ජීනිවා වල මොන යෝජනා ගෙනාවත් අපිට කමක් නැත. 28 දා ජිනීවා වල චන්දෙන් මොනවා උනත් අපි බය නැත. අපි බය 29 දා ලංකාවේ තියෙන චන්දේ ගැන විතරය. ඒ මොකද කිව්වොත් මේ චන්දෙන් අපි ඇන්නොත් ආයේ ඉතින් ඩොමිනෝ කැට වගේය. එක පෝලිමට යනවා ෂුවර් නිසාය.
ජිනීවා ගැන අපිට බය නැත. ඔය සුද්දොන්ට බය වෙන්නේ ජාති දේශ ද්‍රොහීන්ය. අපි එහෙම නැත. දේශපෙරේමිය.
ඔය පර සුද්දෝ කියන මොනවත් අපි පිලිගන්නේ නැත. සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරනවාය. එහෙම කරන්ට අපි බය ද නැත. ඇයි අපිට මොනවා කරන්ටද? වැඩිම උනොත් ආර්තික සම්බාදක දාන්ට ඉඩ තිබේය. ඉතින් අපිට පාං ද?
සුද්දොන්ගේ ආර්තික සම්බාදක වලට බය වෙන්නේ බයියන්ය. ඔවුන් සම්බාදක දැම්මොත් බෙහෙත් නැති වෙන්නේ තඹුත්තේගම ඉස්පිරිතාලේ මිසක් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් ඉස්පිරිතාලේ නොවෙයිය. තඹුත්තේගම ඉස්පිරිතාලෙන් අපි තියා අපේ බල්ලොවත් බෙහෙත් ගන්නේ නැත. බැරිම වුනොත් අපි ඇමෙරිකාවේ ගොහින් ඉන්නවාය. අපේ කට්ටිය එහෙත් පුරවැසියෝය.
ඒක නිසා තමුන්නාන්සේලාත් ජිනීවාවල මොනවා වුනත් බය වෙන්ට එපාය. තමුන්නාන්සේලාට තියෙන්නේ 29 දා පාන්දරින් ගිහින් අපිට චන්දය දීලා ඇවිත් රෑට සොට් දෙකක් දාගෙන චන්ද ප්‍රතිපල අහන්ටය.
ඉතිරි ටික අපි බලා ගන්නම්ය.
අනේද කියන්නේ කලාමදිරියෝ ...
ReplyDeleteමොකට බය වෙනවාද අපේ මහින්ද මාමා අර අතේ තියෙන බොලේ මිරිකුවාම ඔය ඔක්කොම අපිට බයේ සැලෙනවානේ.
ReplyDeleteබලමු බලන්න,ලෝකෙ 18 වෙනි කාලකන්නි රටේ මිනිස්සු,එදාටවත් හරි තීරනයක් ගනීද කියල.
ReplyDelete//රෑට සොට් දෙකක් දාගෙන//
ReplyDeleteසහසුද්දෙන්ම මේ නම් කලා මැදිරියාගේ වාසියට කියූ කතා වක්මය.. :-)
මම නම් උදේ ඉඳලා දාගෙන ඉන්නේ
Deleteරනිල්-අනුර-
ReplyDeleteරෝම ප්‍රඥප්තිය අනුව කාටවත් පුද්ගලිකව දඬුවම් කරන්න බෑ.
ඒ නිසා අමාරුවේ වැටෙන්නෙ රටය, ජනතාවය.
විමල්- බය වෙන්න එපා.
සතුටෙන් ඉන්න. කොළඹ ඇමරිකානු එම්බසිය ඉදිරිපිට ඝෝශාවක් දමා චන්ද ටික ගත්තාම අපට මදිද? අප යනු ඔබය. ඔබ යනු රටය. හුටා... වචන වැරදුනා නේද?
රජතුමා- මොනවද බූරුවො කියන්නෙ පිටපත හරියට කියෝපිය.
නෑ නෑ ඔබ යනු රටම නොවේ. රට යනු අපය. අප අමාරුවේ වැටෙන්න ඉඩ දෙනවද ?
දැන් පපුවට දඩි බිඩි ගා දකුණතින් පහර දෙන්න.
දොරමඬලාව- හසන්ත මහත්තයො ඕකත් කජ්ජක්ද මහත්තයෝ, ඔය චෝදනා පතතරේ රෝල් කොරල සුද්දන්ගෙ පස්සෙ පැත්තෙ ගහමු හසන්ත මහත්තයෝ.
හවසට ටෙලි නාට්‍ය ටික බලන්න. කඩෙන් ගෙනත් කොත්තු එකක් කන්න. සතුටෙන් ඉන්න. මැද පෙරෙදිග යන්නට කාන්තාවන්ට ඕසෙට ඇබෑර්තු ඇත.
ජීනිවා පැරදීමම දිනීමක් වේ ඡන්දය...
ReplyDelete