Saturday, May 11, 2013

ක‍ටුනායක වසා මත්තල ඇරියා වගේ



මත්තල රාජපක්ෂ ගුවන් තොටට ගුවන් යානා එන්නේම නැත. ආවත් නගින්ට හෝ බහින්ට මගීන් නැත. මෙතුවක් කල් මත්තලට ආපු එයාර් ඇරබියා සේවයද නවතා දමා ඇත්තේ මගීන් නැති නිසාය.

නගින්ට බහින්ට එක මගියෙක්වත් නැතිව ක‍ටුනායක ඉඳලා අමතර ඉන්ධන ලීටර් දහස් ගානක් වියදම් කරගෙන පැය දෙක තුනක රස්තියාදුවක් වෙන්නට කැමති මෝඩයෛන් ඒ සමාගම් වල  නැතුවා වෙන්ට ඇතිය. ඒ මදිවාට කුරුල්ලෝ හප්පාගෙන කෙලවාගන්ටත් වෙනවාය. ඉතින් මොන මගුලකටද මත්තල එන්නේ කියා ඒ ඇත්තන්ට හිතුනා වෙන්ට ඇතිය.  හැබැයි අපේ වීරවංශ මැතිඳු නම් මත්තලට යාන නො එන එක ජාතියන්තර කුමන්ත්‍රණයක් කියලා කියන්ටත් බැරි කමක් නැත.

කොහොමින්  කොහොමින් හරි අන්තිමට උනේ චීනාගෙන් කෝටි දහස් ගානක් ණය අරගෙන හදපු මත්තල රාජපක්ෂ ජාතියන්තර ගුවන් තොට සුදු අලියෙක් වුනු එකය. හම්බන්තොට රාජපක්ෂ වරාය වගේ සුදු අලියෙක්ය.

මේ හතර විලි ලැජ්ජාවෙන් ගැලවෙන්ට දැන් අලුත් උපක්‍රමයක් හොයා ගෙන තිබේ.  එනම් ක‍ටුනායක ගුවන්තොට දවසට පැය 8ක් වසා දැමීමය. එතකොට ඒ වෙලාවට ලංකාවට එන ගුවන් යානා ඔක්කෝටම මත්තල ගොහින් ගුවන් හමුදා ආචාර වෙඩි මුර මැද්දේ ගොඩ බාන්ට වෙනවාය.කුරුල්ලොන්ගෙන්  බේරිලා කොහොම හරි ලෑන්ඩ් කරගත්තොත් අලි කැලේ සෆාරියකුත් දාගෙනම ගෙවල් වලට යන්ට කට්ටියට ඇහැකිය.

මේ වගේ වැඩ වලට ඉස්සර නම් කිව්වේ අ‍ටුව කඩා පු‍ටුව හැදුවා වගේ කියලාය.

දැන් "  ක‍ටුනායක වසා මත්තල ඇරියා වගේ " කියලා කියන්ට හැකිය.

13 comments:

  1. උඹේ බ්ලොගේ ගැන ඊට වඩා හොඳ උපමාවක් කියන්න පුලුවන්

    " කක්කුස්සි කඩා ගූ කෑවා වගේ"

    ReplyDelete
    Replies
    1. උඹේ කොමෙන්ට් එක ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා

      Delete
    2. @AnonymousMay 10, 2013 at 6:42 PM.
      උඹ සිංහල ෆේල් නේද, උඹේ උපමාව උබකියන්න යනදේට ගැලපෙන්නේනෑනේ.

      Delete
  2. රටක දියුණුවක් දකින්න අකමැති කුම්මැහියෙක් උඹනං. ඔය පාට කණ්නඩි ගලවපං...

    ReplyDelete
    Replies
    1. @AnonymousMay 10, 2013 at 6:51 PM
      උඹ මහින්දගේ වැසිකිළියෙන් එලියට වරෙන්, මහින්දහේ ගු ගදට උබේ මොලේ අවුල්වෙලා තියෙන්නේ. පස්සේ බලපන් ලෝකේ මොන පාටද කියල.

      Delete
  3. මේ ආන්ඩුව කරන්නේ ඔක්කෝම ඒ වගේ වැඩ තමා. ආයෝජකයෙක් එන්නේ නෑ. ඇයි කොමිස් ගෙවලා ඉවරයක් නෑනේ. අනික ළොකේ විදුලි බිල වැඩිම රට... (ආදායම අනුව.)

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව නෙවෙයි මේවා කෙලින්ම උඹේ "ලොක්කගෙම " වැඩ තමා , ලොක්කා හොඳයි අනික් උන් නරකයි තියරිය එහෙම මෙතනට ගැලපෙන්නේ නැ

      Delete
    2. @ buwa
      hats off!

      Delete
  4. මුන් ටික තොලෙන්ච්ච් වෙන දාට තොලෙන්ච්ච් වෙන්නේ අහිංසක මිනිස්සුන්වත් වල පල්ලට ඇරලා.ඇත්තමයි මහින්දයෝ පලයන්කෝ දැන් වත් ....... ....... .......... ........... .......

    ReplyDelete
  5. ඕක වෙනස් වෙන්න ඕන මෙහෙම

    "මත්තල ඇරලා කටුනායකට ඇරියා වගේ "

    ReplyDelete