Thursday, February 28, 2013

සතුරන් සෙවීම



අප වි‍රැකියාවෙන් හා කුසගින්නෙන් පීඩාවට පත්ව හඬමින් සිටින විට ඔවුන් අපට කිව්වේ " පොඩ්ඩක් ඉවසන්න, මේ සියල්ලටම මුල ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියා හා ඔහුගේ ත්‍රස්තවාදය බවත්ය. එම ත්‍රස්තවාද අතුගා දමන තෙක් පටි තද කරගෙන සිටින්නට යැයි  ඔව්හු  අපට කීහ.

අපද කිසි පැකිලීමකින් තොරව පටි තද කරගෙන කුසගින්න ඉවසගෙන,දෙමල ජනයා පාගා දමනතෙක් සිටියේ අපේ ප්‍රශ්න එයින් කෙලවර වේ යැයි සිතාය.

එහෙත් එයින් අපේ කුසගින්න නිමුනේ නැත.

දැන් ඔවුන් අපිට කියමින් සිටින්නේ අපේ සියලු  ප්‍රශ්නවලට මුල මුස්ලිම් ජනයා හා ඔවුන්ගේ හලාල් සහතිකය බවයි.

ඉතින් අපි මුස්ලිම් ජනයාට විරුද්ධව අවි අමෝරාගෙන සිටින්නෙමු.හලාල් සහතිකය අහෝසි කලහොත් අපේ සියලු ප්‍රශ්න විස‍ඳෙනු ඇතැයි සිතීමට අපට උගන්වා ඇත.

පෙර පරිදිම ලේ ගංගා මතින් හෝ මුස්ලිමුන් සමග ගනුදෙනු බේරා ගත් පසු ඊ ලඟට අපේ අනිකා වන්නේ කවුරුන්ද?

ක්‍රිස්තියානින් , බර්ගරයන්, උඩරට  උන් , පහතරට උන්, ගොවිගමයන්, කරාවේ උන්,මහල්ලන්, තරුණයන්, සමලිංගිකයන් , ......................

අපේ සතුරා ලෙස  ඊ ලඟට කවුරුන් ‍තෝරා ගනිත්දැයි කවුරුන් දනිත්ද?

කවුරුන් ‍තෝරා ගත්තත් උන් හා සටන් වදින්නට අපේ දේශප්‍රේමි ජන කැල සූදානම්  බවට සැකයක් නැත.



6 comments:

  1. ඇත්ත . අපේ සැබෑ සතුරා කවුද කියලා අඳුනාගැනීම තමා වැදගත්

    ReplyDelete
  2. ඒක හරි. අපිට ඕනෑ ලිඳ තියෙන තැන කියන්න විතරයි. අපි ලිඳට ගිහින් ඇදගෙනම නාගන්නවා

    ReplyDelete
  3. නියපොත්තෙන් කඩන්න පුළුවන් ඒවා පොරොවෙන් කපන්න තියන්න නරකයි. සුද්දගෙ කාළේ ඉඳන් පනහට පනහා ඉල්ලලා අන්තීමට ගියපු තැන දැක්කනේ. සිංලද මුස්ලිම්ද, බෞද්ධද (ජෙප්පො 99% බෞද්ධා ක්‍රිස්තියානිද, ගියිගමද කරාවෙද කියන් එක නෙම්යි ප්‍රශ්ණේ. ඇණයක් නම් ගලවලා දාන්න ඕන.. මගේ මතය නම් ඒකයි.. බොදු බල සේනාවේ හෝ සිහල උරුමයේ ක්‍රියාකාරකම් ගැන විවේචන් තිබුනද. ඔවුන් මේ කරණුයේ යුග මෙහෙවරකි.

    ReplyDelete
    Replies
    1. බොදු බල සේනාව හා සිහල උරුමය කරන යුග මෙහෙවර වන්නේ නැවත වතාවක් ලේ වැකි යුද්දයක් ඇරඹීමට අවශ්‍ය පසුබිම හැදීමයි.එය ඔබට නොතේරීම කනගා‍ටුවට කරුනකි.

      Delete
    2. ඒක මම පිළිගන්නවා සහෝ.. නමුත් තලෙයිබාන්කරණයටද තිත තැබිය යුතුමය..

      Delete
  4. අපට තව හතුරෝ මවා පෙන්නාවි. අලි-මිනිස් ගැටුම, වඳුරු උවදුරු කාලයේ හැටියට කුමන හෝ උවඳුරක් මවා පෙන්වා එය තම දේශපාලන ගමනට ආශිර්වාදයක් කර ගනීවී.

    ReplyDelete