Wednesday, December 24, 2014

මහින්දට ජය නියතයි, මෙන්න නියම ජෝතිෂ්‍ය අනාවැකි.



එලඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා මාර ජයක් ලබන බව අප ස්ථීර වශයෙන්ම පවසමු. මේ බව අප කියන්නේ නිකමට ආ ගියාට නොව අප විසින් බොහෝ දුක් විඳ ඉන්දියාවේ හිමාල පාමුල වෙසෙන සෘෂි වරුන්ගෙන් ඉගෙන ගත් සුප්‍රසිද්ධ ආතකර්ම  ජෝතිෂ්‍ය  විද්‍යාව අනුවය.

ඒ සෘෂින් අපට ලබා දුන් ශාස්ත්‍රය අනුව  ජනවාරි අට දින වෙන විට සඳු පස් වෙනි රාශියටත් සෙනසුරු දශවෙනි  රාශියේ තුන්වැනි අංශකයටත්  ගමන් කරනු ඇත. මෙය තමන්ගේ නමට  හි  අක්ෂරය  ඇති අයට ඉතාමත් සුභ පල දෙන යෝගයකි.

ඊට අමතරව බ්‍රහස්පති අට වැන්නේ ද කුජ හත්වැන්නේද සිටින අතර එම යෝගය  නමට ක්ෂරය  ඇති අයට  රාජ සම්පත් හිමි කරන යෝගයකි.

අනික් වැදගත්ම කාරණය නම් අට වැනිදා උදා වෙන පත්‍රසාල නැකතයි. මෙය අල් න යන්න (න්) තම නමට ඇති අයට  සියලු වස්තු ඉසුරු පමණක් නොව රාජ බලයද හිමි කරලන නැකතකි.

මේ සියලු කාරණා සලකා බැලූ විට අපට පෙනී ගියේ  ජනවාරි අට වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති චන්දයෙන් අති විශාල ජයක් ලබන බවයි. 

මෙම සුභ පල අවම කර ප්‍රත්වාදින්ට ජය ලබා දිය හැකි  නොයෙක් ශාන්තිකර්ම ක්‍රම අප  දැන සිටියත් ඒවා හෙලි නොකිරීමට අප තීරණය කර ඇති නිසා ඒවා ගැන  අසා කරදර නොකරන මෙන් විරුද්ධ පාක්ෂිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සටහන- මෙය  රටේ නායකයින් ප්‍රමුඛ මිථ්‍යාමතයන් හි ගැලී සිටින සකල ශ්‍රී ලංකා වාසින්ට  කලා මැදිරියාගෙන් පිදෙන තු‍ටු පඬුරකි.

8 comments:

  1. මේක ඉහළට ගියොත් රටේ ඉන්න අනික් මහින්දලා ඔක්කොටම පරිස්සම් වෙන්න වෙයි. :D

    ReplyDelete
  2. තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
  3. දැන් මේකෙන් දුමින්ද වගේ අයටත් යමක් කමක් ලැබෙනවා ඇති නේද? අනෙක, මේකේ ප්‍රථිපල මහින්දට සම්පූර්ණයෙන්ම ලැබෙන්න විදියක් නෑ. උන්නැහැගේ ඇත්ත නමේ තියෙන්නේ "හි"යන්න නෙවෙයි "හේ"යන්න; "ද"යන්න නෙවෙයි "ද්‍ර"යන්න.

    ReplyDelete
  4. නිකං කොලේ වහල ගහන්න එපා මමත් ඔය ජෝතිෂ්‍යය හදාරල තියෙනව. ම අක්ෂරය තනිවම නමේ මුලට යෙදුනොත් එදාට මරු සිටින යෝගයක් එනව තනි මයන්නට අනිත් මොන යෝගය යෙදුනත් වැඩක් නැහැ තනි මයන්නට කෙලවෙනව කෙලවෙනවමයි. එහෙම නූනොත් මම මේ ශාස්ත්‍රය අත්හැරල දානව.

    ReplyDelete
  5. වැඩක් නෑ ලොක්ක. ඔය ඔක්කොම අවලංගුවෙනව ජනාධිපතිවරන දිනේට යෙදෙන සිරාමරු යෝගය නිසා. හැබැයි එකක්, රටේ බහුතර ජනතාවකගෙ කේන්දරේට මරාකන යෝගෙ උදා උනොත් රටට සිරාමාරු යෝගෙ එන්න පුළුවන්

    ReplyDelete
  6. yako brahaspathi , kuja kiyanne ekema neda?

    ReplyDelete
    Replies
    1. Brahaspathi== guru, kuja= agaharu

      Delete
  7. උඩ ඉන්න එකාට කෙහෙතගේ අපලෙ වගේ.

    ReplyDelete