Tuesday, February 26, 2013

අනේ බේබි මේ බලන්නකෝ



හයේ හතේ  පංතිවල ඉන්න කාලේ අපේ පංතියේ චණ්ඩියා ගාමිණි. එයා පංතියේ ලමයි හැමෝම බය කර ගෙන හිටියේ. ගාමිණිට විරුද්ධව කටක් අරින්නත් බයයි. ගහනවා. පංතියේ හිටි තව හත් අට දෙනෙකුත් මිනිහට සෙට් වෙලා කේලම් කිය කියා හිටියා.

දවසක් මොකක්දෝ සිද්ධියකට කණාමැදිරියා ගාමිණි එක්ක පැටලුනා. කතාව ටිකක් තදින් ගිහින් ගාමිණි කණාමැදිරියාට පාරක් ගැහුවා.

කණාමැදිරියා අතක් දාලා ඒ පාර වලක්වා ගත්තා.

මේක දැකපු ගාමිණිගේ චක්ගෝලයෙක් කෑ ගහනවා

" අඩෝ මේන් බලාපල්ලා, මේකා ගාමිණි ගහන පාරවල් කවර් කරනවා , මූ පොරක් වෙන්න හදනවා " කියලා.

ඒ කියන්නේ අපිට ගාමිණි ගහන පාරක් කවර් කරන්නවත් නිදහසක් නෑ.

මට මේ කතාව ආයෙමත් මතක් වුනේ විප්ලවේ කොරන්ට ගිහින් සීගිරිත් යන්ට බැරි වුණු, හිටපු විප්ලවකාරයෙක් හා ලංකාවේ ඉන්න නොම්මර එකේ අධිරාජ්‍ය වාදි විරෝධීයා වන ඇමති විමල් වීරවංශගේ වෙබ් අඩවියේ දාල තිබුණු පහත ප්‍රවෘත්තිය දැකලා.


නාමල් රාජපක්‍ෂගේ සංවර්ධන යෝජනාත් PB කපා හරී



මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සංවර්ධන යෝජනා බොහෝ ප‍්‍රමාණයක් කපා හැර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්දයෙන් වූ ලිපි ගොනු පවා මුදල් අමාත්‍යංශයෙන් අතුරුදහන්ව ඇතැයිද දැනගන්නට ඇත.

මේ අතර පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සිදුකල සංචාරයේදී එහි  මන්ත‍්‍රීවරුන් පැමිණිලි කර ඇත්තේ අනුමත වී තිබු ව්‍යාපෘති පවා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් කපා හැර ඇති බවයි.

මේ ප්‍රවෘත්තියෙන් අපිට මොකක්ද කියන්නේ .

මේ හිටපු විප්ලවාදියා නාමල් බේබිට කියනවා " අනේ බේබි බලන්නකෝ මේ ජයසුන්දර කොච්චර නරක මිනිහෙක්ද කියලා , එයා ඔයාගේ යෝජනාත් කපල දාලානේ. හරිම නරකයි මෙයා. අපි මොනවා හරි කරමුකෝ බේබි මේ මිනිහාට. ඔයාගේ තාත්තිට කියලා මොනවා හරි කරන්නකෝ බේබි."

කාලයක් ලාංකීයේ විප්ලවේ පෙර ගමන් කාරයෙක් විදියට පෙන්වපු මිනිහෙක් ඔන්න අද වැටිලා ඉන්න තත්වේ.









12 comments:

  1. එක කාලෙක වීරයින්ට පසු කාලෙක වෙන්නේ මොකද කියල දන්නවද?

    http://kathandara.blogspot.com.au/2009/11/blog-post_06.html

    මට මගේ ඒ අත්දැකීම මකත්වෙන වාරයක් පාසා පුදුම ජොලියක් දැනෙන්නේ!

    ReplyDelete
    Replies
    1. අම්මපා ,මටත් මහ කාලකන්නි සතුටක් තමා දැනෙන්නේ

      Delete
  2. දැන් තේරෙනවා නේ මූ නෙමේ කෑ ගහන්නේ කියලා. විමල් මැරිලා ගොඩක් කල්. දැන් ඉන්නේ විමල් වගේ රෝබෝ කෙනෙක්. ඔය යන්නෙ වෙන අයගේ ඩයලොග්...

    ReplyDelete
    Replies
    1. මැරිලා නෙවේ. ඌ කලින් පෙන්නගෙන හිටපු තාලෙ එකෙක් ඉපදිලා ඉඳලා නෑ.

      Delete
  3. දෑත් ශක්තිමත් කිරීම.
    විමල් ට පමණක් නොව, මඩටට වැටුණ පසු සියලු දෙනාටම සිදුවනුයේ ඒ දේමයි. ඔවුන්ට ඇත්තේ පිටපත අනුව රඟ දැක්වීම පමණී.

    ReplyDelete
    Replies
    1. නමුත් මේ තරම් පහතට වැටෙන්න පුලුවන්ද මිනිහෙකුට?

      Delete
  4. සිද්ධි දෙක මාර විදියට සමානයි. ගැලපෙනව.

    ReplyDelete
  5. බේබි මොනවා හරි කරයිද ? අතුරුදහන් කරාවිද
    නැත්නම් සෙල්ලන් පිස්තොලෙන් වැඩ කෑල්ලක් දාවිද ?

    ReplyDelete
    Replies
    1. ජයසුන්දර ලොක්කගේ පිං පිරිහිලා . චුත වෙන්න කාලේ හරි වගේ.

      Delete
  6. ඔක්කොම තියරි, ටෝක්ස්, දේශප්‍රේමය, රතු ශර්ට්, දියවන්නා හොර ගුහාවට පය තියා ගන්නකං විතරයි, ඔය තනි පුද්ගල පක්ශ නායකයනට වෙන ඉරණම තමයි, වාසු, දිනේශ්,...

    ReplyDelete
  7. මොනවා කරන්ටද මචන්..සුන්දර රටක කාලකන්නි දේශපාලුවෝ දේශය කාලකන්නි කරනකොට රටේ ජනතාව ඉබේම කාලකන්නි වෙනවා..මෙහෙව් රටක උපදුන එක ගැන කාලකන්නි කම මිසක් අපිට වෙන කිසිම දෙයක් උරුම නැහැ..කරුමය හැර..

    ReplyDelete