Thursday, May 22, 2014

දිවයින ජඩ මාධ්‍ය කලාව



යම් යම් අපරාධ සඳහා සැක පිට අත් අඩංගුවට ගන්නා සැක කරුවන් වෙඩි තබා මරා දමා  සැඟවූ ආයුධ පෙන්වීමට යාමේදී තමන්ට වෙඩි තැබීමට හෝ බෝම්බ දමා ගැසීමට උත්සාහ කළේ යැයි කියමින් එම සැක කරුවන්ට වෙඩි තබා ම්රා දැමීම ශ්‍රී ලංකා පොලිසීය විසින් මෑත කාලයේදී  බහුලව කරනු ලබන  ක්‍රියාවකි.

පොලිස් නිලධාරින් හත් අට දෙනෙකුන්ගේ ආරක්ෂාව යටතේ , මාංචු දමා ගෙනයනු ලබන මෙම සැකකරුවන් මෙසේ බෝම්බ ගැසීමට හෝ වෙඩි තැබීමට උත්සාහ කලා යැයි පැවසීමත් එය විශ්වාස කිරීමත් එක සේ මෝඩ කමකි.  එමෙන්ම ඔවුන්ට එසේ වෙඩි තබා මරා දැමීම මුලු මහත් ශිෂ්ඨ සම්පන්න ලෝකය විසින්ම හෙලා දැකීමට භාජනය විය යුත්තකි. පිළිකුලට ලක් විය යුත්තකි.

එහෙත් ශිෂ්ඨත්වය පිළිබඳ කිසි හැඟීමක් නැති ශ්‍රී ලංකා පොලිසිය එ ක්‍රියාව දිගටම කරගෙන යන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද  එම සාපරාධී ක්‍රියාව සාධරණීකරණය කිරීමට කට උල්  කරමින් බොරු තොග පිටින් ඇද බායි.

මොවුන් අතින් මිය යන බොහෝ දෙනෙකුන් සමහර විට නිවැරදි අහිංසක පුද්ගලයින් විය හැක. අනිත් අතට ඔවුන් වරද කරුවන් වුවද පොලිසීයේ වගකීම ඔවුන් අල්ලා උසාවියට ඉදිරි පත් කර නීතිය මගින් දඬුවම් ලබා දීම මිස අමු අමුවේ මරා දැමීම නොවේ.

චිත්‍රපට නම් එසේ යැයි හඳගම කිව්වා සේ අපටත් පොලිසීය නම් එසේ යැයි කීමට පුළුවන. එහෙත් ඒ පොලිස් ම්ලේච්ඡත්වය ඔබ හෝ මා කරා එන තෙක් පමණි.

සමස්ත ශිෂ්ට ලෝකයේම පිලිකුලට බඳුන් වන පරිදි පොලිසිය එසේ මිනී මරද්දි ,තමන් මහා ශිෂ්ඨ සම්පන්න , සිල්වත් , මාධ්‍ය කරුවන් හා මාධ්‍ය යැයි පෙන්වා ගෙන සිටින සමහරුන් මෙම ඒ අපරාධ , අමුඅමුවේ මිනීමැරීම් වලට උල්පන්දම දෙති.

පහතින් දැක්වෙන්නේ දිවයින් නම් ජාතිවාදි පත්තර කඩමාල්ලෙන් උපුටා ගත් කතු වැකියකි.හොඳින් මතක තබාගන්න, මෙය කතු වැකියකි.

"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත. කොහොමටත් ස්‌ත්‍රී දූෂකයන්ට හෝ ළමයින් අපහරණය කරන අයට මරණ දණ්‌ඩනය දෙන්නේ ද නැත. ඒ නිසා ආයුධ බැලීමට යැමේදී හෝ මේ අපරාධකරුවන්ට මරණ දණ්‌ඩනය හිමිවිය යුතු බවට මතයක්‌ සමාජ සාධාරණත්වයට ගරු කරන ජනතාව තුළ ඇත. ඒ නිසා ආයුධ පෙන්වන නීතිය අපරාධකරුවන් එක්‌ක යැමට මග වියදම් හෝ යාන වාහන පොලිසියට නැත්නම් ඒවා තම සාක්‌කුවෙන් හෝ ලබාදීමට පොදු ජනතාව එකඟ බව අපගේ විශ්වාසය ය.

එහෙත් දේශපාලනය බලවත් වන තැන සහ පොලිස්‌ නිල බලය මතුවන තැන පෙර කී "ආයුධ ටි්‍රප් එක" යැමට පොලිසියට ද බැරි වෙයි. තරුණ කොල්ලන් දෙදෙනකුට දස වධ දී වෙඩි තබා මැරවූ අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ව සිටි කාකි කෝට්‌කාරයාට ආයුධ පෙන්වීමට යැමට පොලිසියට බැරි විය. එසේම විදේශික කාන්තාවක්‌ දූෂණය කළ කිහිපදෙනෙක්‌ම ආයුධ ටි්‍රප් එක 'මිස්‌වීමෙන්' දැනට 'ඇතුළේ' හෙවත් හිරගෙදර සිටිති. මුන්ට බත් ගිල්ලවීමට සිදුවී ඇත්තේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. කුඩුකාරයන් වැඩි දෙනකුට ද ආයුධ බැලීමට යැමට බැරි විය. මේ අය එක්‌කෝ ආයුධ පෙන්වීමට ගෙන යා යුතුය. නැත්නම් මාංචු පිටින් ගඟට පැන පිහිනීමේ මහා තරගයට සහභාගි කරවිය යුතු ය. ප්‍රාණඝාතය පව් තමයි. එහෙත් සමාජය හදන්නට නරක උන් දෙතුන් දෙනකු යම ලොවට යෑවිය යුතුම නම් කුමක්‌ කරන්නද?"


මෙය ජනමාධ්‍ය කලාව නොව ජඩ මාධ්‍ය කලාවයි.මෙවැනි කතුවැකි මිනිසුන්ට  සැබෑ මාධ්‍ය කරුවන්ට ලිවිය හැකිදැයි අප නොදනිමු. හැබැයි බඩ ගෝස්තරය වෙනුවෙන් ඕනෑම දෙයක් ලියන ජඩ මාධ්‍ය කරුවන්ට නම් හැකිය.

19 comments:

  1. දිවයින කියන්නෙ,බඩු ඔතන්න ගන්න හොඳ පත්තර පඩංගුවක්නෙ.

    ReplyDelete
  2. මේ නීතිමය රාමුව අපිට දුන්නෙ සුද්දො. ඒක හරියට නිකං වැද්දෙක්ට පුල් සූට් එක ඇන්දුවා වගේ වෙලා දැන්..
    අපේ අයට තේරෙන්නෙ නැහැ ආයතන හරහා නිවැරදිව වැඩ ගන්න ආකාරය. අපේ අය තාමත් ඉන්නෙ අර රජකාලෙ එකපාර නඩු අහලා මිනිහා එල්ලන්න ඕනි කියන තැන. මේ උෂාවි පොලිසි,නීති හැම එකම තියෙන්නෙ මිනිස්සු උදෙසා. ඒවා නිවැරදිව ක්‍රියාත්මක නොවන විට එය හදාගන්න මහජනයා සහ බුද්ධිමතුන් පෙලගැහෙන්න ඕනි. නමුත් කොයි තරං ඇඳුන් ඇන්දුවත් අර පරණ වැද්දගේ ගතිගුණ ඉස්මතු වෙනවා වගේ පරණ සිරිත් ටිකම ආයෙත් උඩට එනවා. ඒක නවත්වන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. වැද්දන්ට අපහාස කරන්න එපා. මේ වගේ දේවල් ස්පිටල් ගේ පොත්වල්වත් කියවලා නෑ නේද?

      Delete
  3. මින්ස්සු පාරට බැහැල වැඩේ වන කළේ නැත්නම් අර අඟුලානෙ ‘‘තරුණ කොල්ලන් දෙදෙනා‘‘ කුඩු කාරයො දෙන්නෙක් හරි අපරාධකාරයො දෙන්නෙක් හරි වෙන්න හොඳටම ඉඩ කඩ තිබ්බා. එ් සරල සත්‍යයවත් මේ කතුවැකිය ලියපු මනුස්පයට තේරෙන්නෙ නැද්ද. මේ විදියට නීතියට පිටින් වෙන ඝාතන ඕනම පැත්තකට යොමු වෙන්න පුළුවන්. මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමට විකල්පය මේකද? එහෙනම් රටකට නීතියක් මොකටද?

    අනික මේ ඝාතනවල වැරැද්ද පොලිසියෙ විතරක් නෙවි. අධිකරණයත් මේකට වගකියන්න ඕන. මේ හැම මරණයකදිම පොලිසිය කියන කෙප්පෙ කිසිම වගවිභාගයකින් තොරව අධිකරණය පිළිඅරගෙන සීල් එක ගහල අනුමත කරනවනේ. රටේ හැම මෝඩයම දන්න ඇත්ත කතාව මහේස්ත්‍රාත්වරු දන්නෙ නැතුවද?

    ReplyDelete
    Replies
    1. යට කොමෙන්ට් එකෙන් මම කිව්වෙ ඒක තමයි.පොලිස්කාරයෙකුට තමන්ගෙ පුද්ගලික කෝන්තරයකටත් මේ විදියට මිනීමරන්න පුළුවන්.මේක හරි භයානකයි.පොලිස් අපරාධකරුවන්ට ත් මේ ක්‍රමයට දඩුවම් දෙනවද.පොලීසියෙන් ගහල මැරෙන අන්ත අසරණයො ඉන්නෙ.

      Delete
    2. යට කොමෙන්ට් එකෙන් මම කිව්වෙ ඒක තමයි.පොලිස්කාරයෙකුට තමන්ගෙ පුද්ගලික කෝන්තරයකටත් මේ විදියට මිනීමරන්න පුළුවන්.මේක හරි භයානකයි.පොලිස් අපරාධකරුවන්ට ත් මේ ක්‍රමයට දඩුවම් දෙනවද.පොලීසියෙන් ගහල මැරෙන අන්ත අසරණයො ඉන්නෙ.

      Delete
    3. දිවයින පත්තරෙන් පෙන්වලා තියෙන්නේ ස්ත්‍රී දූෂණ වගේ අපරාධ වලට මෙහෙම කරන එක හරි කියලා. ඒකේ වරද මොකක්ද?

      Delete
    4. @ වනිතා හඬ,

      මෙතන තියෙන වැරැද්ද මොකක්ද කියල තේරෙන්නෙ නැත්ද? එහෙම නම් කරන්න තියෙන්නෙ මේ වගේ ලිපියකට කමෙන්ට් නොකර ඉන්න එක. ස්ත්‍රී දූෂකයොන්ට විතරක් නෙවි හැම අපරාධකාරයෙකුටම දඬුවම් ලැබෙන්න ඕන. ඒත් ඒකට ශිෂ්ඨ ලෝකය පිළිගත් ක්‍රමවේදයක් තිබෙනව. වැරදිකරන අයට දඬුවම් කරන්නෙ ඔවුන්ගෙන් පළිගන්න නෙවි. ඔවුන් තවදුරටත් සමාජයට වෛර කරන්නන් බවට පත්කළ යුතු නැහැ.

      Delete
    5. මේ කාන්තාවක් ලෙස පෙනීසිටින එකෙක්. අහුවෙන්න එපා මේවගෙ මැන්ටල් කේස්වලට

      Delete
  4. ගුරුවරිය දන ගැස්වූ සිද්ධිය ගැන පලවූ දිවයින මිනීමරු කතුවැකිය මෙන්න.
    http://www.divaina.com/2013/06/17/editor.html

    මෙහි අවසානයේ දී මොවුන් mass murderවලට උඩගෙඩි දෙනවා.

    ReplyDelete
    Replies
    1. දිවයිනේ මිනීමරු කතුවැකියක් ගැන ලින්ක් එකක් දැම්මට තෑන්ක්ස්

      Delete
  5. මෙතන ගැටළුවක් තියනව.දිවයිනේ මිනීමරු මාධ්‍යවේදීන් මේක කොහොම විග්‍රහ කරනවාද දන්නෙ නෑ.කෙනෙක් වැරදිකරුද නිවැරදිකරුද කියා පොලිස් නිළධාරියෙක් තීරණය කරන්නේ කෙසේද?
    පොලිස් මිනීමැරුම් සඳහා වෙනම කන්ඩායම් 89 භීෂන කාලයේ මෙන් පොලීසි වල සිටිනවාද?
    එය නීත්‍යානුකූලද?
    මෙසේ කටයුතු කරන්නේ නම් රටකට නීතියක් අධිකරණයක් අවශ්‍යද?
    බරපතලම ප්‍රශ්නය මෙය නොවේ.රටේ කෝටි දෙකක් වන සියළු පුරවැසියන්ට ආයුධ පෙන්වීමේ අවදානම තිබෙන නිසයි.අගුලානෙත් වුනේ මේකයි.ඒ මරණත් පාතාල ගිණුමට බැර කරන්න යන කොට මාධ්‍ය ඇවිස්සුනේ නැත්නම් දිවයින කතුවැකිය දාන්නෙ ඔහොම නොවෙයි.
    ආයුධ පෙන්වීම කොයිතරම් වටිනවාද බලන්න අගුලානේ දරුණු අපරාධකරුවන් දෙදෙනෙකු මැරූ හැටි කියා කියනු ඇත.
    පොලිස් නිළධාරීන්ට තම පුද්ගලික අමනාපකම් නිසාත් මෙසේ මිනී මැරීමට පුළුවන.
    ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව සියල්ලන්ටම අවබෝධ වෙමින් පවතී.

    ReplyDelete
    Replies
    1. එතකොට ස්ත්‍රී දූෂකයන් බාල වයස්කාරියන් අඹුකමට ගන්න බාල අපරාධකරුවන් හුරතල් කරන්නද කියන්නේ.

      Delete
  6. දිවයිනට බැනවැදීම සාධාරණ නෑ. දිවයිනේ කතුවැකිය මමත් අනුමත කරනවා. විශේෂයෙන් ස්ත්‍රී දූෂකයන් සම්බන්ධයෙන්.ඔවුන්ට මරන දඬුවම දෙන්න බැරිනම් ආයුධ පෙන්වන්නට ගෙනගොස් මරාදැමීම හෝ කළයුතුයි. හැකිනම් පොලිස් කාන්තාවන් මෙයට යොදාගතයුතුයි. බාලවයස්කාරියන් රවටාගෙන ගොස් විවාහකරගෙන අඹුකමට ගන්න සල්ලාලයන්ටත් මීට අන්ත ලෙස දඬුවම් කරනවනම්. ඒ මොන ක්‍රමයට උනත් මම ඒක අනුමත කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාට තියෙන්නේ රට හදන්න උවමනාවක් නෙවෙයි පිරිමියෙක් පේන්න බැරි කාන්තා විමුක්ති උමතුව. ඔය දිවයින කියන ජඩ ත්‍රස්තවාදි පත්තරේත් කාලයක ඉඳලා මේ බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදී උන්මත්තක මතවාදයට උඩගෙඩි දෙනවා. වනිතා හඬට දිවයින පත්තරේ මේ ජඩ මතය එක්ක එකට ඉන්න අවශ්‍ය එයාගේ මතයයි දිවයිනේ ජඩ මතවාදයයි සමාන නිසා. කාන්තා විමුක්ති ගෑණුන්ටයි උන්ගේ ජඩ මාධ්‍ය බලකායටයි පිරිමි ලිංගිකත්වයම අපරාධකරණය කරන්න ලොකු උවමනාවක් තියෙනවා. ස්ත්‍රී දූෂණ මුලට ගන්න මේ යක්කුන්ට වෙන ඊට වඩා බරපතල විනාස කරන කාලකන්ණින්ට මරන දඬුවම දෙන්න ඕනේ කියන්න දිව නැමෙන්නේ නෑ.

      Delete
    2. මේ කාන්තාවක් ලෙස පෙනීසිටින එකෙක්. අහුවෙන්න එපා මේවගෙ මැන්ටල් කේස්වලට

      Delete
  7. මේ රටේ අධිකරණය ස්වාධින නැහැ,එත් පොලිසියකට නඩු අහන්න බලයක් නැහැ..පොලිසිය කරන්නේ තමන්ට නැති බලයක් ආරෝපනය කර ගැනීමක් මේ.නමුත් අවසනාවකට මේකට රටේ ගොඩක් අය කැමතියි.මේකෙන් වෙන්නේ අන්තිමේ රටේ නිතිය සම්පුර්ණයෙන් බිද වැටීමයි.

    ReplyDelete
  8. ඔය දිවයින පත්තරේට ඇති ජාතිකත්වයක් නෑ. තියෙන්නේ බටහිර නූතනත්වයේ ජරාම අංග වලින් මොඩ් වෙච්ච කුහක බොරු ජාතිකත්වයක්. දිවයින පත්තරේ මේ වගේ ජඩ අදහස් ප්‍රසිද්ධියේ එලියට දාන්නේ අත්තනෝමතිකකම රටට ප්‍රදර්ශනය කරමින්. මේ ජඩ පත්තරේ හිතන්නේ මුලු රටේම මතය දිවයිනට පක්ෂපාතීයි කියලා. මුන්ට ස්ත්‍රී දූෂණ තමයි මුලින් මතක් වෙන්නේ. සමහර විට අඩු වයසින් බාල වයස්කාරියක් එක්ක විවාහ වන අහින්සකයෙක් උසාවි නොයවා පොලීසිය විසින් සිද්ධිය ගොඩින් බේරුවානම් දිවයින පත්තරේ ජඩ මාධ්‍ය ත්‍රස්තවාදියෝ පොලීසියට බනින්නේ ඒ මිනිහව ආයුධ පෙන්නන්න එක්ක ගිහින් මැරුවේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්න කරන ගමන්. මේ පත්තර ත්‍රස්තයන්ට එල්ලුම්ගස් මානසිකත්වයක් තියෙනවා කළක ඉඳන් ඉහවහ ගියපු. එතනදි මුන් නීතිය ක්‍රියාත්මක වීමේදී ඇතිවන ගැටලු දුර්වලකම් ගැන කතා නොකර කට පරිස්සම් කරගන්නවා. ඔක්කොම් ප්‍රශ්න මරන දඬුවමෙන් විසඳන්න පුලුවන් කියලා මුන් කියන්නේ.

    ReplyDelete
  9. මේ පත්තර කාරයෝ හිතන්නේ උන් තරමට දන්න කිසිම කෙනෙක් නෑ කියලා උන් හිතන්නේ උන් කියනදේ රටම පිළිගන්න ඕනේ කියන එක. මේ වගේ පට්ට ගොන් කතාවක් උඩඟු කමෙන් කතුවැකියේ දායිද නැත්තන්

    ReplyDelete