Sunday, December 14, 2014

ජනපති තිරුපති ගිය රහස හෙලි වේ.


ලඟදීම තම රස්සාව නැති වීමට නියමිත තිරුපති කෝවිලේ පූසාරියාද මෙහි සිටී. 

අති ගරු ජනාධිපති තුමා නාමයෝජනා භාර දුන් සැණින් තම මැතිවරණ ව්‍යාපාරයද දිනෙ දෙකකකට නවතා දමා හදිසියේම ඉන්දියාවේ තිරුපති කෝවිලට ගියේ මන්දැයි නොයෙක්  කථා පවතී. 

 ලොකු අතුල අරලිය ගහ මන්දිරය තුල  මිය යාමට නිසා ඇති වූ කිල්ලෙන් මිදීමට ගිය බවක් සමහරු කියත් 

ජනාධිපතිවරණය දිනීම ලේසු පාසු  නොවන නිසා හා ලංකාවේ සිටින දෙවියන්ගේ ශක්තිය එය දිනවා දීමට මදි නිසා ඉන්දියාවේ දෙවියන්ගේ ධාරිතාව වැඩි නිසාත්  තිරුපති ගිය බව තව සමහරු කියති.

තිස්ස අත්තනායක ආණ්ඩුවට හේත්තු වීම නිසා සිදු වූ අපල වස් දොස් දුරු කරගැනීමට තිරුපති ගිය බව ත සමහරුන්ගේ මතයයි.

එහෙත් කලාමැදිරියා තම ජ්‍යෝතිෂ ඥාණය යොදවා ලබා ගත් තොරතුරු අනුව සත්‍ය කාරණය වෙනම එකකි.

දැනට ලංකාවේ තිබෙන හයි ෆයි දේවාල කොවිල් වලට තම පවුලේ සාමාජිකයන් හා අනුගාමිකයන් බස්නායක නිලමේ වරු ලෙස පත් කර ඇත හෝ පත් කිරීමට සැලසුම් කර ඇත.

කතරගම දේවාලයට ශෂින්ද්‍ර රාජපක්ෂ බස්නායක ලෙස පත් කර ඇති අතර දළදා මාලිගාවට නාමල් කොලු පත් කිරීමට සිතා ගෙන සිටී.  

ඊ ලඟට සිටින්නේ යෝෂිත කොලූය. ඔහුට ශෂින්ද්‍ර ට වඩා වැඩි හා ලොකු තනතුරක් දිය යුතුව තිබේ. ලංකාවේ කතරගමට වඩා ලොකු කෝවිලක් නැත. 

රාජපක්ෂලා  තිරුපති ගියේ එම කෝවිලේ බස්නායක නිලමේ කමක් ඇති කර එය තම කොලුවාට ලබා දෙන්නටය. එයට කපුකම කලේ තිස්ස අත්තනායකය. වැඩේ හරි ගියාදැයි අපේ අන්ජනමට තවම නොපෙනේ. ඒ මා පසු ගිය දවසක  කිල්ලකට අසු වූ නිසාය. අපේ මාරයා තුමාවත් මේ ගැන සොයා බලා අපි හා සෙසු බ්ලොග් ලෝකය දැනුවත් කරනවා නම් මරුය.

සටහන - තිරුපති කෝවිලේ බස්නායක තනතුරක් නැතැයිද මෙය මඩ පහරක් යැයිද සමහරු කියනු ඇත. ඒ උන්නැහේලාට කියන්නට තිබෙන්නේ මගේ හා මාරයා තුමාගේ  ජ්‍යෝතිෂ ඥාණය අවතක්සේරුවට ලක් නොකරන ලෙසය.

3 comments:

  1. අප්පට සිරි ඒ කියන්නේ ඉන්දියාවේ කෝවිල් ටිකත් අල්ලයි අපේ අය...............

    ReplyDelete
  2. Thirupathi kowile, Basnayaka nilame Thanathura hadala Thami denne.Katharagama dewale sashita dunnawage(Ranjan)

    ReplyDelete
  3. ජර්මනියෙත් කෝවිලක් දාලා ඒකේ බස්නායක නිළමේකම තානාපති සේවයෙන් දොට්ට දාන්න නියමිතව ඉන්න කෙනෙකුට දෙන්නයි මහින්ද හිතං ඉන්නේ.

    ReplyDelete