Saturday, October 25, 2014

රතන සාදු කීවේ කුමක්ද?


සුගිය දිනක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට අරලිය ගහ මන්දිරයට ගිය රතන සාධු මන්ත්‍රී තුමා හා චම්පික රණවක හිටපු විදුලි බල ඇමතිතුමා සාකච්ඡාව අතර මැදදී ජනාධිපතිවරයා නැගිට ගිය පසු ඔල්මොරොන්දන් වී එලියට පැමිණෙන අතර රතන සාදු චම්පික ඇමතිවරයාට කීවේ කුමක්ද?
(නිවැරදි පිළිතුර දෙන කෙනෙකුට හක් ගෙඩියක් පුරවා දෙනු ලැබේ)

1. වවුලාගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා ඉන්ට වෙනවා බං

2. ඌරාගේ මාලු ඌරාගේ පිටේම තියලා කැපුවනේ

3. මොකෝ බං ගලක් උඩ රීපු බළලෙක් වගේ ඉන්නේ

4. කුම්බලා මාලු කෑවනම් දුක විඳපන් බළලෝ

5. මේවාට තමා කියන්නේ අපි හදපු නරි අපිටම හූ කියනවා කියලා

8 comments:

  1. බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා

    ReplyDelete
  2. උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්!

    ReplyDelete
  3. දිට්ඨ ධම්ම වේදනීය කර්ම.

    ReplyDelete
  4. මොකද බං කැරි කාපු රිලවා වගේ ඉන්නේ

    ReplyDelete