Friday, May 17, 2013

කන්‍යාරත්නලාගේ පතිවෘත්තාව

image from rasmusaa.wordpress.com


ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති කන්‍යාරත්න කරුණාරත්න විසින් එහි කථිකාචාර්යවරයෙක් වන අනුරුද්ධ ප්‍රදීප්ගේ සේවය අවසන් කර තිබේ . හේතුව ඔහු තම පශ්චාත් උපාධි සුදුසුකම් නියමිත කාලය වන වසර අටකින් ලබා නොගැනීමයි. මෙහි විහිලුව වන්නේ තම සරසවියේ සිසුවියන්ගේ කන්‍යා බාවය පරික්ෂා කිරීම සඳහා ඔවුන් අල්ලා රෝහල් වලට පටවන මේ කන්‍යාරත්න උපකුලපතිවරයා තම සුදුසුකම් සපුරා තිබෙන්න වසර පහලොවකින් වීමයි.

විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය කියන්නේ මෙම සේවය අත් හි‍ටුවීම දේශපාලන පලි ගැනීමක් බවයි.එය එසේ නම් බරපතල තත්වයකි. යමෙකුගේ දේශපාලන අයිතිය  බලහත්කාරයෙන් මැඩලීම වැරදිය.

අනුරුද්ධ ප්‍රදීප් යනු හෙල උරුමයේ දේශපාලන න්‍යායචාර්යවරයාය. එය උග්‍ර වර්ගවාදි ජාතිවාදි සංවිධානයකි. එහෙත් එම දේශපාලනයේ යෙදීමට ප්‍රදීප්ට වුවමනා නම් ඔහුට ඒ සඳහා අයිතිය තිබිය යුතුය. හෙල උරුමයේ දේශපාලනය අප පිලි නොගත්තත් එහි යෙදීමට ප්‍රදීප්ට ඇති අයිතිය අපි පිලිගනිමු. එසේම එවන් දේශපාලනයක ඔහු යෙදීම ගැන අපි කණගා‍ටු වෙමු.

නමුත් මේ ඊනියා  හෙල උරුමය රට කරවන  පාලක සංධානයේ ප්‍රබල සාමාජිකයෙකි. එසේ නම් එම ආණ්ඩුවටම කඩේ යන කන්‍යාරත්න උපකුලපතියා ප්‍රදීප් ගෙන් පලි ගන්නේ  ඇයි.නිසැකවම ප්‍රදීප්ගේ හෙල උරුම  දේශපාලනය නිසා නම් නොවේ.

ඔවුන් ප්‍රදීප්ට පහර දෙන්නේ  ප්‍රදීප් නිදහස් අධ්‍යාපනය ගැන රටේ පාලකයින් දරණ මතයට එරෙහි ප්‍රබල ප්‍රකාශකයෙක් නිසාය. ඔහු අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ප්‍රබල හා තාර්කික හඬක් නගන නිසාය.  ඒ නිසාම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම තම එකම අරමුණ කරගෙන සිටින උසස් අධ්‍යාපන ඇමතිවරයා හා ඔහුගේ මේසපල්ලෙන් වැටෙන ක‍ටු කන කන්‍යාරත්න බඳු නිව‍ටුන්ගේ වෛරයට බඳුන් වී සිටින නිසාය.

එම නිසාම අපි මේ එස්.බී /කන්‍යාරත්න හවුලේ දේශපාලන පලි ගැනීම පිලිකුල් සහගත  ලෙස හෙලා දකිමු.

6 comments:

  1. ගූ ගොඩේ ඉන්නකන් නිල මැස්සත් පොරක්...

    ReplyDelete
  2. කාට උවත් තමන්ගේ මතය දරන්න නිදහස් අයිතියක් තිබිය යුතුයි.
    අවසානවට රටේ දැන් නැත්තෙත් එකම තමයි.
    පාලකයන්ගේ මතය කුමක් උවත් ඒය පිළිගන්න උන් දේශප්‍රේමින්,අනික් උන් දුටු තැන පහර දිය යුතු දේශද්‍රෝහින්...ඒ තමයි ආණ්ඩුවේ න්‍යය..

    ReplyDelete
  3. මොනවා වුනත් පස්තාච්චි කුපාඩි වැඩ ටික ඉවර කර ගන්නේ නැතුව යුනිවසිටියක ඇකඩමියා එකේ ඉන්න බෑ.

    දේශපාලනයේ නිරතවීම ඒ වෙනුවට ආදේශකල හැකි සුදුසුකමක් නොවෙයි! දේශපාලනය කියන්නේ කුපාඩි ඬැඩ විතරයි. පස්තාචචි නෑ!

    ReplyDelete
  4. අනුරුද්ධ එයාගේ පස්චාත් උපාධි නිබන්දනය වෙලාවට බාර දීල තියනවා. එත් පාලක මණ්ඩලයට ඉදිරිපත් කරලා තියන පේපර් එකේ දාල තියෙන්නේ වැරදි දිනයක්. එක මේ කුමන්ත්රනයේම කොටසක්. මිනිහ මාර්තු පළමු වෙනිදා තිසිස් එක දීල. අන්තිම දවස මාර්තු නවය. ඒ අනුව හරි දවසට දීලා. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ රිසල්ට්ස් එනකන් ටෙම්පරරි දාල රිසල්ට්ස් ආවයින් පස්සේ බැක් ඩේට් කරන එකයි. සුමනසිරි ලියනගේ, විජිත නානායක්කාර වගේ අයත් එහෙම ටෙම්පරරි වැටිලා ආපු අය. ඒ උනාට මෙතැනදී උප කුලපති කරලා තියෙන්නේ වැරදි දිනයක් ඒ කියන්නේ මාර්තු විස්ස කියලා පාලක මණ්ඩල පත්‍රිකාවට දාපු එකයි. එතකොට එක මත සේවය ඇත හිටවලා. ඒ මීටින් එකේදී උප කුලපති කතා කරලා තියෙන්නේ දිනය ගැන නෙමේ අනුරුද්ධ ගේ දේශපාලනය ගැන. ඒ කියන්නේ එස් බී එක්ක තිබුන වලිය ගැන. පස්සේ දිනය වැරදීම ගැන කතා කරන්න ගියහම උප කුලපති කියලා තියනවා දිනය මොක උනත් ඕකව එලවනවා කියල. දැන් උප කුලපති කියනවා එස් බී ලඟට ගිහින් ප්‍රශ්නේ විසඳගෙන එන්න කියල. මේක පුදුම රටක්. මොනවා උනත් මේක අනුරුද්ධලට හොඳ පාඩමක්. ඒ දවස් වල ආණ්ඩුවට කඩේ ගියාට

    ReplyDelete
  5. චම්පික රණවකයා ආණ්ඩුවේ නෙමෙයිද කොල්ලනේ. එහෙම නැත්නම් අනුරුද්ධ මාස්ටර් හක් ගෙඩිය අතඇරලද

    ReplyDelete