ජනතාවට අධ්‍යාපනයක් ලබා දී ඔවුන් ඒවායෙන් ඇත් කිරීම මිස මෙසේ බලහත්කාරය යෙදවීම නොවේ.

9 comments:

  1. //හරක් මසට මෙන්ම සිගරට් වලටත් විරුද්ධ නම් කල යුත්තේ ඒ ගැන ජනතාවට අධ්‍යාපනයක් ලබා දී ඔවුන් ඒවායෙන් ඇත් කිරීම මිස මෙසේ බලහත්කාරය යෙදවීම නොවේ.//


    +++++++++++++++

    ReplyDelete
  2. කවුද අප්පා මේ වීර ගවයා???

    ReplyDelete
  3. කැළණියේ මස් විකිණීමට නොදෙන බව කී මර්වින් සිල්වාගේ කතාවත් අපූරුයි නේ....?
    මස් ටෙන්ඩරය තම හිතවතාට නොලැබෙන විට....

    ReplyDelete
  4. මේ ජාතියේ කතාවලින් තියෙන අපූරුම එක තමා අරක්කු කොම්පැනි එක්ක හවුල් වෙලා රා තැබෑරුම් වහන්න අමද්‍යප ව්‍යාපාරයක් අරන් ගිය ආර්. ප්‍රේමදාසගේ වැඩේ.

    ReplyDelete
  5. සම හරක් දේශපාලුවෝ ඉන්නවා. රාවය පත්තරේ ජනරළ පත්තරේ එහෙම ඔක්කෝම් අටික සල්ලි දීලා අරගන්නවා. එදාට පත්තරේ නෑ කියන නිව්ස් එකට නොකියවන එකාත් නිව්ස් එක හොයාගන්නවා. සම හරක් ඉන්නවා තමන්ගේ මස් අනුන් කනවට කමැති අය. මේ එහෙම හරකෙක් වෙන්න ඇති. මුන් වීරයෝ කරණ ජඩමාද්දියවේදින් එක්ක හවහට බෝතලයක් එහෙම ගහලා ෆ්‍රයිඩ් බීෆ් කාලා රෙස්ට් එකේ කෑල්ලක් උස්සගෙන කොහේ හරි යන්නෙත් මුන්ම තමයි.

    ReplyDelete
  6. දැන් වැල්ලවාය හරි ශෝක් වෙයි..
    ජනයා ආගමට ලැදි වෙයි,
    ගුණ සුවඳින් ඉතිරි යයි ..
    ( අනේ මගේ (#)ක(# )

    ReplyDelete
  7. මට දුක වැල්ලවායේ ඉන්න හැබෑ කොල්ලෝ ගැන. හවසට අඩියක් ගහලා මස් කෑල්ලක් කාල ඉන්න නෑනේ උන්ට. ෂිහ් අප්පා.

    ReplyDelete
  8. ෆුඩ් සිටිවලයි කඩවලයි මස් නැද්ද....?

    ReplyDelete