Sunday, February 8, 2015

නලින් ද සිල්වා දු‍ටු විකාර සිහිනය-Waiting for Godot



මහින්ද රාජපක්ෂ රෙජිමය පරාද වීම නිසා විශ්ව විද්‍යාල කොමිසමේ තමන් දැරූ තනතුර අහිමි වී හාමතේ සිටින පිස්සූ මහාචාරිය නලින්ද සිල්වා නැවත වතාවක් මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒම සඳහා සිහින දකිමින් සිටියි. 

ඔහු මුලින්ම තමන් මෙන්ම බඩගෝස්තරයට පහර වැදී නන්නත්තාරව සිටින විමල්,වාසු,  දිනේශ් රංචුව ගැන බලාපොරොත්තු තැබුවත් එම කල්ලිය කිසිම ශක්තියක් නැති හුදකලා, අතරමං වූ සට්ටඹියන් පිරිසක් පමණක් බව වැඩි කල් නොයාම තේරුම් ගත්තේය.

එහෙත් ඔහු තවමත්  බලාපොරොත්තු අත හැර නැත. දැන් ඔහු උත්සාහ කරන්නේ ශ්‍රීලනිපයේ මහින්ද හිතවාදින් සමග එක් වීමටය.

ඒ වෙනුවෙන් ඔහු ලොවෙත් නැති න්‍යායන් සදමින් සිටියි. ඔහුට අනුව මෛත්‍රී,රනිල් ආණ්ඩුවේ අය වැය සම්මත වීමත් මහින්ද ගේ ජයකි.  කියවා බලන්න.


අයවැය, ශ්‍රී ල නි පක්‍ෂය  හා ජනාධිපති

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගෙන් හැටදෙනකු පමණ කිනම් ආකාරයකින් වුවත් ඡන්දය දීමෙන් වැළකී ඇත. ඒ අතර ජනාධිපතිගේ විපක්‍ෂයේ නොවන විපක්‍ෂ මන්ත්‍රීවරු ද ජ වි පෙරමුණේ මන්ත්‍රීවරු ද එ ජා ප මන්ත්‍රීවරු පස්දෙනෙක් පමණ ද වෙති. ඉතිරි හතළිස් දෙනකුට අධික අයගෙන් බහුතරය ශ්‍රී ල නි පක්‍ෂයට අයත් අය බව පැහැදිලි ය. එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජ වි පෙරමුණේ තරුණ නොවන මන්ත්‍රින් ඡන්දය දීමෙන් වැළකී ඇත්තේ අයවැයට පක්‍ෂව ඡන්දය දී තම සාමාජිකයන් පක්‍ෂ අත්හැර යෑම වැළැක්වීමට ය. අනෙක් පනස්දෙනකු පමණ කිනම් ආකාරයකින් වුවත් ඡන්දය දීමෙන් වැළකී ඇත්තේ එයට විපක්‍ෂව ඡන්දය දී ජනතාව තමන්ට ඡන්ද සහන හා පොරොන්දු දුන් අයවැයකට විපක්‍ෂ විණි ය යනුවෙන් ඔවුන්ට කිරීමට ඉඩ ඇති චෝදනාවෙන් නිදහස් වීමට විය යුතු ය. 

කෙසේ වෙතත් ජනාධිපතිගේ සියුම් ගර්ජන හමුවේ ද ඔහුට නොනැමෙන පිරිසක් ශ්‍රී ල නි පක්‍ෂයේ සිටින බව පැහැදිලි ය. ජෝන් අමරතුංගට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාව ඇතැම් විට ජනාධිපතිගේ ද අගමැතිගේ ද අනුමැතිය උඩ ගෙන එන්නක් විය හැකි ය. ඒ කුමක් වුවත් එයට මන්ත්‍රීවරුන් එකසිය දහහතර දෙනකු අත්සන් තබා ඇත. ඒ නරක ප්‍රවනතාවක් නො වේ. 

අද කළ යුතු ප්‍රධාන ම කාර්යය වනුයේ ශ්‍රී ල නි පක්‍ෂය ජනාධිපති ග්‍රහණයෙන් මුදා ගැනීම ය. අයවැය ඡන්දයෙන් කියැවෙන්නේ (පඬියන්ගේ ඊනියා කියැවීම නො වේ) ඒ ගැන බලාපොරොත්තු තබාගත හැකි බව ය. සන්ධානයේ අපේක්‍ෂකයාට විරුද්ධව තරග කළ බටහිර යටත්විජිතවාදී නියෝජිතයකුට යටත්විජිත විරෝධී ශ්‍රී ල නි පක්‍ෂය මෙහෙයවීමට ඉඩ නොතැබිය යුතු ය.


නලින් ද සිල්වා

වීරවංශගේ නන්නත්තාර පෙරමුණේ සිහිනයට වූ පරිද්දෙන්ම නලින් ද සිල්වාගේ දවල් සිහිනයද  දවල් සිහිනයක්  පමණක් බවට පත් කිරීමට වග බලා ගැනීම නලින්ට මෙන් පිස්සු නැති සියලු දෙනාගේ  වග කීමකි

8 comments:

  1. අමා මොකද නලින් සිල්වා එක්ක මේ තරම් තරහ

    ReplyDelete
    Replies
    1. යහ පාලන මෙව්වා එක කිසිම න්‍යායක්, දැක්මක්, සැලැස්මක් තියා වෙන්නේ මොකද්දයැයි හදපු උන්වත් දන්නේ නැති රනිල් ඇතුළු පදිරි යු.එන්.පී ය මහා චන්දෙන් බලේට ගේන්න හදපු පොඩි අඩ්වටයිසින් කේස් එකකි. ආත-බුත නැතුව කඩේ ගිය පුකේ වම්මු ගලේ රීපු, බේටට වහගන්න බැරි පුසගේ තත්වෙට පත්ව ඇත.නලින්ද සිල්වාගේ මතවාද සමග එකඟ නොවුනත් මිනිහා වෙන්නේ මොකද්දැයි අඩුම තරමේ දේශපාලනිකව සුත්‍ර ගත කොට ඇත. පුකේ වම්මුන්ගේ කරුමෙට නලින්ගේ කථා වලින් මුන් රනිල් සමග එක පතේ කෑ විත්තිය පිලිගනුමට බලකර ඇත. ඉතිං පුකේ ලයිට් සිල්වා එක්ක තරහ නොවී කොහොමද??

      ප. ලි

      උපුටා ගන්නකොට යහ පාලන සදාචාරේ තියන බව පෙන්න හරි ගත්තු තැන කියන්න. නැත්නම සම්පුර්ණ ලිපියම දන්න

      අයවැය, ශ්‍රී ල නි පක්‍ෂය හා ජනාධිපති

      Delete
  2. මේ මනුස්සය ඉස්සර කොච්චර හොඳට බෞතික විද්යාව විස්තර කෙරුවද.මොලේ කචල් වුනාම වෙනදේ!!

    ReplyDelete
  3. අයියෝ අමාවක..,

    මේ තියරිය ජී.එල්.ගේ නේ.. ඡන්දේ නුදුන් අය හා ,විරුද්දව ඡන්දය පාවිච්චි කල අයගේ එකතුව ජිනීවා වලදී පක්ශව ඡන්දය පාවිච්චි කල අයට වඩා වැඩී එතකොට දිනලා තියන්නේ ලංකාව.මේකත් ඒවගේනේ..මේ ගෞරවය නලීන්ට දෙන්න බෑ..

    ReplyDelete
  4. Miniha podikale anden(bed) Bimata wetila thiyenawa. ithn sarin sare,mole kachalwenawa.

    ReplyDelete
  5. තොපි වගේ සුද්දන්ගෙ ගූ කන ගොබ්බයො හිනන්ද තමයි අපිට කවදාවත් නැගාටින්න බැරි.පලයවුකො උන්ගෙ රටකට අපිට පවුනොදි

    ReplyDelete
  6. Jayadhana, උබ කැමති චීනුන්ගේ ගු කන්න නේ ? හොර ගෙඩිය!

    ReplyDelete
  7. 100 days newi 30 days wenath kalin Kuragalata aye hambayo set wela, Wiganeshwaren loku talk denawa , LTTE namin film hall ekak dala. Buruwek wage anik minussu ekka tiyana pudgalika taraha eliyata danne netuwa, wedagath deyak kiyawapan miniho. Umbalawage kalakinini ampapa thope lamita ekakka hena gahanna one.

    ReplyDelete