Saturday, February 23, 2013

සුරංගනීට බල මාලු ගෙනාවා


සුරාංගනී, සුරාංගනී
සුරංගනීට බල  මාලු ගෙනාවා
ජපන්නු කන මාලු ,දේශප්‍රේමි මාලු
සුරංගනීට බල  මාලු ගෙනාවා


මාලු මාලු මාලු
මූ දැන් ගෙනාපු මාලු
මොලේ වැඩෙන මාලු ,දේශප්‍රේමි මාලු
සුරංගනීට බල  මාලු ගෙනාවා

කන්නකෝ බල මාලු
මොලේ වැඩෙයි යාලු
පරිස්සමෙන් ඉඳගන්නේ
මොලේ තැලෙයි  යාලු

ලැජ්ජ නැද්ද මේ බයිලා කියන්නේ, ලොක්ක අරහේ බලා ඉන්නවා
ඔයා දුමක් අදිනවා ඔයාගෙ ඇස් රතු වෙනවා, බලන් ඉන්න මටත් වදිනවා

6 comments:

  1. අර මොලේ නං ඇත්තටම නිකං කුඩා බඩවැල් පොදියක් වගේ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලේබල් කරලා තියෙන්නේ

      Delete
  2. කොහොමත් බල මාළු අහුවෙන පැත්තෙ උන්ගේ කටක් තමා මූටනම් තියෙන්නේ... අනේ ඒ පැත්තෙ උන් මාත් එක්ක අමනාප වෙනවා එහෙම නෙමෙයි ඕන්...

    ReplyDelete
  3. සුරංගනී නැතිව ශෂී කියල වෙනස් උනානම් හරි.ජප්පෝ බලමාලු නෙමයි කන්නෙ.ඉහලම තත්වයේ නිල්/කහ වරල් සහිත තඩි ලොකු කෙලවල්ලො.මුහුද මැදදී ට්‍රෝලර් යාත්‍රා මගින් අල්ලාගන්නා කෙලවල්ලන් පණපිටින් සිටියදීම කරමල්,බොකු බඩවැල් ඇදල දානව මුහුදට,එවෙලෙම මුහුදු වතුරෙන් සෝදා චිල් වතුර ටැංකියෙ බහා තබා විනාඩි කීපයකින් අධි ශීතකරණයේ සමාදානයේ සතපල තමයි කෑමට ගන්නෙ.ෆිෂ් මාර කැට්ටුවට බඩු ගොඩ දැම්මම දිග කියත් වලින් තමයි කුට්ටි කරන්නෙ.තව ලියනවනම් ගොඩයි.......................මේවා ඇසින් දැකල,දිවෙන් රසවිදලා දත් වලින් හපල සකේ සමග බොක්කට ආතල් දීලා තියෙන හින්දයි ලිව්වෙ.

    ReplyDelete
  4. උඩ තියන රූපේ ටිකක් වෙනස් වෙන්න ඕනේ කලාමැදිරියා. W.W ගේ තට්ටම තැලුණු ගමන් (ආ ... වැරදුනා, මොලේ, මොලේ තැලුණු ගමන්) නියුරෝන වල සංඥාව යන්න ඕනේ කටට නේද? ජවිපෙ ඉන්න කොට ඔය සඥාව හදවත හරහා ගියනිසා මෙච්චරම ගුජුප්සාවක් නැ. දැන්නම් මේ නාඩගම් බලන කොට වමනෙට එනඑක නවත්තන්න හරිම අමාරුයි.
    (හාස්‍යට මේ කොමෙන්ට් එක ලියුවත් විමල් යනු අතිශය ඉහල විභාවයකින් යුත් මිනිසෙක් බව කිසිලෙසකින්වත් ඉවතලිය නොහැක)

    ReplyDelete
  5. මාත්‍රා ගැලපුනා නම් ලස්සන වෙන්න තිබ්බා.

    ReplyDelete