Saturday, February 7, 2015

මේ ඝාතකයින්ට ද නීතියෙන් දඬුවම් කරනු


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කිරීමට සටන් වැදුනු ජවිපෙ නායකයින්, නොයෙක්  සමාජ ක්‍රියාකාරිකයන් , දේශපාලනඥයින් ඇතුලු  බොහෝ දෙනෙකුන් මේ දිනවල කරන එකම කටයුත්ත වී ඇත්තේ පසු ගිය රජයේ වංචා දූෂණ හෙලිදරව් කිරීමය. ඔව්හු නැති වූ වාහන ගැනද, මුදල් ගසා කෑම් ගැනද තවත් නොයෙක් වංචා දූෂණ ගැනද තරඟයට මෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කරති. අල්ල්ස කොමිසමේ නිලධාරින් හටද ඔවුන්ට මෙතෙක් ලැබී ඇති පැමිණිලි ගැන පරික්ෂා කිරීමටවත් ඉඩක් නැත්තේ අලුතින් ලැබෙන පැමිණිලි ලියා ගැනීමට මුලු ශක්තිය හා කාලය වැය කිරීමට සිදුව තිබීම නිසාය.

මෙය ඉතාමත් හොඳය. පසුගිය රජයේ රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ අත වැසියන් විසින් සොරකම් කළ සියලු මහජන දේපල සොයා යලිත් ඒවා රටේ සුභසිද්ධිය වෙනුවෙන් යෙදිය යුතුව තිබේ.එසේම මේ කම්බා හොරුන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.

සොරකම් මෙන්ම රාජපක්ෂ රෙජිමය පසුගිය කාලයේ කළ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් ගැනද ඒ හා සමාන උනන්දුවකින් සෙවිය යුතුව තිබේ . ඒ ලෙසම රටේ ජනතාවගේ මානව හිමිකම් කෙළසූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනවුත් උපරිම දඬුවම් ලබා දිය යුතුව තිබේ. 

පසුගිය කාලයේ මහත් සේ ආන්දෝලනයට ලක් වූ සිද්ධීන්  ගණනාවක් වන අතර ඒ සියල්ල ගැන පූර්ණ හා කඩිනම් පරීක්ෂණ පැවත්විය යුතුය.

1.උතුර නැගෙනහිර  ජනයාට එරෙහිව කළ මානව විරෝධී ක්‍රියා  සඳහා අණ  දුන්නේ  කවුද? ඒවා ක්‍රියාවට නැගුයේ කවුද?

2. ප්‍රදීප් එක්නැළිගොඩ ට වූයේ කුමක්ද? ඒ සඳහා වග කිව යුත්තේ කවුරුන්ද? 

3. මාධ්‍යවේදින්ට  කළ පහර දීම් වලට වග කිව යුත්තො කවුද?

4. ක‍ටුනායකදී වෙඩි තබා කම්කරුවෙකු ඝාතනය කර කම්හල්වලට  පහර දීමට අණ දුන්නේ කවුද?

5. රතුපස්වලදී ජලය ඉල්ලා සිටි ජනතාවට ගිනි බිඳ ඔවුන් මරා දැමීම පසුපස සිටියේ කවුද?

6. හලාවතදී ධීවරයින්ට වෙඩිතබා  ඝාතනය කිරීමට අණ දුන්නේ  කවුද?

7. ජානක ඒකනායක හා සිසිත ප්‍රියංකර සරසවි සිසුන් දෙදෙනාගේ ඝාතන ගැන අභිරහස

8. සරසවි සිසුන් හා කම්කරුවන් ගේ සටන් වලට මැරයින් යොදා කළ පහර දීම්


5 comments:

  1. හොරුන්ව අල්ලනව වගේම,ඉස්සරහට හොරුන් ඇතිවීම වලක්වන,ශක්තිමත් යාන්ත්‍රනයක් අනිවාර්යයි.

    ReplyDelete
  2. මේ දේවල් ගැනත් එහෙන් මෙහෙන් ඉඟි දැන් ලැබෙනවනේ.. හැබැයි ඉතින් ඒ වගේ විශ්වාසනීය බව ගැනනම් කියන්න දන්නේ නෑ.. හැබැයි මිනිස්සු උත්තර ලැබෙනකන් බලාගෙන ඉන්න ප්‍රශ්ණ තමයි මේවා..

    ReplyDelete
  3. කොච්ච්චර දුරට ඉතින් මේවට පිළිතුරු ලැබෙයිද කියන්න අමාරුයි. ප්‍රෙෂර් එක දිගටම දෙන්න වෙනවා.

    ReplyDelete

  4. http://www.bbc.co.uk/sinhala/news/story/2008/07/080708_speaker.shtml


    UNP accuses army commander




    Sri Lanka's main opposition party has in parliament accused the country's most senior army officer of being behind violent attacks on reporters.

    0pposition MP Joseph Michael Perera told MPs that the attacks were carried out by a "special team" controlled by Lt Gen Sarath Fonseka.
    Mr Perera said the government should arrest the offenders and "immediately bring them to justice".

    The army has denied that it is any way involved in attacks on journalists.

    Arrest offenders

    "We are told by those in the army itself that journalists are abducted and subjected to grievous injury by none other than a special unit under the army commander," Mr Perera, a former parliamentary speaker, said.

    The World Association of Newspapers recently ranked Sri Lanka as the third most dangerous country in the world for media workers in 2007.

    But army spokesman Brig Udaya Nanayakkara said that the MP had nothing to substantiate his allegations.

    "We have nothing to do with the attacks against journalists," he said. "If the MP has evidence, he must present it to the police."

    The BBC's Roland Buerk says that there have been a series of abductions and assaults against journalists in Sri Lanka.

    ReplyDelete
    Replies
    1. who killed the two university students? is that SF?

      Delete