පිච්ච මල් පූජාව අවසානයේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ඉහළ අහසේ ආශ්චර්යයක්
නාච්චාදූව - ප්‍රභාත් වනසිංහ
නාච්චාදූව - ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී පෙරේදා (25 දා) පැවැති පිච්චමල් පූජා පිංකම අවසන්වන මොහොතේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඉහළ බටහිර අහසේ දේදුන්නක් සේ දිස්‌වූ අතර මෙය දේව ආශිර්වාදයක් දැයි පවසමින් බැතිමත්හු සාදුකාර පැවැත්වූහ.
පෙරේදා සවස පෙරහැරින් පිච්චමල් රැගෙනවිත් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව පහත මළුවේ ශ්‍රී මහා බෝධි අංකුරයක් අබියස පිච්චමල් අතුරා මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ. එම පුණ්‍ය කටයුත්ත සවස 5.00 පමණ වන විට අවසන් විය. එම අවස්‌ථාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඉහළ බටහිර අහසේ දේදුන්නක් සේ වර්ණයෙන් දක්‌නට ලැබිණි. ඒ මොහොතේ අනුරාධපුරයට වැසි වසින්නට ආසන්න තත්ත්වයක් නොතිබූ අතර හොඳින් හිරු පායා තිබුණ හෙයින් මේ පිළිබඳව බැතිමතුන්ගේද අවධානය යොමුවිය. මෙයට පෙර ද පැවැත් වූ පිච්චමල් පූජා උත්සවවලදී ද දේව ආශිර්වාද ලැබුණේ යෑයි බැතිමතුන්ගේ පවතින විශ්වාසයත් හේතුවෙන් මේ පිළිබඳව බැතිමතුන්ගේ අවධානය වැඩි වීමටද හේතු විය.
උපුටා ගැනීම 2015.07 27 දිවයින පුවත්පතෙනි. මේ රටට වඩා සුදුසු නායකයා ඔහු බව මෙම පුවතින්ද පෙනී යයි