Wednesday, May 8, 2013

ආර්ථික ඝාතකයාගේ උප්පරවැට්ටි



මේ පහතින් තියෙන්නේ හිරු ,ලක්බිම වගේ පත්තරවල හිටපු විප්ලවකාරි මාක්ස්වාදි පත්තර කාරයෙක් හා ජනතා විමුක්ති පෙරමුනේ හිටපු විප්ලවකාරි නායකයෙක් වෙන දැන් වීරවංශ ඇමති තුමා පහු ගිය මැයි දිනේ කරපු කතාවෙන් කොටහක්. 

දැන් ලැබුණු ප‍්‍රවෘත්තියක් කියලා මම යළි අපේ කතාව කියන්නම්. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැලියේදී දැන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා, ‘ඒකක 60දක්වා කිසිදු විදියකින් විදුලි බිල වැඩි කරන්නේ නැහැ. ඒකක 180දක්වා පරිභෝජනය කරන අයටත් සැලකිය යුතු සහනයක් දෙනවා’ කියලා. එතුමාට අපේ ආචාරය, ගෞරවය මේ මැයි දින වේදිකාවේ සිට පුදකර සිටිනවා, අපේ මතය, ජනතා මතය පිළි අරගෙන ජයසුන්දර ආර්ථික ඝාතකයා හදපු විදුලි බිලේ පීඩාවෙන්, උගුලෙන් අපේ මහජනයා නිදහස් කර දීම සම්බන්ධයෙන්.


ඇත්තෙන්ම මේ විදියට, අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අයට වැඩියෙන් විදුලි බිල වැඩි වෙන්නත්, වැඩියෙන් විදුලිය පාවිච්චි කරන අයට අඩුවෙන් විදුලි බිල වැඩි වෙන්නත් මේ යෝජනාව හැදුණෙත් පී. බී. ජයසුන්දර අතින්. නමුත් මේකට සම්පූර්ණයෙන් වගකිව යුතු කෙනාගේ නම එජාපය කියන්නේ නැහැ. වෙනත් අයව පටලවනවා. ඒ ඇයි? මේ රටේ විදුලිය අඩුවෙන් පාවිච්චි කරන මිනිහගේ ඔලූවට හෙණ පතයක් යවපුවාම ආණ්ඩු විරෝධී බලවේග ශක්තිමත් වෙනවා. ජයසුන්දරලාට  ඕන විදුලි බිල නිකං වැඩි කරන්න නොවෙයි, අඩු ආදායම්ලාභීන්ට සහ පහළ මධ්‍යම පන්තියේ ජනතාව සහ ආණ්ඩුව සමග ඉන්න බලවේග ආණ්ඩුවට විරුද්ධව පාරට බස්සන්න.

ජනාධිපතිතුමා විදුලි බිල වැඩි කිරීම සංශෝධනය සඳහා පියවර ගත්තේ මේ ජයසුන්දරගේ උප්පරවැට්ටිය තේරුම් ගෙන. ඒ තීරණය එන්නේ මේ ආර්ථික ඝාතකයාගේ උප්පරවැට්ටිය තේරුම් ගැනීමත් සමග.


සටහන- ඈ යකෝ දැන් උඹ අපිට කියන්නේ පී.බී ජයසුන්දර කියන ආර්ථික ඝාතකයා කොරන එකම වැඩේ මේ ආණ්ඩුව ජහමනයාට එපා වෙන කුමණ්ත්‍රණ කර කර ඉන්න එක කියලද? විදුලි බිල ඌ වැඩි කොරේ ආණ්ඩුවේ කාගෙන්වත් අහන්නේ නැතිව, කාටවත් කියන්නේ නැතිව උගේ හිතුමනාපෙට කියලද? ඌ එහෙම කරන්නේ ජහමනයා ආණ්ඩුවට විරුද්දව පාරට බස්සන්න කියලද? උඹ අපිට කියන්නේ ජනාදිපතිතුමා මැයි දිනේ දීපු ඊනියා සහනේ දුන්නේ පී.බී ගේ කුමන්ත්‍රන දැන ගෙන ඒක පරද්දන්න කියලද?

ඇයි යකෝ උඹලාගේ ජනාධිපතිතුමාට කියපන්කෝ ඔය පී.බී වගේ ආර්තික ඝාතකයන්ගේ  කුමන්ත්‍රන පරද්දන්න කාලේ නාස්ති කොර කොර ඉන්නේ නැතිව එක පාරටම ඌව අස් කරලා දාන්න කියලා.එතකොට පුරස්නේ ඉවරනේ. උඹටත් ඇහැකිනේ පී.බී ජයසුන්දර එලවන කම් මාරන්තික උපවාසයක් කරන්න. එහෙම කලොත් මමත් එන්නම් උඹේ සපෝර්ට් එකට ලෙමන් පෆ් පැකට් එකකුත් අරගෙන


8 comments:

  1. ඒ ගමන්ම ඒ පෝස්ට් එකට හේමන්ත වර්ණකුලසූරියව යෝජනා කළොත් නරකද?

    ReplyDelete
  2. මිනිහා මැයි ‍රැළියෙදි කිව්වෙ මිනිහ ආණ්ඩුව අල්ලගෙන ඉන්නෙ බොහොම බුරුලට කියල මිනිහ ඉස්සරත් එහෙම තමයි. මාක්ස්වාදය අල්ලගෙන හිටියෙත් බොහොම බුරුලට, ජේවීපී එක අල්ලගෙන හිටියෙත් බොහොම බුරුලට, වයිපරේව උනත් අල්ලගෙන ඉන්නෙ බොහොම බුරුලට තමයි.

    ReplyDelete
  3. හෙක් හෙක් හෙක් ....

    ReplyDelete
  4. විමලෙටනම් Mr නැති දාකට දෙවියන්ගේ පිහිට තමයි .... ඒත් කියන්න බැහැ කඩේ යවන්න නියම කොල්ලා නිසා ඕනේ තැනක ඉල්ලුම නං තියේවි.

    ReplyDelete
    Replies
    1. නවතින්නේ අලි පාටියේ මොනවද කැට. සජිත්ටත් වඩා නව ලිබරල්වාදියෙක් තමයි වීරවංශ කියන්නේ... මේක මම බොහෝ කාළෙකට කලින් කියපු අනාවැකියක්. ඒ කියන්නේ ජේවීපී එකේ ඉන්න කාළේ..

      Delete
    2. @ මාතලන්
      +++++++++++++++++++++++++

      Delete
  5. මේ හැමෝම කරන්නෙ ඇස් බැන්දුම්... හෙට පී බී එක්ක විමල් එක මේසෙ වාඩි වෙලා කන්න බොන්න බැරි නැහැ...

    මේ හැමෝම කරන්නෙ ආණ්ඩුව වෙනුවෙන් මිනිස්සුන්ව ගොනාට අන්දන එක...

    ReplyDelete