Tuesday, October 29, 2013

හැම මගුලෙම හලාල්



"හැම මගුලෙම හලාල් ,කන්නේ  රෙද්දද?" මේ පසුගිය දිනක නුවර කොළඹ පාර  දිගට ඇලවී තිබුණු පෝස්ටරයකි. මේ ගැන විමසා බැලූ විට දැන ගන්නට ලැබුණේ හලාල් වලට   එරෙහිව බොදු බල සේනා විසින්පසුදින පැවැත්වීමට නියමිත රථ පෙලපාලියක් වෙනුවෙන් ඇලවූ ඒවා බවයි.

රෙද්දලාගේ රථ පෙලපාලිය අදාල දිනයේ පැවතුනු අතර ලොරි වෑන් පමණක් නොව සුඛෝපභෝගී ජීප් හා කාර් වලත් නැගී ගත් මැර පෙනුමැති තරුණ පිරිස් හා ශ්‍රමණ වේශධාරින් වාහන වල කවුලු වලින් ඔලුගෙඩි එලියට දමාගෙන හා ඒවායේ දොරවල එල්ලීගෙන " උලමගේ ලොක්කට එන්න කියාපිය, හලාල් අකුලා ගන්න කියාපිය " ආදි පාඨ කියමින් නුවර බලා ගමන් කලහ.

කාලයක් යටපත් වී තිබුණු හලාල් ප්‍රශ්නය මෙසේ නැවතත් ඉස්මතු කර ගැනීමට නානසාරට අවශ්‍ය වූයේ ඇයි. නිසැකවම මෙය හලාල් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ.

වසර තිහක් තිස්සේ හිඟන්නාගේ තුවාලය මෙන් උතුරේ යුද්දය පාවිච්චි කල ලංකාවේ ආණ්ඩුවලට තම පැවත්ම උදෙසා අලුත් දෙයක් , නව නිර්මාණයක් අවශ්‍යව තිබේ. කඩා වැටෙන ආර්ථිකය හමුවේ නියත ජනතා නැගිටීම් පාලනය කර ගැනීමට නම් එය අනිවාර්යය. නානසාරලා පාවිච්චි වෙන්නේ ඒ වෙනුවෙනි.

ඊයේ පෙරේදා හදිසියේ මතු කර ගැනීමට උත්සහ කල හලාල් විරෝධය , බොහෝ දුරට වීමට ඉඩ ඇත්තේ ආණ්ඩුවේ කැසිනෝ ප්‍රතිපත්තියට එරෙහිව  නැගෙන හඬ වෙනතක යොමු කිරීම වෙනුවෙන් නැගූ හඬක් බවයි.

කෙසේ වෙතත් නාන සාරලාට අපට කීමට ඇත්තේ රට ගිනි නොතබා රෙද්ද බැරිනම් සිවුර ගලවාගෙන හෝ කන ලෙසයි.


11 comments:

  1. //කාලයක් යටපත් වී තිබුණු හලාල් ප්‍රශ්නය මෙසේ නැවතත් ඉස්මතු කර ගැනීමට නානසාරට අවශ්‍ය වූයේ ඇයි. නිසැකවම මෙය හලාල් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ.//
    අනේ මන්ද අප්පා...

    ReplyDelete
  2. ඒ යකා කරන්නේ ධර්මපාල තුමා කරපු කොන්ත්‍රාත් එකෙයි කියන්නේ.

    ReplyDelete
  3. //වසර තිහක් තිස්සේ හිඟන්නාගේ තුවාලය මෙන් උතුරේ යුද්දය පාවිච්චි කල ලංකාවේ ආණ්ඩුවලට තම පැවත්ම උදෙසා අලුත් දෙයක් , නව නිර්මාණයක් අවශ්‍යව තිබේ. කඩා වැටෙන ආර්ථිකය හමුවේ නියත ජනතා නැගිටීම් පාලනය කර ගැනීමට නම් එය අනිවාර්යය. නානසාරලා පාවිච්චි වෙන්නේ ඒ වෙනුවෙනි./// මේක අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ යාලු

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුව යුද්දෙ ඉවර කල බව දන්නේ නැති එවුනුත් ඉන්න හැටි,යකෝ මේ ආන්ඩුව යුද්දෙ හිගන්නගෙ තුවාලෙ වගෙ කලේ නෑ.

      Delete
  4. ජාතිවාදය සහා ආගම්වාදය තම ආදායම් මාරගය කර ගත් ගොබ්බයන් පිරිසක් වෙන මොනවා කියලා කරන්නද කලාමැදිරියෝ.
    අපේ මෝඩයොත් ඔය ලණු කනවා.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙ දේශද්‍රෝහී වෙන්න කියලද?යකෝ ජාතික රූපවාහිනියෙ මහවිරු කතාව ප්‍රචාරය කළ අතීතයක් අපට තිබෙන්නෙ.උඹ කියන්නෙ සමලිංගික විපක්ෂයට චන්දෙ දෙන්න කියලද? අන්න දැන් පොන්න මන්ඩලයක් පත් කරගෙන කියන්නෙ.

      Delete
  5. සදරුවන්October 29, 2013 at 10:05 PM

    අනේ රෙද්දේ රෙවිච්ච බන්කොලොත් සමාජවාදියෝ මොන ප්‍රශ්නයක් වුනත් යටපත් වුනේ ඒකට විසදුම් නැතුව නම් ඒක ආපහු උඩට අරගෙන විසදන්න ඕනි කියන එක අනුන්ගේ කුණු බක්කි අවුස්ස අවුස්ස කුණු කකා ජිවත් වෙන උබලට නොතේරෙන එකනේ පුදුමේ.

    ReplyDelete
  6. හලාල ප්‍රශ්නය වෙනුවෙන්ද නැත්නම් ආණ්ඩුවට කඩේ යාමටද කියලා දැන ගන්න තියෙන්නේ පුලුවන් නම් ඔය සේනාවට චෝගම් ඉස්සරහට ගිහිල්ලා කෑ ගහන්න කියන්න.එතනට ඔය උලමා ද මොකාද එනව ඇතිනෙ.

    ReplyDelete
  7. අපෙ රටේ සහජීවනේ සහ මල්ටි කල්චර් උමතුවෙන් ඉන්න අයටත් දූපතෙන් එපිට අඩියක්වත් තියලා නැත්තන්ටත්, මුස්ලිම් අන්තවාදය තේරෙන්නේ නෑ. නානසාරලගේ අගෙන්ඩා එක මොක උනත්, ඒ කියන අන්ඩර දෙමලේට තේරුමක් තියෙනවා. ඉන්ටර්නෙට් එකෙ හොයන්න, බ්‍රිතාන්‍ය, ඇමරිකාව යුරෝපා රටවල් හලාල් විරොදී දේශපාලනික නොවන ජනතා ව්‍යාපාර තියෙනවා. එහෙම නැතත්, බොන වතුර එකට ඌරු ඇටකටුවලින් හදපු අඟුරුවලින් පෙරල නෑ කියල ඔප්පු කරන්න හලාල් සහතිකේ අවශ්‍ය වෙද්දී ඌරො ප්‍රාශ්වාස කරපු ස්වභාවික වාතය හලාල් වෙන්නේ කොහොමද? බැරි වෙලාවත් ඉස්සරහට ඔක්සිජන් ටැංකි ගන්න කාලයක් ආවොත් ඔය හලාල් කස්ටිය ඒවාට අර සහතිකේ ඉල්ලනවා ඒකාන්තයි! අනික, ආගමික සහතිකයක්, පොදු ආහාරපානව්ලට දාපුවාම, ඒ මිනිස්සුන්ට අසාධාරණයක් නැද්ද? බුදුහාමුදුරුවන්ට හරි, හින්දු දෙවියෙක්ට හරි 'කැප කරපු' කෑමක් කන්න ඔය සහජීවන මුස්ලිම් අය ඉදිරිපත් වෙනවාද? නෑ නේ? එතකොට අල්ලාට කැප කරපු කෑම මුලු රටක්ම කන්න ඕන? මුස්ලිම් කෙනෙක් ගෙන් ඇහුවොත් ඔය කථාව නෙවෙයි කියන්නේ. හලාල් කියන්නේ අනුමත, පිරිසිඳු කියන එකයි කියලා තමයි අන්දාවන්නේ!
    පිරිසිඳු හලාල් පචවෙන්නේ මෙහෙමයි. හිතන්න කැන්සර් එකක් තියෙන හරකෙක්ව හජ්ජි වලට බෙල්ලේ තියෙන බල නහරයක් කපලා 'අල්ලා හු..' කියලා ලේ ටික යනකල් අර සතාව (මරණ බයෙන් වේදනාවෙන් ඒ 3කට වඩා තියනවා. හැබැයි ලේසියට මෙයාලා කරන්නේ උගුරු දන්ඩත් එක්ක එක සැරෙ කපනවා) තියනවා. ඔන්න දැන් හලාල්! ඒත් අර සතාගේ කෑමට නුසුදුසු මස් හලාල් කියලා බෙදා ගන්නවා! මාර පිරිසිඳුයි නෙ? මේ වගේ වැරදි සහිත සහතිකයකට 'කමක් නෑ' කියන්න අපිට පිස්සු වෙන්න ඕනා!

    ReplyDelete
    Replies
    1. ඔවු බන්.අන්න එහෙම වරෙන්.

      Delete
  8. ලබ්බේ හලාල් මගුල.මට නම් ඕක දැන් අහලත් එපා වෙලා..

    ReplyDelete