Friday, May 16, 2014

සිරස වෙසක් මාරයි ඕයි



හැම සැරේම වගේ මේ සැරෙත් මහරාජා මුදලාලි බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වී වෙසක් කලාපය පැවත්තුවෝය.මේ කලාපෙට ෆුල් සපෝර්ට් එක දුන්නේ ජේමිස් පැකර් එක්ක කැසිනෝ කලාපයක් දාන්ට සෙට් වෙලා ඉන්න ජෝන් කීල්ස් මුදලාලිය. වෙසක් කලාපෙයි කැසිනෝ කලාපෙයි එකට යනකොට  භක්තිය  මාරය. දෙගොඩ තලා යනවාය.

 සිරස මුදලාලිත් මාරය. වෙසක් කලාපෙත් මාරය.විවෘත කරන්ට ආපු හෙට්ටිගේත් මාරය. සංධාන ලැයිස්තුවෙන් චන්දෙට දාපු සිරසේ සුසර දිනාලුත් මාරය. මහරාජාත් මාරය. මහරාජාට බුද්ධ ධාතු විකුණ න යටිහලගල පංසලේ සාධුත් මාරය. 

කට්ට අව්වේ වේලෙමින් මහරාජලාගේ ජෝන් කීල්ස්ලාගේ ගේ මේ බිස්නස් වැඩ වලට සාධු කියන  ගමේ ගොඩේ කට්ටියත් මාරය. මේ රටත් මාරය. අන්තිමේ දී අපිත්  මාරය.


6 comments:

  1. අපි නම් ඉතිං කොහොමටත් මාරයිනේ ..:-)

    ReplyDelete
  2. ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්ය අපි කොහොමත් මාරයිනේ...:D

    ReplyDelete
  3. ඇයි මේ මාරයටම දොස් නගන්නේ

    ReplyDelete
  4. NE NE MARA NEHE

    ReplyDelete
  5. සිරසෙන් කුනු බැනුම් අහ අහ සිරසේ වෙසක් විවෘත කරන්ට එන රනිලුත් මාරය.

    ReplyDelete
  6. එකෙකුටවත් ලැජ්ජාවක් නෑ බං..යන්නේ කොහේද කරන්නේ මොනවද කියලා දන්නේ නෑ

    ReplyDelete