Monday, June 24, 2013

හීන හා දවල් හීන


නවගත්තේගම පාසැල් ගුරුවරිය දණ ගැස්වූ දේශපාලකයා ජනාධිපති අණින් ඉල්ලා අස්වන්නට සිදු විය. මතක තබා ගන්න . ඔහු නෙරපා හැරියේ නැත. ඔහුට ඉල්ලා අස් වන්නට කීවා පමණය.

එහෙත් මැති ඇමතිලා නරකායි ජනාධිපති හොඳායි කියන අයට එය ප්‍රමාණවත්ය. ඔව්හු මේ සිදු වීම නිසා කොතරම් උද්දාමයට පත් වූයේද කිවහොත් අපේ ජනාධිපති තුමා දැන් ඉතින් වැඩ පටන් ගෙන ඇත. සියලුම නරකයින් පන්නා දමනු ඇතැයි කියන්නට පටන් ගත්තේය. ඔවුන්ගෙන් සමහරු රජයේ සේවකයෙකු ගස් බැඳි  මර්වින් සිල්වා පවා පන්නා දමනු ඇතයි සිහින මැව්වෝය.

නමුත් ඒ සිහින දවල් හීන පමණක් බවත් මර්වින්ලා සහ ඒ වර්ගයේ අයවලුන් යනු පාලක රෙජිමයේ හුරතලුන් බවත් පෙන්වන අපූරු ලිපියක් ඊයේ දිවයින පත්‍රයේ ඕපදූප තීරයේ පලව තිබිණි.

"මේ සියලු නිල කතාවලට පසු ජනාධිපතිවරයා මන්ත්‍රීවරු හා අපේක්‍ෂකයන් අමතා හරි අපූරු කතාවක්‌ කීවේය. කතාව කීවේ මර්වින් සිල්වා පහුගිය කාලයේ කිසිදු මන්ත්‍රීකමක්‌වත් නොමැති කාලයේ සිදු වූ සිද්ධියක්‌ ගැනය. එවකට බලයේ සිටියේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවයි. මර්වින් එදා නිකම්ම නිකම් පුද්ගලයකු පමණක්‌ විය. 

ඒ කාලයේ ආණ්‌ඩුවේ හිටපු බලවත් ඇමැතිවරු කවුරුවත් එක්‌ක වැඩිය බජනෙට එන්නෙ නෑ. හරි ආඩම්බරයි. පොළවෙ පස්‌ පෑගෙන්න නැති මට්‌ටමෙන් තමයි හිටියෙ. ඔහොම ඉන්නකොට දවසක්‌ මර්වින්ට ලැබෙනව පිටරට යන්න අවස්‌ථාවක්‌. මර්වින් ගුවන් යානයට නැගලා තමන්ට හිමිවෙච්ච ආසනයේ වාඩිවෙලා වටපිට බලනකොට යාබද ආසනයේ හිටියේ ආණ්‌ඩුවේ තවමත් ප්‍රබල ඇමැතිවරයෙකි. මර්වින් ඔහු සමඟ කතා බහ කරන්නට උත්සාහ කළේය. එහෙත් ඔහු මර්වින් සමඟ වැඩි බජනයකට පැමිණියේ නැත. 

මේ මනුස්‌සයා අර ඇමැතිත් එක්‌ක කිහිප පාරක්‌ම කතා කරන්න උත්සාහ ගත්තා. වැඩිය හිතවත්කමක්‌ ගොඩනැගිල නෑ. පැයක්‌ විතර ගෙවිල ගියා. අන්තිමේ ගුවන් යානය ඉගිල්ලෙන්න පටන් ගත්තා. මර්වින් යානාවේ ගුවන් සේවිකාවකට කතා කරල අහන්න පටන්ගත්තා දැන් අපි ඉන්නෙ ලංකාවෙ ගුවන් සීමාවෙද නැද්ද කියලා. ඇය කිව්ව නැහැයි කියලා. එහෙම නම් ලංකාවෙ ගුවන් සීමාව ඉක්‌මවල ජාත්‍යන්තර සීමාවට ගියාට පස්‌සෙ මට කතා කරන්න කියල මර්වින් ඇයට කිව්වා. 

ඔන්න ඔහොම ටික දුරක්‌ යනකොට අර ගුවන් සේවිකාව මගින් මර්වින් දැනගන්නව ගුවන් යානය ලංකාවෙ ගුවන් සීමාව ඉක්‌මවල ගියාය කියල. ඔන්න එකපාරටම මිනිහ නැගිටල අර ඇමැතිතුමාට කිසිම ගරුසරුවක්‌ නැතිව මචං කියල කතා කරන්න පටන් ගත්ත. 

"මචං දැන් අපි ඉන්නෙ ලංකාවෙ නෙවෙයි ලංකාවට උඹ ඇමැති. මම නිකම්ම නිකම් මර්වින්. එතකොට මාත් එක්‌ක කතා නොකර සිටියට කමක්‌ නෑ. හැබැයි දැන් අපි දෙන්නම ඉන්නෙ ලංකාවෙන් පිටවෙලා. උඹට දැන් ගරු කරන්න කෙනෙක්‌ මෙහේ නෑ. මටත් නැහැ. ඒක නිසා අපි දෙන්නම එක බෝට්‌ටුවේ. ඔන්න ඔහේ සීතලේ යන්නත් එක්‌ක ගහමු මචං හොඳ අඩියක්‌." යෑයි කියමින් මර්වින් ඇමැතිවරයාට කතා කළා. අන්තිමේ එයාටත් සිද්ධවුණා මර්වින් එක්‌ක හිතවත් වෙලා කතා කරන්න. අන්න ඒකයි මම කිව්වෙ බලය කියන දේ තාවකාලිකයි කියල. ඒ වගේම බලයක්‌ තියෙනව නම් තියෙන්නෙ ඒ අදාළ බලප්‍රදේශයේ විතරයි. මර්වින් අදටත් ඕක කියල හිනාවෙනව. බලය තියෙනකොට මිනිස්‌සු ඔළුව උදුම්මගන්න හොඳ නෑ. බලය තියෙනවට වඩා බලය නැතිවෙලාවෙ නිහතමානි වෙලා ජීවත් වෙන්න ඕන. මර්වින්ගේ අපූරු පාඩම කියමින් ජනාධිපතිවරයා සංවිධායකයන් හමුවේ කළ විස්‌තරයට සමහරු බඩ අල්ලාගෙන හිනාවෙන්නට වූහ. "

සටහන- මේ ලිපියේ මට නොතේරෙන දෙයක් ද තිබේ . එනම් මේ විස්තරය ඇසූ  සමහරු බඩ අල්ලා ගෙන හිනා වූයේ ඇයිද යන්නයි.



9 comments:

  1. //සමහරු බඩ අල්ලා ගෙන හිනා වූයේ ඇයිද//

    හිනා නොවුනොත් තමන්ව කැපෙයි කියලා. අර හෙලුවෙන් ගිය රජාගෙ කතාවෙ හිටපු රජාගෙ සපෝටර්ල වගෙ.

    ReplyDelete
  2. රජ තුමා හිනා වෙනකොට හිනාවෙන්න ඕන. රජතුමා අඬනකොට අඬන්න ඕන. රජතුමා දුක් වෙනකොට දුක්වෙන්න ඕන. රජතුමා අස්වෙන්න කියනකොට අස් වෙන්න ඕන. රජතුමා තනතුරක් දුන්නම, වැඳලා බාර ගන්න ඕන, රජතුමා ගහපිය කිව්වම, ගහන්න ඕන. රජතුමා ඇතුලට දැම්මම, ඇතුලට යන්න ඕන. රජතුමා එලියට එන්න කිව්වම එලියට එන්න ඕන. රජතුමාට ඕන කිව්වම ගෙනත් දෙන්න ඕන. රජතුමාට එපා කිව්වම අයින් කරලා දාන්න ඕන. ඕක පුතා අපි අවුරුදු 2500 ක් රකින් සගිස්කුරුතේ. ඒක තේරුම් ගන්න අපහසු නම්...........

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගන්න අපහසු නම්......මේ රටෙන් පිටවෙලා පල

      Delete
    2. //ඒක තේරුම් ගන්න අපහසු නම්......මේ රටෙන් පිටවෙලා පල// ????

      ගිහින් අපිට කන්ට විදේශ විනිමය හම්බකරල එවපිය කියල වෙන්ටෑ මේ කියන්නෙ නේද?

      මෙව්වට හිනාවෙන්නද , අඬන්නද ඕනෙ කියන එකයි පුරස්නෙ. උඹල වගේ හිපා‍ටුවො ඉන්න කං , මේ රටට දෙයියන්නෙම පිහිටයි.

      මහරජතුමා, ඉස්සර අර කොල්ලො ටයර්වල ගිය කාලෙ නං මානවහිතවාදියෙක්ලු. එව්වා ඒ කාලෙ. දැං ගේම ගෙනියන්නෙ, චොප්පෙ අයියගෙ තියරියෙන්. ෂයිඩ් එකෙන් ඉන්න ,"මට මතක නෑ නොහොත් selective memory", කැලණියෙ කම්මලේ ආචාරියා, සහ ගෝලපිරිස සමඟ දැහැමින් සෙමින් රට වළඳන සේක. සපෝට් එක දීගෙන ඉන්න කං, සම්මානද, කොන්තරාත්තුද සහිත සියලු රජසැප, හැබැයි රෝන් ෂයිඩ් ගියොත් කැපෙන්නෙ "සිං" ගාලා, දැලිපිහි ක්‍රමේට.

      මෙව්වා මෙහෙම කියන එකත් හරි නෑ. මූ මහ ගුනේ නැති පර බල්ලෙක් කියාවි. ඇයි, රජතුමා අපේ කස්ටිය හරි ආදරෙයි කියනව නෙව. රට බල්ලට ගියා ආයිබෝං, ඒ හින්දා මං නං රට ගියා :). ඉන්න එවුන් පරිස්මෙන් කටවල් ඇරපල්ලා. බලු වෑන් එක එව්වොත් හුටා තමා..

      Delete
  3. තමන් ඉන්නේ නිරුවතින් බව නොදැනෙන හැටි!!!

    ReplyDelete
  4. දිවයිනේ ගිය කතුවැකියකට අනුව පාලක පක්‍ෂයේ සුලු මුලාදෑනීන් (පලාබබා ආදීන්) කම්මුතු කරන්නට ගෝටාබය ලා දුසිමක් උවමනා ලු!
    http://www.w3lanka.com/2013/06/blog-post_4481.html

    සුළු අවිවලින් බැෂ්ටිය දෙන්නයි යන්නේ!

    ReplyDelete
    Replies
    1. අඩේ කතන්දර පලාබබා ආදීන් ගොන්පාට් දාන්නෙත් ජෝක්කු අදින්නැති හින්දද දන්නැ නේද (දාපන් කොල්ලෝ ලින්ක් එක )

      Delete
  5. කලමදිරියට හැමදාම කියනවා ඔය ඕනනැති පත්තර කඩමලු බලන්න එපා කියල අහන්නෑනේ. බලල ලේ පුච්ච ගන්නවා.

    ReplyDelete
  6. මර්වින් රජාට කොච්චර ෆිට් ද මෙයාලා. මර්වියා වගේ එකෙක් කේවට්ට කමේ තියාගන්න රජාගේ මොලේ කොහොම ඇතිද? දැන් ඔයාලට තේරුම් යන්න ඕන රටේ වැදගත්ම තීරණ එන්නේ කොහෙන්ද කියලයි ගන්නේ කවුද කියලයි. ආශ්චර්ය කොල්ලනේ ආශ්චර්ය....

    ReplyDelete