Tuesday, May 6, 2014

වෛද්‍ය සංගමය අනුන්ගේ සීනි කිරීම




සූතිකාගාර පුහුණුවක් පිළීබඳ ප්‍රශ්නයක් නිසා රජයේ හෙදියන් විසින් අරඹා ඇති වර්ජනයට අදට දින තුනකි. මේ වර්ජනය හේතුවෙන් රෝගීන් මහත්  අපහසුතාවට මෙන්ම ඔව්න්ගේ ජීවිතද අනතුරු දායක තත්වයකට පත්ව ඇත. ඔවුන්ට මේ පුහුණුව ලබා දීමෙන් ඇතිවන අයහපත කුමක්දැයි අපට නම් නොතේරේ.  හදිසි තත්වයකදී උදව් ලබා ගැනීම සඳහා හෙදියන්ට මෙම පුහුණුව ලබා දී තිබීම වැදගත් නොවේද?

හෙදියන්ට මෙම පුහුණුව ලබා දීමට මූලික වශයෙන් විරුද්ධ වන්නේ පවුල් සෞඛ්‍ය  සේවිකාවන් සහ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයයි.

මෙම කරුණ ගැන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ විරෝධය , එය කොතරම් අසාධාරණ හා මෝඩ එකක් වුවත් අපට තේරුම් ගත හැක.

එය වනාහි හුදු ඊර්ෂ්‍යාව හා  සෞඛ්‍ය ශ්‍රේණින් අතර කොහොමටත් පවත්නා ප‍ටු ගෝත්‍රවාදි ආකල්ප මත පදනම් වූවකි.එසේම මෙය ලියා පදිංචි වෛද්‍ය වරුන් හා එම්.බී.බී.ඇස් වෛද්‍යවරුන් අතර පවතින ගැ‍ටුම බඳු එකකි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් බිය වී ඇත්තේ තම සේවය වඳ වී යාවි යැයි කියාය.

ඇත්තටම සිදු විය යුත්තේද එයයි. කළ යුත්තේ හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලැබීම වැළක්වීම නොව වින්නඹු අම්මලාටත් හෙද පුහුණුව ලබා දීමට සටන් කිරීමයි. රෝගීන්ට වඩාත් හොඳ සේවයක් ලබා දිය හැක්කේ සෞඛ්‍ය සේවකයින්ගේ දැනුම කප්පාදු කිරීමෙන් නොව වඩ වඩාත් දැනුම ලබා දීමෙනි.

අපට තේරුම් ගත නොහැක්කේ  රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙයට දක්වන විරෝධයයි. ඔවුන් විසින් මේ සඳහා දක්වන හේතුව වන්නීඅ එය වෛද්‍ය ආඥා පනතට එරෙහි බවත් එම පනතට අනුව සූතිකාගාර කටයුතු වල යෙදිය යුත්තේ වෛද්‍ය වරුන් හා වින්නඹු අම්මලා පමණක් බවත්ය. නමුත් දැනටත් සූතිකාගාර වල බාරකාරත්වයේ සිට නොයෙකුත් කටයුතු සඳහා හෙදියන් සහභාගි වේ. ඔවුන්ටත් සූතිකාගාර කටයුතු පිලිබඳව නිසි පුහුණුවක් ලබා දීමෙන් රෝගින්ට යහපතක් වේම ගැන  පාදෙණියලාට ඇම්මක් වීනේ ඇයිදැයි අපට නොතේරේ.

අනිත් අතට වෛද්‍ය සේවයේ වෛද්‍ය ආඥා පනත පමණක් නොව සදාචාර ධර්මද බිඳිමින් කටයුතු කරන වෛද්‍ය වරුන් මෙම කරුණේ දී නීති ගරුක බවක් පෙන්වීමට තැත් කිරීම විහිලුවකි.

හෙදියන්ට සූතිකාගාර පුහුණුව් අ ලබා දීම ආඥා පනතට විරුද්ධ නම් කල යුත්තේ එම යල් පැන ගිය නීති රීති වෙනස් කිරීම මිස මෙසේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමට කුමන්ත්‍රණ කිරීම නොවේ. 

9 comments:

  1. මාත් හිතන්නේ මේ ගැන විද්වත් තීරණයක් ගන්න ඕන..

    ReplyDelete
  2. කවුරු මොන දේ කීවත් අමාරුවේ වැටෙන්නේ අහිංසක රෝගින්

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  3. මේකට එක විරුද්ධ වෙන එක හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි දැනට සෞඛ්‍ය පණතේ තියෙන වැරැද්ද. හෙද පුහුණුවට මේ පුහුනුවත් එක් උනාම (දැනට පවතින නීතිය යටතේ) හෙද පාඨමාලාව වෛද්‍ය පාඨමාලාවට සමාන වෙනවා. ඒකෙන් වෙන්නේ තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙන එක. ආයෙත් වතාවක් හෙද නිලධාරි වැඩ වර්ජනයක් එයි, වෛද්‍ය වරුන් හා සමානව ඒ අයටත් වැටුප් හා දීමනා ලැබෙන්න ඕනේ කියලා. මේ වැරැද්ද හදන්න ඕනේ සෞඛ්‍ය පණත වෙනස් කරල මිසක් මේ ඉල්ලල තියෙන ඒවා දීලා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ithin mokasda ehema illuwata wenne. oyaagea athinda gewanne? sudusu kam thiyenawanam gewanna epaada/

      Delete
    2. eta kota wenne dostharala ayet strike karana eka. eeta passe nursers la ayet strike karai. never ending. eta hondai isthira visadumak dena eka

      Delete
  4. ඔබේ බ්ලොග් පිටුව අපේ දර්ශකයට ඇතුලත් කරන්න. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  5. කොහොමත් පාදෙණියට තියෙන්නේ එක්තරා පටු න්‍යායක්.එක තමන්ගේ වාසියට මිසක් තමන් පෙනි ඉන්නා සැබෑ අරමුණු වෙනුවෙන් නෙමේ.

    ReplyDelete
  6. හෙදියන්ට දුන්නාම මොකක් හරි දෙයක් වෙනවා කියලා වෛද්‍ය නිළධාරින් කියනවා. ඉතිං ඒ නිසා රජය ඒ ගැන මොකුත් නොකර නිකං ඉන්නවා. රජයක් කියන්නෙ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයටද?
    ඇයි මේගැන රජයට තීරණයක් ගන්න බැරි?

    ReplyDelete
  7. ලන්කාවේ හෙදියන්ට ඔය කියන පුහුනුව ලබා දිය යුතුයැයි තීරනය කලේ කවුද.යම්කිසි විද්වත් මඩුල්ලක්ද නැත්නම් හෙද සන්ගමයද.

    ReplyDelete