Wednesday, February 4, 2015

සිග‍රැට් පැකට්‍ටු අර්බුදයේ හැබෑව


සිග‍රැට් පැකට්‍ටුවේ මතුපිටින් 80% රූපමය අවවාද තිබිය යුතුය යන කරුණ  ලෝකයේ  බොහෝ රටවල පිලිගත් නිර්නායකයකි. එයින් බලාපොරොත්තු වනුයේ දුම් බොන්නන් අධෛර්යට පත් කිරීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමති කාලයේ සිටම මෙම නීතිය ලංකාවේ ස්ථාපිත කිරීමට සටන් කළ නමුත් අවසන උසාවියෙන් අවසර දූන්නේ 60% ප්‍රමාණයක් සඳහා පමණි. රටක නීතියත් අභිබවා බහුජාතික සමාගම් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව එය හොඳ උදාහරණයක්.

පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත් වූ පසු දැන් නැවතත්  රූපමය අවවාද ප්‍රතිශතය 80% දක්වා ඉහල නැග තිබේ. 

එහෙත් ප්‍රශ්නය නම් දුම් පානයෙන් වන හානිය නවතාලීමට ,අඩු කිරීමට, මෙම පියවර ප්‍රමාණවත්ද යන්නයි. මෙහිදී රට තුල දුම් පානය සහමුලින්ම තහනම් කිරීම බඳු ඉතා අන්තවාදී ක්‍රියා අප ඉල්ලා සිටින්නේ නැත.

එහෙත් ලංකාව බඳු රටක සිග‍රැට් පෙට්ටියේ රූපමය අවවාද 80% නොව 100% තිබුණත් පලක් නොවන බව කාලයක් දුම් පානයට ඇබ්බැහි වී සිටි අයෙකු වශයෙන් අප ඉතා හොඳින් දනිමු. 

එයට හේතුව නම් ලංකාවේ සිග‍රැට් පැකට් පිටින් මිලට ගෙන දුම් පානය කරන්නේ ඉතාමත් සීමිත පිරිසක් වීමයි. අනික් සියලු දෙනා එක් වරකට මිලට ගන්නේ දුම්වැටි එකක් හෝ දෙකක් පමණි. ඔවුන් සිග‍රැට් පැකට්‍ටුවක් ඇස් දෙකට දකින්නේත් ඉතා කලාතුරකිනි. එම නිසා පැකට්‍ටුවල මොන රූපමය අවවාද තිබුණත් ඒවා මෙම පිරිස නෙත ගැටෙන්නේ නැත.

එම නිසා අප කියා සිටින්නේ දුම්පානය අධෛර්යමත් කිරීමට නම් , රූපමය අවවාද වල පණිවුඩය නිසි ලෙස ජනතාව අතරට යාමට නම්, රූපමය අවවාද සමග සිල්ලරට දුම්වැටි විකිණීමත් තහනම් කළ යුතු බවයි.දුම්වැටි විකිණිය යුත්තේ පැකට් වශයෙන් පමණි. මෙය කළ හැකි නම් දුම්වැටි අලෙවියට විශාල බලපෑමක් කළහැකිවනු නො අනුමානය.

6 comments:

  1. ඔතනදි කරුණු දෙකක් ගැන මගේ අවදානය යොමු වෙනවා.

    එකක් තමයි දුම්වැටි පැකට්ටු වල රූපමය අවවාද යෙදීම වලක්වා ගැනීමට දුම්වැටි සමගම ගෙනයන දැඩි උත්සාහය. කියමනක් තියෙනවා දුම්කොළ/දුම්වැටි සමාගම දැඩිලෙසම විරුද්ධ වන දේ තමයි කෙසේ හෝ කල යුත්තේ දුම්පානය දුර්මුඛ කිරීමට නම් කියා. මම කියන දේ පැහැදිලි ඇතිනේ.

    දෙවැනි කාරණේ තමයි එක් දුම්වැටියක් මිලට ගෙන පානය කරන අයත් ඉන්නවා. ඒ වගේ තවත් පිරිසක් ඉන්නවා දුම්වැටි හතර පහක් හෝ ඊට වඩා වැඩි ගණනක් එක් වර මිලට ගෙන ඒවා වරින් වර පානය කරනවා. අන්න ඒ වගේ එකවර දුම්වැටි පැකට්ටුවක් මිලට නොගත්තත්, ඉහත කි අන්දමට දුම්වැටි හතර පහක් මිලට ගන්නා විටත් වෙළෙන්දන් ඒවා දමා දෙන්නේ හිස් දුම්වැටි පැකට්ටුවකටම තමයි. වෙළදසැල් වල තිබෙනා දුම්වැටි සිල්ලරවැ විකුණා දැමුපසු කිසිදිනක මම දැක නෑ ඒවායේ පැකට්ටු කසල ගොඩට දමනවා. බොහෝ විට වන්නේ ඉහත කි පරිදි ඒවා පාරිභෝගිකයන් අතටම යාමයි. පාරිභෝගිකයන් මිලට ගන්නා දුම්වැටි සුළු ප්‍රමාණයක් වුවත් දමාගැනීමට භාවිතා කිරීමයි.

    අනික තමයි දුම්වැටි පැකට්ටු වල රූපමය අවවාද යෙදීමෙන් බලාපොරොත්තු වන්නේ යම් අයෙක් දුම්බොනවා නම් ඔහුව දුර්මුඛ කිරීම පමණක් නොවෙයි. එහි ඇති රූපමය අවවාද දකිනා වෙනත් අයද ඒ සදහා යොමු වීම වලක්වා ගැනීමයි. උදාහරණයක් විදියට යම් නිවසක පිරිමියෙක් දුම්වැටි බොනවා නං, ඔහු රැගෙන එන දුම්වැටි පැකට්ටුවේ ඇති රූපමය අවවාද දකිනා කුඩා දරුවන් එයින් වැළකීමට ඉඩ තිබෙනවා. එසේම ඔවුන් අදාල පිරිමියාට බලපෑම් කරන්න තිබෙන ඉඩ වැඩියි දුම්පානයෙන් වැළකෙන ලෙස.

    ReplyDelete
  2. //මෙහිදී රට තුල දුම් පානය සහමුලින්ම තහනම් කිරීම බඳු ඉතා අන්තවාදී ක්‍රියා අප ඉල්ලා සිටින්නේ නැත.//
    //රූපමය අවවාද සමග සිල්ලරට දුම්වැටි විකිණීමත් තහනම් කළ යුතු බවයි.දුම්වැටි විකිණිය යුත්තේ පැකට් වශයෙන් පමණි.//

    මේක නිකන් මහින්ද රාජපක්ෂව රනිල් වික්‍රමසිංහ ගෙන් රී ප්ලේස් කළා වගේ එළකිරි වාමාංශික සිම්පල් ප්ලෑන් එකක්, කොහොමද වාමාංශික ටිකිරි මොළ !!

    ජයවේවා ඈ!!!!

    ReplyDelete
  3. හැබැයි රූප විතරක් දාලා මදි.............

    ReplyDelete
  4. දුම්පානය නිසා ශරිරයට ලැබෙන කිසිම දෙයක් නැහැ. නිකම් සල්ලි වියදම් කරලා ලෙඩ හොයා ගන්න එක විතරයි වෙන්නේ. ඉතිං ඒක තහනම් කිරීම, එක පාරටම බැරි නිසා ටිකෙන් ටික හරි , වැරදි වෙන්නේ කොහොමද? රජයට කොම්පැණි වලින් බදු සල්ලි ලැබෙන හින්දද?

    ReplyDelete
  5. rupa neme vedio dammat oka nawaththanne naha bona aya, munge hithe oka biwama loku wadak kiyala , eta hodai ekek dennek marennama owata monawahari dala ewwanam ethakotanam nawathiy ,

    ReplyDelete