Monday, December 2, 2013

අපිටත් බෙන්ස් එකක්



මෙදා සැරේ අයවැයෙන් රජයේ සේවකයින්ට අත දිග හැර මදි නොකියන්ට ඓතිහාසික දීමක් දී තිබේ.අනම් මනම් නැත. මාසෙකට එක්දාස් දෙසීයක්ම දුන්නේ එතුමාට සුපුරුදු රාජකරුණාවෙන්මය. මාසෙක්ට එක්දාස් දෙසීයක්. දවසකට සුපියල් හතලිහක්ම. නිකම් සුපියල් නොව ගෙඩි සුපියල් හතලිහක්ම . මේ වගේ දීමක් ගැන මහාවංසේවත් ලියවිලා නැත. 

මේ උතුම් රාජ්‍යයේ රාජ්‍ය සේවකයෙක් වන මම දැන් ඉතින් කල්පනා කොරන්නේ මේ ලබා දුන්නු මහා ධන නිධානය කලමනාකරනය කොර ගන්නේ කොහොමද කියලාය. උතුමානන් වහන්සේලා අපි වගේ හුදී ජනයාට මේ වගේ වස්තු සම්බාරයක් දුන්නාම ඒක නැති නාස්ති කර ගන්ට හොඳ නැත. 

ඒක නිසා මේ ලබා දුන්නා වූ එකදාස් දෙසීය රටට ජාතියට වැඩක් වෙන , දේශප්‍රේමි විදියට වියදම කොරන එක ජාති මාමක රාජ සේවකයින් කාගෙත් යුතුකොමය.

අපේ ගෙදර උදවියත් එක්කත් කතා කොරලා මම ඒකට ගැහූ පැලෑන මෙහෙමය. 


ලොකු එකාට නාමල් බේබි එක්ක රේස් පදින්ට මිල අඩු කරපු රේස් කාර් එකක් ගන්ට රු. 130.75

 චෝගම් එකට ගෙනා බෙන්ස් කාර් එකක් අපේ අප්පච්චිට අරන් දෙන්ට  රු. 125.00

පොඩි කොලු අභ්‍යවාකාස විද්දියාව ඉගෙන ගන්ට චීනෙට  යවන්ට රු. 200.00

ලොකු  කෙලීගේ වෙඩිම ඔබරෝයි එකේ ගන්ට රු. 75.25

කොළඹ කො‍ටුවෙන් පර්චස් හාරසීයක් අරන් කැසිනෝ පොලක් දාන්ට රු. 503.00

ගෙදර උන්දෑ ඩිස්නිලන්තෙට යවන්ට රු.74.10

ගනන් බැලුවාම තව රු. 91.90 ක්ම ඉතුරුය. ඒකෙන් රුපියල් 91 පොඩී කෙලීට දෑවද්දට දෙන්ට තියාගෙන ඉතුරු ශත අනූව මට  නෙත්තිකුමාර නෝනාගේ බූරුපොලට යන්ටය.

සටහන- රජයේ සේවක සියල්ලෝම මේ වගේ වැදගත් සැලස්මක් හදා ගත්තොත් මේ රට ආස්චර්යක් කොරන එක මහ කජ්ජක් නොවේය. 

13 comments:

  1. මෙච්චර වියදම් කරලා තව බුරුවා ගහන්නත් සල්ලි ඉතුරු උනා කියන්නේ කොහොමද නේද ආයුබෝවන්ඩ

    ReplyDelete
  2. බෙන්ස් වලට අමතරව තව කාර් හෙන ලොට් එකක් ගෙනාවා පිරිවර සේනාවල් වලට යන්න... මං හිතන්නේ ඒවා පිනට දෙනවා ඇති රජතුමා... කලින්ම ගියොත් මුලම නොම්මරයක් ගන්න පුළුවන් වෙයි... හි හි

    ReplyDelete
  3. නෙත්තිතුමාර පව් වෙස්සන්තරට පස්සෙ ගෑනිව දන් දුන්නු එකම බුවා වෙන්න ඇති නෙත්තිකුමාර කියන්නෙ..

    ReplyDelete
  4. උබවයි බන් ගන්ඩ තිබ්බෙ අය වැය හදන්ඩ :D

    ReplyDelete
  5. උබවයි බන් ගන්ඩ තිබ්බෙ අය වැය හදන්ඩ :D

    ReplyDelete
  6. උබවයි බන් ගන්ඩ තිබ්බෙ අය වැය හදන්ඩ :D

    ReplyDelete
  7. පොහ්.................පැන්සොන් කාරයෝ වෙච්චි අපට ලැබුනේ රුපියල් 350 යි නේ පඩි වැඩිවීම. මම බැලුවේ ඒකෙන් කොළඹින් ඉඩමක් අරං කැසිනෝවක් දාලා, අර බූරුවා ගස්සන නෝනා එකේ මැනේජර් කරන්ඩ.

    ReplyDelete
  8. භාණ්ඩාගාර ලේකම් කමට සුදුසුකම් පෙන්වා ඇත

    ReplyDelete
  9. අවුලක් නෑ බං අර අඩු කරපු බලු කෑම,බළල් කෑම එහෙමත් තියෙන්නේ.www.amuthisithuwili.wordpress.com

    ReplyDelete
  10. උඹ බූරු පොලට යන දවසට මටත් කියපං,ආසාව තිබ්බට තනියම යන්න බෑ නිකං කිචි කිචි වගේ බං.

    ReplyDelete
  11. මුන් හිතන් ඉන්නෙ අපි ගොන් කියල බන්.ඒකයි මේ ගනගෙඩි ඉස්සරහට දාගෙන ජාතිවාදෙ අවුස්ස අවුස්ස දේශප්‍රේමී බණ කිය කිය ගසා කන්නෙ.මම නම් බිබී නටන එකා.උබ ල කල්පනා කරල කොමෙන්ට් කරපල්ල

    ReplyDelete