Thursday, February 5, 2015

නලින් සිල්වාගේ ආටක නාටක


බටහිර ලෝකය පෙන්නන්නට බැරි බටහිරයන් හැම වෙලේම ලංකාවට අංචි අදින්නට සිතා සිටිනවා යැයි කියන, උදේ හවස ක‍තෝලික සභාව පතුරු ගසන නාථ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර නලින් ද සිල්වා හිටපු මහාචාරිය තුමා ලියූ මේ ලිපිය දු‍ටු විට මට  හිනාව නවතාගන්නට බැරිව හුස්ම පවා හිර වුනේය. ඇයි යකඩො  ඔහේට පෙන්නන්න බැරි පාප් වහන්සේව   ඔහේලාගේ මහරජා පරදවපු ජනාධිපති  ‍විහින්  රැවට්‍ටුවම ඔහේට  ඩෝං යන්නේ මොකද?  මේ දවස් වල අපිට වගේම ඔහේටත් ලියන්න දේවල් නැතුවද? 

ජනාධිපති පාප්වහන්සේ නොමග යැවී ද?

පසුගියදා ජනාධිපති ලේකම් අබයකෝන් මහතා මොහාන් පීරිස් මහතාට ලිපියක් යවමින් කියා ඇත්තේ පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම බලරහිත කර ශූන්‍ය කර ඇති බව ය. එයින් කියැවෙන්නේ මොහාන් පීරිස් මහතා කිසි දිනෙක මෙරට අගවිනිසුරු ලෙස කටයුතු කර නොමැති බව ය.

ඒ  එසේ නම් පාප්වහන්සේ ලංකාවට පැමිණි දිනයෙහි හා ඉන්පසු දින කිහිපයෙහි ද මොහාන් පීරිස් මහතා මෙරට අගවිනිසුරු ව නො සිටියේ ය. එහෙත් වාර්තා වන පරිදි ජනාධිපතිවරයා පාප්වහන්සේට මොහාන් පීරිස් මහතා හඳුන්වා දී ඇත්තේ අගවිනිසුරු ලෙස ය. එය එසේ දැයි අපි නො දනිමු. මොහාන් පීරිස් මහතා භක්තිමත් කතෝලිකයකු ලෙස ඒ අවස්ථාවේ දී පාප්වහන්සේගේ මුදුව සිප ගන්නා අයුරු මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් රූපවාහිනී නාලිකා ඔස්සේ දැක බලාගත්හ.

මොහාන් පීරිස් මහතා කතෝලිකයකු වූ පමණින් ඒ අවස්ථාව නොලැබෙන බව අපි දනිමු. ඒ මහතාට පාප්වහන්සේ හමු වී මුදුව සිපගැනීමට අවස්ථාව ලැබුණේ ඔහු මෙරට අගවිනිසුරු වූ බැවින් ද? එසේත් නැත්නම් වෙනත් නිලයක් දැරූ බැවින් ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ජනාධිපති ලේකම් ද එසේත් නැත්නම් නීතිඥ සංගමයේ සභාපති දැයි අපි නො දනිමු.

ඒ කුමක් වුවත් මෙරට සියළු වැසියන්ට ද, ලෝක කතෝලික ජනතාවට ද, මෙරට කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවට ද ප්‍රශ්නයක් වෙයි. අගවිනිසුරු ව නොසිටි අයකු පාප්වහන්සේට අගවිනිසුරු ලෙස හඳුන්වනු ලැබිණි ද? ඒ එසේ නම් ජනාධිපතිවරයා විසින් පාප්වහන්සේ නොමග යවනු ලැබිණි ද? 

මේ සම්බන්ධයෙන් කතෝලික සභාව කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තමු.

නලින් ද සිල්වා

12 comments:

  1. මං හිතන්නේ මේක චතුස්කෝටික කේස් එකක්! බයිනරි ක්‍රමවලින් විස්තර කරන්න බෑ!

    ReplyDelete
    Replies
    1. නෑ මේක චතුස්කෝටික කේස් එකක් නෙමෙයි විචාර බුද්ධිය හා අවංක කම ගැන කෙස් එකක්

      Delete
    2. කාගෙද මගේ ද? එහෙම නැත්නම් රසිකගේද?

      Delete
  2. PACHA PEIRIS WAS WEARING A MASK DURING THAT TIME

    ReplyDelete
  3. නලින් ද සිල්වාට තියෙන්නේ මැදමුලනේ සජ්ජුරුවෝ එක්කයි නාමල් බේබි එක්කයි ඔය වමේ අනාථ පෙරමුණේ කට්ටිය එක්ක එකතු වෙලා ආණ්ඩු විරෝධී පත්තරයක් පටන් ගන්න.

    ReplyDelete
  4. මම නම් යහපාලනේ තියා මොන ඇටි කෙහෙලක්වත් කාලා නෑ / ඒත් ඔයා නම් සුබ අනාගත මැටි ගිලලා වගේ

    ReplyDelete
  5. යහ පාලනේට අත උස්සන් නැති ඔක්කොම සුබ අනාගතේද ?? දැන්නම් බයිනරි චින්තනේ වෙනුවට අඩුම ගානේ චතුස්කොටිකේ කෙසේ වෙතත්, සාමාන්‍ය දනිමවත් දාන්න වෙනවා.

    ReplyDelete
  6. නලින් ද සිල්වා දැන් පත්තර වලින් එළවලා නිසා බ්ලොග් ලියනවා. හැබැයි කමෙන්ට් ඇරගෙන ලියන්න තරම් කොන්දක් නෑ. නපුංසකයා.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වහන් හෝ මොඩරේට් කරන් ලියන උන් කොච්චරනම් දැන් ඉන්නවද? වෙන එකක් තියා සමාජවාදී ජිවිත, මාද්‍ය නිදහස,යහ පාලන, ගැන ලියපු මහත්වරු ලියන්නෙත් මෝඩරේෂන් දා ගෙනනේ.

      Delete
  7. වර්තමාන ආණ්ඩුව යහපාලනය ඇති නොකරතියි සිතන එක වෙනම කතාවක්. ඒත් යහපාලනය ඇතිකිරීම අනවශ්‍ය දෙයක් කියන පදනමේ සිට කතා කිරීම, වැඩ කිරීම හා ලිවීම හොරකම් හා දූෂණ වලට ඇති නැඹුරුතාව පෙන්නුම් කරනව.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ බොහෝ අය මතු කරන ප්‍රශ්නය යහ පාලනය කියන එක සිවිල් සමාජ කියන පඩි ලබන, නොලබන NGO භූතයෝ චන්දෙ කාලෙට ලොවින ලොලිපොප් එකක් විතරයි කියන එක. රෙද්ද පෙන්නුවාම කපල ඇඳ ගන්න බබාලට යහ පාලන ලොලිපොප් හොදයි. හැබැයි හරක හැරෙන්නේ මොන පොල් පැලේටද කියල දන්නෝ දනිති.

      Delete