Thursday, October 17, 2013

රතුපස්වල අමා වතුර



පිංවතුනි,පහුගිය දවස් වල අප මංමුලා වෙලා හිටියේ පිංවතුනි. රතුපස්වල පැක්ටේරියෙන් වතුරට වස මිශ්‍ර කරනවා කියලා කව්දෝ කියපු බොරුවකට අපි ‍රැවටිලා ,මුලාවෙලා,බොහෝම කලකෝලහාල කලා. නමුත් පිංවතුනි , රතුපස්වල පිංවත් පැක්ටේරියේ අයිතිකාර පිංවත් මහත්තුරු එහෙම පව්කාර වැඩක් කරයිද පිංවත්නි. හිතලා බලන්ට නිකමට.අපි මුලාවෙලා කටයුතු කරලා තියෙන්නේ. එහෙම වෙන්ට හොඳ නෑ. මම නම් මීට පස්සෙ එහෙම වෙන්නේ නෑ. මේ පිංවතුනුත් එහෙම  වෙන්ට එපා.

ඇත්තටම කියනවා නම් මම මේ පැක්ටේරියෙන් එන වතුර වස විස නෙවේ. ඒවා හත් සැරයක් පෙරලා විසබීජ නැති කරලා එන අමා වතුර වගේ . හරිම ප්‍රනීතයි. බිව්වම හරිම සුවයක් දැනෙනවා.  මම පහුගිය දවසක මූත්‍රා කොරන්ට කියලා ටාජ් හෝටලේට ගියවෙලාවක එතෙන්ට   ඇවිත් උන්නු පැක්ටේරියේ ලොකු මහත්තයා මට ඒ අමා පැනින් සුවල්පයක් දුන්නා. අම්මපා පුදුම රසක් නොව තියෙන්නේ . බමරා වගේ තමා බිව්වම දැනෙන්නේ.
 ඒ වගේ අමා පානයක් අපේ ප්‍රදේසේ වතුරට එක් කිරීම ගැන පැක්ටේරියේ මත්තුරුන්ට අපි ඉස්තුති කොරන්ට ඕනෑ වෙලාවක අපි මොන තරම් නරක වැඩක් ද කලේ.

මම මේ දැනුත් ඒ අමා පානයෙන් සුවල්පයක් අරගෙන ඉන්නේ.

මේ පිංවතුනුත් මීට පස්සෙ ඔය උද්ගෝසන නවත්තලා  හවසට අමා පැන් ටිකක් අරගෙන සාම කාමිව ඉන්ට වග බලාගන්ට  ඕනෑ.


15 comments:

  1. සාදු සාදූ සාදූ.....

    ReplyDelete
  2. අනේ සාදු සාදු සාදු,මොන තරං වැරදි වැටහීමකද අපි හිටියෙ,මේ වගේ දේවල් පැහැදිලි කරල දෙනවට ඔබ වහන්සෙට බුදු බව අත්වෙන්න ඕනෑ.

    ReplyDelete
  3. හැමෝටම මිළක් ඇත. ඒ ගානට ආවොත් මම ද විකිණෙමි!

    ReplyDelete
    Replies
    1. විකිණීමට සැරසී සිටින්නෝ එසේ සිතති. නමුත්, නොවිකිනෙන්නෝද ඇත.

      Delete
    2. ඒ නොවිකිණෙන්නේ ඔවුන් ඉල්ලන මිළ නොලැබෙන නිසාය.

      මෑතකදී මා යම් දිනක මා විකුණෙනවානම් ඒ කීයකටද යන්න ගණනය කළෙමි. මගේ මිළ ඩොලර් මිලියන් දෙකයි දශම දෙකයි පහකි.

      මේ අනුව බොහෝ විට මා ජීවී කාලය තුළ නොවිකිණෙනු ඇත!

      Delete
    3. 2.2 million for recondition. Who is mad to buy...

      Delete
  4. වෙනස් වන සුළු පෘථග්ජන හිතක් හිමි ඒ හිමි ගෙත් හිත වෙනස් වෙන ලදි. අහෝ රතුපස්වල.
    - ප්‍රියා.

    ReplyDelete
  5. අනේ අපොයි!

    ReplyDelete
  6. අපිට මක්ක වත් නැද්ද හාමුදුරුවනේ ...

    ReplyDelete
  7. මමද දැන් ඒ අමා පැන් පානය කර සිටිමි. මම අමා පැන් පානය කර ස්ත්‍රී පහසක් විඳ සුවයක් ලබා ගැනීමට උත්සුක වන්නෙමි.

    ReplyDelete
  8. නොදොකින්
    තෙරිපැහැ
    බැරිවෙලා
    වෙරි වෙලා..........

    ReplyDelete
  9. අහෝ....!!!!
    අපි තවමත් මෙවැන්නන්ට කඩේ යමු...
    රතු පස්වල යට ගහනවටත් වඩා ඇන ගහලා එල්ලන්න තිබ්බේ.

    ReplyDelete
  10. සටන් පාවාදීම අමුතු දෙයක් නෙමෙයි මේ රටට මම බලන් හිටියේ මෙච්චර පරක්කු මොකද කියලා

    ReplyDelete
  11. පින්වතුනේ, ඒ වෙඩි තිබ්බේ අලුගෝසු ටීම් එක් අහවල්ලුනෙමේ. ඕකුන් දෙවියන්ගේ නියෝජිතයින්. ඒ පිට වූයේ පිරිත්කර හත්වරුවක් ජපකළ වෙඩි උන්ඩ. වැදුන කෙනෙක් නවතික්නේ සුරපුර.
    (අළුගෝසුවා එන්න පෙර)

    ReplyDelete
  12. oya patte inne bath kana harak, eka nisa ohoma wedi thiyala maruwata kamak na. dakkane thamange wyapara araksha kara ganna wedi thiyanna ana deepu ewunwa dinawapu hati

    ReplyDelete