Saturday, August 16, 2014

උපෙ නාපො වීම



 අධ්‍යාපන පොදු සහතික  පත්‍ර ( උසස් පෙල) විභාගය හෙවත් අපොස
 (උ පෙ) විභාගයෙන් විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගැනීම වසර 2015 සිට නවතා දැමීමට විශ්ව විදායල ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබේ .  ඒ වෙනුවට සරසවි වලට සිසුන් බඳවා ගැනීම සඳහා අපොස ( නාපො) නමින් අලුත් විභාගයක් පැවත්වෙනු ඇතැයි වාර්තා වේ. 

සම්පූර්ණ වශයෙන් කිවහොත් එම විභාගයේ නම අධ්‍යාපන පොදු සහතික  පත්‍ර ( නාමල් පොර)  නම් වේ. ඒ අනුව මින් පසු සිසුන් පාසල් යාම, ටියුෂන් පංති ගානේ කට්ට කමින් උගැනීම ආදිය  අවශ්‍ය නොවන අතර කළ යුතු වන්නේ නිල් බලකායට බැඳී නාමල් පොරගේ දේශපාලන වැඩ වලට සහයෝගයක් දීම , එනම් පොරගේ පෝස්ටර් ඇලවීම , අනුන්ගේ පෝස්ටර් ගැලවීම, පෙලපාලි යාම පෙලපාලි වලට පහර දීම ආදි දේ පමනි. එම ක්‍රියා වලින් ලබා ගන්නා ලකුණු වල එකතුව මත සිසුන් ඇතුලත් කරන පීඨය හා සරසවිය තීරණය කරනු ඇත. සිසුන් තේරීම සඳහා හිරිඹුරේ නෝනා හා සම්බන්ධීකරණ මහත්තයා යන දෙදෙනා ගෙන් සමන්විත ස්වාධීන කමි‍ටුවක් ද පත් කරනු ඇත. 

මේ පිළිබඳව අදහස් දැක් වූ උසස් අධ්‍යාපන  ඇමති ඇස් බීන් මහතා පවසා සිටියේ මෙය කන්නන්ගර චින්තනය තව දුරටත් ඉදිරියට ගෙන යාමක් බවයි.

සටහන- අපොස ( සාපෙ) විභාගය, අපොස ( රොපෙ) හෝ අපොස (යෝපෙ) වශයෙන් නම් කිරීමට තිබෙන ඉඩ කඩ පිළිබඳව රු.2500. මහා ආර්ථික විද්‍යාඥ බන්ඩුල මහතා සොයා බලමින් සිටින බව මේ අතර වාර්තා වේ. 

12 comments:

  1. ලෝකේ ඉන්න හැම එකාටම වන්දවලා අපේ ඉදිරි පරපුර දීන කරවනවා!

    ReplyDelete
  2. හප්පේ කලාමැදිරියා කොහෙද අතුරුදහන් වෙලා හිටියේ ? යුරෝපේ පැත්තේ රවුමක් ගියාද ?

    නාමල්ට මුකුත් නොකරම ඉදිරියේදී ආචාර්‍ය උපාදියකුත් ලැබෙන්න නියමිත එකේ ඕව මොනවාද. හැබැයි ඔය හොරාට කැම්පස් යන සිද්දිය කලක ඉදන් තිබුන දෙයක් නේද? විශේෂයෙන් ලොකු ලොකු ලේචාලගේ හා බල පුළුවන් කාරයින්ගේ ළමයි. ඔප්පු කරන්න සදකනම් නෑ අහපු කතා විතරයි. බාගදා ලියුමකින් දාපු පලවෙනි එක වෙන්න ඇති. අර කුඩු කන්ටෙනරේ වගේ.

    ReplyDelete
  3. මොනවා වුනත් ප්‍රායෝගිකව ගත්තොත් යම් කෙනෙක් ඉගෙනගන්න ගමන්ම නාමල් බලකායට බැදිලා එේකත් වැඩ කරලා රැකියාවක් ලබාගන්න උත්සාහ ගන්නවා නම් අපිට ඒකෙ වැරැද්දක් කියන්න බැහැ නේද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ ,කිසි වරදක් නෑ. ඔයත් ඒක කරන්න

      Delete
    2. @ amila chathuranga
      මේ පෝස්ට් එකට අදාළ ප්‍රස්තුතය නොදැන නේද ඔය දොඩවන්නෙ?

      Delete
  4. අනේ මංද...
    උඹේ කටෙත් පස්
    මගේ කටෙත් පස්

    ReplyDelete
  5. නාමල්ලා,පොරවල් වෙලා ඉන්නේ බහුතරේ විහින්ම කොරු වෙලා ඉන්න නිසානේ.

    ReplyDelete
  6. Here you go:
    කකුල් වතුර බේසමේ දමා නිදි වරා පාඩම් කර සරසවි ගිය යුගය නිමාවෙයි: නාමල්ට මුදල් ගෙවා ලියුමක් ලබාගෙන සරසවි යන ආශ්චර්ය යුගය ඇරඹෙයි..!-

    http://www.lankaenews.com/Sinhala/news.php?id=25205

    ReplyDelete
    Replies
    1. හි...හි කකා ගේ ප්‍රියතම news සයිට් එක නේද ? ඇත්ත බොරුව වෙන්කරන්න භාගික ආසවනය කරන්න වෙයිද ?

      Delete
    2. වැරදි වැඩක්, නමුත් අභියාචනය මොකක් ගැනද ? ඇයි එක දාල නැත්තේ ? අඩුම වශයෙන් මුලික කරුණු.

      Delete
    3. මෙන්න රාවයේ (17 August 2014) ගිය ලිපිය:

      http://ravaya.lk/?p=3956

      Delete
    4. //කකුල් වතුර බේසමේ දමා නිදි වරා පාඩම් කර සරසවි ගිය යුගය නිමාවෙයි: නාමල්ට මුදල් ගෙවා ලියුමක් ලබාගෙන සරසවි යන ආශ්චර්ය යුගය ඇරඹෙයි//

      ඇත්ත සිද්දියයි මේ සිරස්තලයයි අහසට පොලව වගේ, මම එකයි කිව්වෙ ඇත්ත බොරුව වෙන්කරන්න භාගික ආසවනය කරන්න වෙයි කියල. මේක මේ ළමයාගේ අයිතියක්. ගැටලුව තියෙන්නේ අයිතිය ලබා ගන්න නාමලාගේ තුන්ඩු කෑලි ඕන එක.

      Delete