"හැම මගුලෙම හලාල් ,කන්නේ රෙද්දද?" මේ පසුගිය දිනක නුවර කොළඹ පාර දිගට ඇලවී තිබුණු පෝස්ටරයකි. මේ ගැන විමසා බැලූ විට දැන ගන්නට ලැබුණේ හලාල් වලට එරෙහිව බොදු බල සේනා විසින්පසුදින පැවැත්වීමට නියමිත රථ පෙලපාලියක් වෙනුවෙන් ඇලවූ ඒවා බවයි.
රෙද්දලාගේ රථ පෙලපාලිය අදාල දිනයේ පැවතුනු අතර ලොරි වෑන් පමණක් නොව සුඛෝපභෝගී ජීප් හා කාර් වලත් නැගී ගත් මැර පෙනුමැති තරුණ පිරිස් හා ශ්‍රමණ වේශධාරින් වාහන වල කවුලු වලින් ඔලුගෙඩි එලියට දමාගෙන හා ඒවායේ දොරවල එල්ලීගෙන " උලමගේ ලොක්කට එන්න කියාපිය, හලාල් අකුලා ගන්න කියාපිය " ආදි පාඨ කියමින් නුවර බලා ගමන් කලහ.
කාලයක් යටපත් වී තිබුණු හලාල් ප්‍රශ්නය මෙසේ නැවතත් ඉස්මතු කර ගැනීමට නානසාරට අවශ්‍ය වූයේ ඇයි. නිසැකවම මෙය හලාල් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ.
වසර තිහක් තිස්සේ හිඟන්නාගේ තුවාලය මෙන් උතුරේ යුද්දය පාවිච්චි කල ලංකාවේ ආණ්ඩුවලට තම පැවත්ම උදෙසා අලුත් දෙයක් , නව නිර්මාණයක් අවශ්‍යව තිබේ. කඩා වැටෙන ආර්ථිකය හමුවේ නියත ජනතා නැගිටීම් පාලනය කර ගැනීමට නම් එය අනිවාර්යය. නානසාරලා පාවිච්චි වෙන්නේ ඒ වෙනුවෙනි.
ඊයේ පෙරේදා හදිසියේ මතු කර ගැනීමට උත්සහ කල හලාල් විරෝධය , බොහෝ දුරට වීමට ඉඩ ඇත්තේ ආණ්ඩුවේ කැසිනෝ ප්‍රතිපත්තියට එරෙහිව නැගෙන හඬ වෙනතක යොමු කිරීම වෙනුවෙන් නැගූ හඬක් බවයි.
කෙසේ වෙතත් නාන සාරලාට අපට කීමට ඇත්තේ රට ගිනි නොතබා රෙද්ද බැරිනම් සිවුර ගලවාගෙන හෝ කන ලෙසයි.