Thursday, September 12, 2013

ඔබ මේ ඊරිසියාව දු‍ටුවාද?



ඇමෙරිකාවට වී සිටිමින් ලංකාව ඇතුලු ලෝකයේ අනෙක් සියලු රටවල් තුට්‍ටු දෙකට දමා ලිපි ලියමින් සිටි ඇරුණි ෂපිරෝ නම් කාන්තාව  හිටි හැටියේ දේශප්‍රේමි ලඳක් වී  ලංකාවේ බිහි වූ විශිෂ්ට මානව හිමිකම් ක්‍රියා කාරිනියක් වූ අභාවප්‍රාප්ත සුනිලා අබේසේකරට  මඩ ගසමින් ලිපියක් ලියා තම බොගේ පල කර තිබේ.

මේ ලිපිය පුරාම ෂපිරෝ පෙන්වන්නේ තම කුඩු කේඩු කම, ඊරිසියාව  මිස අන් කිසිවක් නෙවේ.

 ෂපිරෝ ගේ ලිපිය අනුව 13 හැවීරිදි දැරියන් දූෂණය කිරීම හොඳය. ඒවා එලි කිරීම නරකය.

 එසේම ඇය තම මොලයේ තරම පෙන්වමින්  තම මත සනාථ කිරීමට යොදා ගන්නේ ආණ්ඩුවේ සිළුමින පුවත් පතයි. ලිපියේ අන්තර්ගතය ගැන එතැනින් එහාට කතා කිරීම පලක්  නැත.

 ඇයට මේ ලිපිය වෙනුවෙන් කීයක් ගෙව්වා දැයි අසන්නට අපිට හිතෙන්නේ ඇය කියන කරුනු අනුවමය.

මේවා කෙසේ වෙතත් ඇය තම ලිපිය මගින් පෙන්වා ඇත්තේ තමන් ජාතික හෙල උරුමයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට, වීරවංශගේ පක්ෂයේ නියෝජ්‍ය නායක කමට පමණක් නොව බොදු බල සේනාව , සිහල රාවය වැනි සංවිධාන වලත් ඉහලම තනතුරු වලට සුදුසු බවයි.

12 comments:

  1. ඔය වගේ තුට්ටු දෙකේ ගෑනු ගැන ලියන උඹටත් පිස්සු බන්.... කන්න බොන්න නැතුව ඉදලා නාකි සුද්දෙක් මරාගෙන යන්තන් ඇමරිකාවට පැනලා... මල්ලිවත් ගෙන්නගෙන ඇෆ්ගනිස්ථානෙ මිනීමරන්න යවලා.... පිස්සුවෙන් බයිලා ලියන එවුන් කවුද ගනන් ගන්නේ....

    ReplyDelete
  2. අරුණි ෂපීරෝ අමරිකාවේ සිටීමත් ඇය සිළුමිණ පුවත්පතේ ලිපි කොපිකර උදාහරණ ගැනීමත් වැරදි නොවේය.
    එසේම ඇය සියල්ල සුදු ලෙස දුටු සුනිලාගේ කළු පාර්ශවයක් අනාවරණ කිරීමද වැරදි නොවේය.
    වඩාත් සාධාරන කියා වචනයක් තිබිය හැකි මුත් ලෝකයේ සර්ව සාධාරන යැයි යමක් තිබිය නොහැක. සමස්ථ සුනිලාගේ චරිතය ලංකාව නැමැති හිඟන දූපතේ සිටින දූපත් වාසින්ගේ මාන්නය වැඩිදියුනු කොට ලෝකෙන් උතුම් රට යැයි කීමට අනුබල නොදේ. නමුත් ඇය කිනම් අරමුණකින් කලත් ඇගේ සමස්ථ ක්‍රියාවලිය තුලින් මේ දුප්පත් දේශයේ අහිංසක මිනිසුන් රාශියකට සෙත සැලසුනේය.
    එසේ වූ නමුදු ඇය මිය ගිය පසු ඇගේ සියලු දහදුරා වැඩ හොඳ යැයි අධිමානයක් ඇතිකර වන්දනීය තත්වයකට ඇය ඇද දැමීම ප්‍රඥාගෝචර නොවේ.

    ReplyDelete
  3. ශපිරෝ මොන තරම් වල් බැල්ලියක්ද කියල පෙනෙන්නේ මියගිය කෙනෙකුට අපහාස කිරීම නිසයි. ඇයි මේ බැල්ලිට බැරිවුනේ සුනිලා ජීවත්ව සිටියදී මේවා කියා ඇයට අභියෝග කරන්න? මේ බැල්ලි ඇමරිකාවේ ගතකරන්නේ තුප්පහි ජීවිතයක් බව අපි දන්නවා. නමුත් ඒවා පෞද්ගලික දේවල් නිසා අපිට ඒවා වැදගත් නැහැ. නමුත් මේ බැල්ලි මියගිය අයට මඩ ගහන තරම් පහත් මානසිකත්වයක ඉන්න බැල්ලියක්.

    ReplyDelete
  4. මොන්ටිකාලෝ උන්නත්.. තම හැදියාව හා ගෝත්‍රිකත්වය පෙන්වන ළිපියක්.. මම නම් මගේ විරෝධය පලකලා. ඇය එය ඉවත් කර නෑ. ඒ ගැන මගේ අචාරය..

    මමත් මේ ගැන ලිව්වා...

    ReplyDelete
    Replies
    1. ලිපිය බැලුවා. තරහා අවසර, අනුන්ගේ ලැප් වලින් කොමන්ට් කරන්න බෑ.

      Delete
  5. පාර අයිනේ ඉන්න කුෂ්ට බැල්ලියකට වුනත් තියෙන වැදගත්කම නැති අරුනි ශපි ඔරෝ ඔරෝ. ඊරිසියා කතාව හරියටම හරි.
    සුනිලාගේ පාංශුකූලයට වැඩම කළ හාමුදුරු වරු සුනිලාගේ පියා, සුනිලාගේ මව හා සුනිලා ගමේ පන්සල අනිකුත් විහාරස්ථාන වලට කළ සේවය ගැන කියන හැටි අහන්න ශපිරෝ ට පින් නැති වීම පව් ම තමයි.
    ශපිරෝ ගේ තාත්තා ගැන කියන්න දෙයක් නෑනේ, බොරු පත්තර ගහපුවා ඇර.

    ReplyDelete
  6. Aruni Shapiro says that

    1) 2012 මාර්තු මාසයේ දී සුනිලා අබේසේකර, නිමල්කා ප්‍රනාන්දු, පකියසෝති සරවනමුත්තු, සුනන්ද දේශප්‍රිය යන අය ජීනිවා මානව හිමිකම් සමුළුවේ දී ලංකාවේ කිළුටු රෙදි හෝදන්නට උපකාර කරගත්තේ අසත්‍යය වූ සිද්ධියකි. රටේ කිසිම නීතියක් නැහැ යැයි කියන්නට කොළඹ පහේ මහ දවල් මිනිහෙක් පුළුස්සා දැමූ සිද්ධිය ඉදිරිපත් කරද්දී ඒ තැනැත්තා සියදිවිනසාගත්තෙක් යන්න හෙළිකරන ලද්දේ සිළුමිණ ප්‍රවෘත්තියකිනි.

    2) සුනිලා අබේසේකර යනු රාජ්‍ය නොවන සංවිධාන වලින් තමනට ලැබෙන රට සල්ලි අනුව කටයුතු කරන ලද රූකඩයකි. 60 ගණන් වල දී පටන්ගත්ත ද 80 ගණන් වල දී ඇමෙරිකාවේ ලෙස්බිනියන් සඳහා වූ ව්‍යාපාරයන් වලින් මුදල් ලැබෙද්දී සුනිලාගේ මානව හිතවාදය ඒ පැත්තෙන් මුදල් ලබාගන්නට හැකිදැයි විමසන්නට යොමුවිණ.

    3) ලංකාවේ උපන් නිව්යෝර්ක් හි වාසය කරන මාධ්‍යවේදිනියක් එක්සත් ජාතීන් වෙතින් මානව අයිතීන් සඳහා සම්මානය ලත් සුනිලා අබේසේකර ගෙන් සම්මුඛ සාකච්ඡාවක දී ඇසුවේ එය ඇයට ලැබුනේ කෙසේදැයි කියාය. දුරකතන ඇමතුම ලැබෙන තෙක් තමා ඒ ගැන දැන සිටියේ නැතැයි සුනිලා විසින් කියන ලදි. එහෙත් සත්‍යය නම් ඒ සම්මානය සඳහා අන්තර්ජාලයෙන් බාගන්නා ඉල්ලුම්පතක් පුරවා යැවිය යුතුයි. අනතුරුව තමන් කොතරම් දක්ෂ ක්‍රියාවේදිනියක් (activist) දැයි කියන්නට මණ්ඩලය ඉදිරියට යන්නට පවා සෑහෙන සභාකක්ෂයක් (lobby) තමන් විසින් කරත යුතුයි. අනතුරුව ඒ මණ්ඩලය ඉදිරියේ දී තමන් ශ්‍රේෂ්ඨ ක්‍රියාවේදිනියක් වන්නේ මන්දැයි කියන්නට තමන්වම ප්‍රමෝට් කරන්නට ද අවශ්‍යයයි!!!!!

    ReplyDelete
  7. ශපීරෝගේ ලිපිය පුරාම ඇත්තේ බොල් තර්කයන්ගෙන් පිරුණු කුහකත්වයය.

    ReplyDelete
  8. ලිපියට පාර කියනව ද?

    ReplyDelete
  9. ඇයගේ ලිවිවේ අභිලාශය සහ පරමාර්ථය මා පෙර හඳනාගන්නා ලදී. ඇය පෙර අවස්ථාවලදී මාගේ කොමන්ට් ගණනාවක් කප්පාදු කර දැමීය. ඒ ඇයට විරෝධය දැක්වීමේ සහ ඇගේ මතය බිඳහෙලන කොමන්ට් නිසා විය යුතුය. නැතිනම් අවම වශයෙන් අදහස්වලට ගරුකිරීමක් හෝ තිබිය යුතුය. එම කොමන්ට් පාදක කර ගනිමින් ඇයව විවේචනය කර ලිපියක් ලිවීමට මා සිටියද කාලය සමඟ ඇති ගැටලු හේතුවෙන් තවම නොහැකි විය. නමුදු අදහස අතහැර නැත.
    ඇය කවුද?
    ඇයගේ මතය අනුව එක තප්පරයක්වත් ඇය මුදල් නැතිව කිසිවක් නොකරයි. එනම් ඇය අකුරු කරනුයේ ලැබෙන ගෙවීම අනුවය. නමුත් බෝඩ් එක ගසා ගන්නේ, අනාගතේ බලන කාට හෝ වැදගත් වේ යැයි සිතා ලියන බව කියමිනි. නමුත් සත්‍ය හාත්පසින්ම වෙනස්ය.

    ඇයට ඇයගේ කපටි කයිරාටික ගමන යන්න, මා මෙන්ම බ්ලොග් ලොවේ ඔබත්, අන් සියලු දෙනාත් ඉඩ නොදෙන බව මට වැටහිනි. මාතලංගේද මේ සම්බඳව ලිපියක් දුටිමි.

    ReplyDelete
  10. පිස්සු බැල්ලියන් හා කතා කළත් පිස්සු ගෑණුන් හා කතාවට නොයන්න, මම නම් ඔය බොග් එක බලන්නෙ නෑ..

    ReplyDelete