Wednesday, June 26, 2013

ඔලු පරික්ෂා කිරීම


විශ්ව විද්‍යාලවලට ඇතුල්වන ශිෂ්‍යයන්ගේ ඔලු පරික්ෂා කිරීමේ වැඩසටහනක් අරඹන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැති තුමිය පවසා තිබේ.එම අදහස ඇති වී තිබෙන්නේ පසුගියදා සරසවි සිසුවියක් උඩුමහලකින් පැන සියදිවි නසා ගත් නිසාලු.ටික කලෙකට කලින් ජයවර්දනපුර සරසවියේ ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය පරික්ෂා කරන්ට හැදුවේ මේ ජාතියේම උපකුලපතියෙක් වෙන කන්‍යාරත්නය.


 කෙසේ නමුත් මේ ඔලු පරික්ෂා කිරීමේ අදහසට නම් අපිත් එකඟය. නවක ශිෂ්‍යයන්ගේ පමණක් නොව දැනට ඉන්නා ශිෂ්‍යයන්ගේත් ඔලු පරික්ෂා කළ යුතු යැයි අප කියමු.

ක්ෂණිකා හිරිඹුරේගම, කන්‍යාරත්න වැනි අය ප්‍රතිපාදන කොමිසමේ සභාපතිකම් හා උපකුලපතිකම්  කරද්දි ඒ ගැන වගේ වගක් නැතිව ඉන්නා උන්ගේ ඔලු වල තියෙන්නේ මොනවාදැයි නිසැකවම පරික්ෂා කල යුතුය.

හිරිඹුරේගමලා හා කන්‍යාරත්නලාගෙත්   ඔවුන් ඔය තැන්වලට පත් කරන දේශපාලකයින්ගේත් ඔලු පරික්ෂා කල යුතු නැත. මක් නිසාද යත් ඔවුන්ගේ  ඔලුවල තියෙන්න මොනවා දැයි කියන්නට පරික්ෂා කල  යුතු නැති නිසාය.  

 නමුත් ඒ දේශපාලකයින්ට චන්දේ දී ඔවුන් මහපු‍ටුවලට , කවුන්සල් වලට  යවන අයගේ, එනම් මේ ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ගේත් ඔලු  ඒ සමග පරික්ෂා කරන්නේ නම් එය ඉතා වටින්නේය.

3 comments:

  1. උන්ගේ ඔළු පරික්ෂා කරන්න වෙන්නේ අපිටද.. මේ අස්සේ අද හිනා ගිහින් පන යන නිව්ස් එකක් දැක්කා. උසස් පෙලට සතියකට කලින්, සම්මන්ත්‍රණයි පන්තියි නවත්තනවලු. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ල පේපර් දුන්නට අවුලක් නෑ. ඊට වඩා හොඳයි, උසස් පෙල ලියන් ළමයි ටික ඔක්කෝම කඳවරු වලට දැම්මනම්. මේ වගේ මරි මෝද බූරුවන් එක්ක මොන අජ්ජාපනයක්ද?

    ReplyDelete
  2. ඔලු පරික්ෂා කරන්න දෙයක් නෑ උසස් පෙල වෙනකම් උන්ගේ ඔලු නොකෑවනං.. මෙයාලත් මෙහෛම පිස්සු නටනකොට ඉතිං රට ගැන කුමන කතාද.. ඔය පේපර් කතාව දැක්කම නං මටත් හිනාගියා මාතලන්.... පිස්සු කතා...

    ReplyDelete
  3. හිරිඹුරේගම ජෝඩුවගේ ඔලු දෙකයි මුලින්ම පරික්ෂා කරන්න ඕනේ.තමන්ගේ ආත්ම ගරුත්වය නැතිකරගෙන ලොකුපුටුවල ඉන්න විදිහ ගැන ලෝකයාට දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි.

    ReplyDelete