Tuesday, June 18, 2013

බල්ලන් නොමරා සල්ලි හම්බ කිරීම


බල්ලන් ගැන කතිකාවක් බ්ලොග් අවකාශයේ ඇති වී තිබේ. ප්‍රකට බ්ලොග් කරුවන් දෙපොලක් වන W3 ලංකා ලියන අජිත් පැරකුම් හා මාතලන් දෙදෙනා පසුගියදා බල්ලන් ගැන හා උන්ගේ හපා කෑම් ගැනත් බල්ලන් මැරීම හා නොමැරීම ගැනත්  ලියා තිබෙනු දක්නට ලැබිණි.

මොවුන් දෙදෙනාගේ ම ලිපිවල එක් පොදු සාධකයක් තිබිණි. එනම් දඩාවතේ යන බල්ලන් මැරීම නැවතී ඇත්තේ බල්ලන් කෙරෙහි ආණ්ඩුව දක්වන වූ අනුකම්පාව නිසා බවයි.

"මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාට කිසිදු අනුකම්පාවක් නො දක්වන ලදමුත්, බල්ලන්ට නම් සෑහෙන අනුකම්පාවක් දක්වයි. බල්ලන් අල්ලා මරා දැමීම මේ වන විට ලංකාවේ සම්පූර්ණයෙන් ම නතර කර තිබේ. " - W3 Lanka

"අපේ රජතුමාත් බල්ලන්ට ආදරේ නිසා, බල්ලෝ මරණ එක නවත්තලා දැම්මේය. මේ කරුමේ නිසා දැන් පාරක යන්න බැරි ගානට, කකුල් හතරේ බල්ලොත් පාරේ පිරිලාය. උන් හපා කාලා මැරෙණ සෙට් එක, කකුල් දෙකේ උන්ගේ ගෙම් වල ගනනට වඩා, බොහෝ වැඩිය. ඉන්ජැක්සන් ගහන්න යන වියදමත් බොහෝ වැඩිය"- මාතලන්

නමුත් ඇත්ත නම් බල්ලන් මැරීම මෙන්ම උන්ව වඳ සැත්කම් වලට ලක් කිරීමත් නැවතී ඇත්තේ හුදු සත්ව කරුණාව නිසා නොවන බවයි.

මේ සඳහා බලපෑම් කරන්නේ ඖෂධ නිෂ්පාදන සමාගම්ය. එකක් රුපියල් තිස් දහසක් පමණ වන ජල භීතිකා එන්නත් අලෙවිය දිගටම ඉහල මට්ටමක තබා ගැනීමට නම් මේ අයාලේ යන බලු සංහතිය ඉතාමත් අත්‍යවශ්‍ය වේ.

ඖෂධ සමාගම් ඒ වෙනුවෙන් සත්ව අවිහිංසා සමිති වලටත් මාධ්‍ය වලටත් අත දිග හැර වියදම් කරයි.සමහර විට මේ ඊනියා අවිහිංසාවාදි සමිති මේ සමාගම්වලම නිර්මාණය. පසුගිය කාලයේ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වූ බල්ලන් වඳ සැත්කම් වලට ලක් කිරීමේ ක්‍රියාවලිය අඩපණ වීම පසුපස ද මේ සමාගම් සිටී.ජල භීතිකාවෙන් මිය යන ජනතාව ගැන වචනයක්වත් නොලියන , කතා නොකරන උන් බල්ලන මැරීම ගැන මහ හඬ නගන්නේ ඒ නිසාය.

මිනිසුන් කොතරම් මියගියත් මේ ඖෂධ සමාගම් වලට ඉන් කමක් නැත . උන්ට වැදගත් ලාභයම පමණි.





13 comments:

  1. අම්මපා හැබෑව.. අනිවාර්යයෙන් එහෙම ගේමක් වෙන්න ඇති. ඩෙංගු මරන්නේ නැත්තෙත් ඒකනේ.. මෙළෝ දෙයක් නොකරන හරකට සම්මාන හම්බ වෙන්නෙත් එහෙමම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇමතිට සම්මානයක් ලැබුණේ කොහොමද ? නියම ඇගයීමක් කරලද ? අපේ රටේ සෞක්‍ය ශේෂ්ත්රයේ සතුටු විය හැකි ප්‍රගතියක් දකින්න තියනවද? අඩු තරමේ ඩෙංගු වසන්ගතයවත් පාලනය කරන්න කටයුතු කලාද ?

      Delete
  2. දෙන්න ජොබ් එක ඩී අයි ජී කෙනෙකුට. බලු නැට්ටක්වත් ඉතුරු නොවේවි.

    ReplyDelete
    Replies
    1. DIG ලට එක මරනෙකට ලක්ෂ/කෝටි ගණන් දෙන්න එපෑය.
      බල්ලන්ට නම් කොහොමද දන්නෙ නැහැ.

      Delete
  3. මම සත්ව අවිහිංසාවාදී සංගමයක සාමාජිකයෙක් නොවෙමි. එහෙත් බල්ලන් පිලිබඳව යමක් ලිවිය යුතුය. නැත්නම් එය අසාධාරණයකි. මිනිසා වනාන්තරය අතහෑර දමා වනාන්තරයෙන් එලියට ආපසු වනාන්තරය අතහැර මිනිසා සමග ආ එකම සත්වයා බල්ලා පමණයි. අද බල්ලන් දඩාවතේ යන්නේ මිනිසා විසින් උන්ව කුරිරු ලෙස අත්හැර දමා ඇති බැවිනි. මිනිසාව විශ්වාස කර මිනිසා නම් සත්වයා සමග යන කාටත් අවසානයේ උරුම වන්නේ එයයි.

    ReplyDelete
  4. well u guys r jerks. rabies infected by cats and bats as welp so do u sugesst killin them as well. dogs are innicent animals who r tryin to jump out of their skin wit joywhen they even get very little love frm a stranger. cn u guys produce stats showin hw many get infected annuqly. and why cant y see th vaccination as a solution rather than killin all th dogs. shame on u inhumans

    ReplyDelete
  5. පවු අනේ හැම දේටම මේ අහිංසක බල්ලෝ අල්ලගන්නේ ඇයි.

    ReplyDelete
  6. චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ ලංකාවේ ප්‍රදාන රෝහලක වසරක් සඳහා ජල භීතිකා එන්නත් තිස් දහසක් සැපයුවත් ප්‍රයෝජනයට ගත්තේ හයදහසක් පමනයි. එම ප්‍රමානයත් ජල භීතිකාව වැළඳුන රෝගීන්ට නොව බල්ලන් සපා කෑ පුද්ගලයන්ට එන්නත් කිරීමටයි. චන්ද්‍රිකා රජය සමය ලංකාවේ සෞඛ්‍ය වැඩ සටහන් හොඳින්ම ක්‍රියාත්මක කල කාලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානයට ලක්විය.රජය අවංකව බොරු සෝබන පඩ ෂෝ නැතුව ජනතා හිතැතිව සෞඛ්‍ය වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා නම් බල්ලෝ නොමරා ජල භීතිකාවද, ගෙවල්වල පිලිකනු අතනොගා ඩෙංගු ද මර්ධනය කල හැක.

    ReplyDelete
  7. ඩෙංගු ජලභීතිකාව වකුගඩු රෝග වගේ මේ හැම වසංගතයක් පිටිපස්සෙම කොම්පැනියක් තියෙනවා වාසි ගන්න..

    ReplyDelete
  8. බල්ලන්ට පමණක් නොව සෑම ක්ෂීරපායි සත්වයෙකුටම ජල භීතිකාව වැළඳේ. එමනිසා සෑම ක්ෂීරපායි සත්වයින්ම මරා දැමිය යුතුයි. ක්ෂීරපායි සත්වයින් යනු මිනිසා,බල්ලා,බලලා,මීයා,වවුලා,හරකා වැනි මවු කිරි බී වැඩෙන සතුන්ය.

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් මෙවන් හරක්....

      Delete
  9. ඉතාමත් හොඳ ඉසව්වකට අද ඔබ යොමුව ඇත්තේ. ඒ වගේම වන්නේත් ඔබ කියනා දේම තමයි. මතුපිටින් පේන දේට වඩා වැඩියි යටින් වන කොටස. හරියට මුදේ පාවෙන අයිස් කුට්ටි වගේ.

    ReplyDelete