Friday, February 15, 2013

සහයට ඩැනී



ශ්‍රී ලංකා  රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපති හා රජය සතු ලිට්‍රෝ ගෑස් සමාගමේ හා සිනෝලංකා හොටෙල් සමාගමේ සභාපති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිනි සෙනරත් මහතා මහජන බැංකුවේද නව සභාපති දූරයට පත් වීම ගැන අපේ හද පිරි සතුට මෙයින් පල කර සිටිමු.

අර විමල් වීරවංශ ඇමති තුමා කියන ආර්ථික ඝාතකයින් දා ගෙන කෑ ගහනවාට වඩා මේ වැඩේ ඉතා හොඳය.

ලංකා බැංකුව, විදුලි බල මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ලක් පොහොර සංස්ථාව, ඛණිජ වැලි සංස්ථාව යන ආයතන වලත් ඒ හැර තව ආයතන තිබේ නම් ඒවායෙත් සභාපති කම එතුමාම පත් කල යුතු යැයි අප යෝජනා කර සිටිමු.එවිට රටේ වියදමින් 80%  පාලනය කරන අයගේ සහයට ඩැනී මෙන් එතුමාට සිටිය හැක.
ඩැනී ලා සිටින්නේ ඒ වැඩේටය. එනම් ඒ ඒ වැඩ වලදී සහය වීමටය. සෙනරත් මැති තුමා ඒ වැඩේ ඉස්තරම් ලෙස කරන බවට හොඳම සහතිකය වන්නේ මේ නව තනතුරයි.



2 comments:

  1. මල්ලිලාට වඩා යාලුවා විශ්වාස ඇති...

    ReplyDelete
  2. ඒකාධිපති ගමනේ තවත් පියවරක්....
    කලින් හිටපු සභාපති වාගේ පුද්ගලයින් එතුමන්ලාට සහායට ඉතිරිව නැතිව ඇති. (හිටියත් ගනීයෑ) දැන් ඉතිරිව ඇත්තේ රොඩු තමා. හැබැයි රොඩු විදිහට පෙනෙන්නේ අපිටනේ.... එයාලාට මසුරන් වටින මසුරන් ගරන කෙනක් වෙයි.

    ReplyDelete