Thursday, June 27, 2013

බන් ගොන්දුලගේ මෝරු බුලේ


විභාගවලට සතියකට කලින් සිට ටියුෂන් පංති හා විභාග ඉලක්ක කොට ගත් සම්මන්ත්‍රණ පැවත්වීම තහනම් කරන බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන තීරණය කොර තිබේ.

උන්නැහේලා මෙහෙම කරන්නේ විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට කලින් පිට වීම නිසාය. සම්මන්ත්‍රණ හා ටියුෂන් පංති සතියකට කලින් නැවත්වුවාම එම ප්‍රශ්න පත්‍ර ශිෂ්‍යයන් අතට යන්නේ නැතැයි එතුමා කල්පනා කර තිබේ.

එතකොට විභාග  ප්‍රශ්න සති දෙකකට කලින් පිට වුනොත් මොකද කරන්නේ කියා අහන්ට කෙනෙක් ඉඳලා නැතුවා වගේය. එහෙම නැත්නම් විභාග ප්‍රශ්න පත්‍ර හොරෙන් පිටවෙන්නේ හරියටම විභාගෙට සතියකට කලින් කියලා ඇමතිතුමා ටක්කෙටම දන්නවා වෙන්ට ඇතිය. ඇමතිතුමාලට ඕනෑ කට්ටියට විතරක් නොව හැම කොල්ලට බල්ලටම මේ ප්‍රශ්නපත්‍ර යන එක වලක්වන්ට මේ තහනම ගෙනාව වෙන්ටත් ඉඩ තිබේ.

ඒ අනුව අපට පෙනී යන්නේ මේ විභාග ප්‍රශ්න හොරෙන් පිට කරාට කමක් නැත. ඒවා හොර රහසේම ලොකු ගනන් වලට ගෙවල්වලටම ගොස් විකිනුවාටද  කමක් නැත.හොඳ නැත්තේ ඒවා ප්‍රසිද්ධියේ ටියුෂන් පංති වල, සම්මන්ත්‍රණවල දී ගමේ ගොඩේ හඩු කොල්ලන් කෙල්ලන්ගේ අතට පත් වීමය.ප්‍රශ්න පත්තර පිට වෙන එක නවත්තන්නේ නැතිව ටියුෂන් තහනම් කරන්නේ ඒ නිසා වෙන්ට ඇතිය.

ඒ කතා කොහොම වුනත් ආඳා යවා වලපත තබා ගත්තා සේ ,අශ්වයා යවා ඉස්තාලේ වැහුවා වගේ,වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වගේ ප්‍රස්තාව පිරුලු වලට දැන් තව එකක් එක් කරගන්ට පුලුවන් "ප්‍රශ්න පත්‍ර හොරෙන් පිට කරලා ටියුෂන් තහනම් කරා වගේ  " කියලා.ඒත් මදෑ.

8 comments:

  1. Replies
    1. Hey man mr Naleen seem like you doesn't work as a author of government media any more, if you can agree this sort of thing even why your news paper never mentioned about those facts, please bring news among public what they can trust and what the reality going on now in sri lanka, when you die you can enjoying your self about your task, but if you bring lie among public you will worry and those are never make corrections, because you did those.
      thanks in advance if you can touch people mind well

      Delete
  2. මෝරු බුලේම තමයි.

    ReplyDelete
  3. ඇයි තව තියෙනවා පස්කෑව පිරුලක්,
    "ජනාධිපති කරුණු දැක්වූවාට පසු 13 සංශොධන වලට එකඟ වුනා වගේ"

    13 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවේදී ඇමති රාජිත සේනාරත්න හා රෙජිනෝල්ඩ් කුරේ මහතා යෝජිත සංශෝධනවලට විරුද්ධව කරුණු දැක්වූ නමුත්, පසුව ජනාධිපතිවරයා කරුණු දැක්වීමෙන් අනතුරුව ඒ සඳහා එකඟතාවය පළකරන ලදී. (නෙත් නිවුස් වලට කීවේ එහෙමයි)

    කරුණු දැක්වීම කොයි වගේ වෙන්න ඇද්ද?

    ReplyDelete
  4. පේපර් පිටකරන-විකුණන, ගන්න උදවියගෙන් බද්දක් අයකලොත් නරකද? ජාතික ආර්ථිකයටත් ශක්තියක්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං රාජ්, මගේ හිතේ ඊට වඩා ගතමන්ට් එකක් හොයා ගන්න තිබුනා විභාග දෙපාර්තමේන්තුවේ කවුලුවක් ඇරල ආණ්ඩුවම පේපර් එක විභාගෙට කලින් විකුණුවනම්. ආයෙ මොකටද අතරමැදියොන්ට ගසාකන්න ඉඩ දෙන්නෙ.

      Delete
  5. අනේ......... මේ වගේ බුද්ධිමත් ඇමතිවරු ලැබෙන්න අපි කොච්චර වාසනාවන්තද.

    මට හරි ආඩම්බරයි ... හසන්ත.

    ReplyDelete
  6. බැරිවෙලාවත් දැන් මේක දැක්කොත් එහෙම පුරස්න පත්තරේ හදන්න බාර දුන්න දවසේ ඉදලම ඔය එව්වා මෙව්වා තහනම් කරනවා ඕන්..

    අර අහිංසක මිනිස්සුන්ගේ බඩට වදින්න පොටක් තමා කලා මැදිරියා ලෑස්ති කරන්න හදන්නේ.. :-)

    ReplyDelete