Saturday, July 11, 2015

කුරුණෑගල වැසියන්ට කළ අපහාසය හෙලා දකිමු

 
පසුගිය ජනවාරි 8 දා මේ රටේ ජනතාව ලක්ෂ 62ක් මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්දය පාවිච්චි කරලා ඔහුව ගෙදර යැව්වේ ඔහුගෙයි, ඔහුගේ පවුලේ උදවියගෙයි, ඔහු වටා එකතු වෙලා සිටි දුෂිත මැර කල්ලියෙයි ක්‍රියාවන් අනුමත නොකළ නිසා. ඔවුන්ගේ හොරකම්, සංවර්ධනයේ නාමයෙන් කරපු නාස්තිය හා දූෂණය, විරුද්ධවාදින් මර්ධනය කළ අන්ත පැසීස්ට්වාදි ක්‍රම වලට විරුද්ධ වුන නිසා.

ඔහුට පක්ෂව ලැබුණ චන්ද ලක්ෂ 58 බහුතරයක් නොවෙයි නම් සෑහෙන ප්‍රමාණයක්  අල්ලසින්, රාජ්‍ය බලය අයුතු ලෙස යෙදවීමෙන් හා ඔවුන් සතුව තිබුණු මාධ්‍ය ඒකාධිකාරය භාවිතා කරලා රවටා ගත්තු චන්ද.  ඒ වගේම ජාතිවාදය ආගම්වාදය අවුස්සලා හරවාගත්ත චන්ද.

මහින්ද දිනුවා නම් තමන්ට ඉන්න  වෙන්නේ අඩි හයක් යට වල පල්ලේ බව කියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්දට නාම යෝජනා දෙන එක වෙනම කතා කළ යුතුයි.

මෙවන් වූ මහින්ද රාජපක්ෂව නැවත පාර්ලිමේන්තු යවන්න චන්දෙ දෙන්න නම්  එක්කො ඒ චන්දේ දෙන අය පිස්සෝ වෙන්න ඕනෑ. එහෙම නැත්නම් අමුම අමු පල් මෝඩයෝ වෙන්න ඕනෑ.

දැන් මහින්ද තමන්ගේ ගම් ප්‍රදේශය, බලකො‍ටුව, අත ඇරලා ඇවිත් කුරුණෑගලින් චන්දේ ඉල්ලනවා.
මහින්ද චන්දේ ඉල්ලන්න දිස්ත්‍රික්ක හතරක් , හම්බන්තොට, රත්නපුර, ගම්පහ හා කුරුණෑගල ගැන සලකා බලමින් ඉන්නවා කියලා පසුගිය දිනවල වාර්තා වුනා.

දැන් පේන්න තියෙන විදියට , මහින්ද ගණන් බලලා තියෙනවා  තමන් වගේ පැසිස්ට් පන්නයේ පාලකයෙකුටත් චන්දේ දෙන්න තරම්  මෝඩයෝ වැඩිම පිරිසක් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ බව.
හිටපු පරාජිත ජනාධිපතීවරයා තමන්ට කරපු මේ අපහාසේ ගැන කුරුණෑගල වැසියන්ගේ ප්‍රතිචාරය මොනවගේ එකක් වෙයිද ?

ඔවුන් රාජපක්ෂලගේ අනුමානය ඇත්ත කරයිද? එහෙම නැත්නම් තමන්ට කරපු මේ අපහාසෙ නිසා ඔහුට හොඳ පාඩමක් උගන්වයිද?

සටහන- මට මතක්  වෙන්නේ පහුගිය පලාත් සභා චන්දේ දී දයාසිරි ජයසේකර ගත්ත මනාප ගොඩ/

20 comments:

  1. කුරුණෑගල අපිJuly 11, 2015 at 12:18 AM

    කඤ්ඤ දෙඤවනං අපට බොඤ්ඤ දෙඤවනං අපට
    මොන කෙංගෙඩියද තව ඕඤැ කියඤ්ඤේ...

    ReplyDelete
  2. දුක ඇති රනිල්ට කෙලවෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ උඹේ දුකටයි මරාගේ දුකටයි පුං ගහනවා අපි මේපාර කුරුණෑගලදී

      Delete
  3. තව මාසයක් වත් නෑනේ..බලමු
    කුරුණැගල මෝඩයෝ ඉන්නවද කියලා

    ReplyDelete
  4. එහෙ උං කෝමත් නිලට නිලේ බැබලි බැබලි ඉන්නෙ මං කියන්නෙ බොරු නං ඇවිල්ල බලාන්...
    දැනටත් ඇදල ඉවරයි ආයෙ කොහෙ අදින්නද

    ReplyDelete
  5. හොරකම වංචාව දූෂණය මැරකම ලංකාවේ දේශපාලනයට ගෙනාවෙත් එක්සත් ජාතික පක්ෂයයි. ඒක අමතක කරන්න බෑ. මහින්දගෙයි එයාගේ පවුල් ඒකාධිකාරයෙයි එයාගේ ආණ්ඩුවෙයි වැරදි අඩුපාඩු දුර්වලකම් එමට තිබුණා. නමුත් ඒව හදාගන්න කියලා කරන්න ඕනේ රටේ ජාතිකත්වයවත් නොතකන හොරකම මැරකම වංචාව හොඳින්ම කරල පුරුදු විජාතික ගැති බෙදුම්වාදය සනසන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අශුද්ධ දේශපාලන සංධානයක් බලයට ගේන එක නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය හොරකම් නොකරන බවට සහතිකයක් දෙන්න බෑ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මේ වැරදි සේරම කරන්නේ රටේජාතිකත්වයත් බල්ලට දාල ජාතික අනන්‍යතාවයටත් නිග්‍රහ කරමින්. අපි මේ චන්දෙදි ප්‍රමුඛත්වයේ ලා සැලකිය යුත්තේ පළැමුව රටේ ජාතිකත්වය විජාතික කුමන්ත්‍රණකාරීන්ට එරෙහිව ශක්තිමත් කරන එකඉන්ද්. මහින්ද පිලේ අදුපාඩු හදාගන්න බැරි නෑ. මොකද දූෂිත දේශපාලකයන්ට චන්දේ නොදී රටේ ජාතික අනන්‍යතාවය සමග ඒකාබද්ධ දේශපාලනයක් කරන්න පුළුවන් අවංක නායකයෝ තෝරා බේරා ගන්න මිනිස්සුන්ට මොළයක් තියෙන්නත් ඕනේ.අමතක කරන්න එපා 2005 ට කලිනුත් රටේ වංචාව දූෂණය උපරිමයක තිබුණ කියන එක අනෙක යහපාලනය යටතේ මහබැංකු බැඳුම්කර වංචාව ඇතුළු තවත් වංචනික ක්‍රියා බොහොමයක් දින 100 පිරෙන්න කලිනුත් උනා. දූෂිත බව ගැන කතා කරනවනම් පක්ෂ පාට කණ්නාඩි ගලවලා අවංකව කතා කරමු. මහින්දගේ ආණ්ඩුවේ දුෂණය නැති කරන්න රටේ ජාතිකත්වයටම පයින් ගහල විජාතික ගැති තවත් අන්ත දූෂිතයන් පත් කරගන්න මොළේ අමාරුවක් තිබ්බොත් ඒකේ ප්‍රතිඵලේ අනාගත පරපුරටම විඳින්න වෙයි. දූෂණයට වංචාවට එරෙහිව කියල පිස්සුවෙන් විජාතික හතුරු කණ්ඩායම වැලඳගෙන ඔවුන්ගෙන් සර්ව සාධාරණය බලාපොරොත්තු වෙන එක මන්දබුද්ධික ක්‍රියාවක්.

    ReplyDelete
    Replies
    1. ජයවේවා..................

      Delete
    2. ජයවේවා.................. ජයවේවා..................

      Delete
    3. අජිත් මචං.................. යූඒන්පීයට බැන්නට ඔය මහින්ද ඒක්ක අාණ්ඩු කරේම යූඒන්පී කාරයෝ ටිකනේ... ඒ කියන්නේ මහින්දගේ අාණ්ඩුවත් විජාතිකයි නේද???????

      Delete
    4. "විජාතික ගැති බෙදුම්වාදය සනසන" "ජාතික අනන්‍යතාවය" "රටේ ජාතිකත්වය" "විජාතික කුමන්ත්‍රණ"

      එකම වචන සෙට් එක.... ඔය ටික තප්පුලන එවුන්ගෙන් මන් අහන එකම ප්‍රශ්නය ... ඔය පාවාදීම් කුමන්ත්‍රණ වෙනවානම් ඇයි සාක්ෂි සමග ඉදිරියට ඇවිත් ඔවා ඔප්පු කරන්නෙ නැත්තෙ? රටකට විරුද්දව කුමන්ත්‍රනය කිරීම නීතියෙනම වැරද්දක්

      Delete
    5. @Unknown
      මේව සාක්ෂි ඇතුව තවත් ඔප්පු කරන්න දෙයක් ඉතුරු වෙලානෑ. මම දෙන එකම උත්තරේ මේ රටේ අඩුම ගානේ පහුගිය ච්න්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියගේ පාලන කාලේ ඉඳන් වෙච්චි දේවල් මතක තියෙන විචාරයක් තියෙන කාටවත් මේව මත්ක් කර දෙන්න ඕන නෑ. ජාතිකත්වයයි විජාතිකත්වයයි අතරේ සටන තප්පුලන්න දෙයක් වෙලා තියෙන්නේ ඒක තේරුම් ගන්න බැරි ගොන් වහන්සේලා එක්ක කතා කරන්න ගියාපුවහම මිස තේරුමක් ඇති ඒ ටික දැනෙන කිසිවෙකුටත් තප්පුලන්න ඕන නෑ. ඊලාම්වාදය ඉහට ගහල තියෙන්නේ ලන්දේසින්ගේ කාලේ ඉඳල බටහිර වහල් කම්කරුවන් හැටියට විවිධ වැවිලි කර්මාන්ත ඇතුළු වැඩකටයුතු වලට දකුණු ඉන්දියාවෙන් මෙහාට ගෙනැත් උතුරු නැගෙනහිර පදිංචි කරවලා පස්සේ කාලෙක අධිරාජ්‍යවාදී වරප්‍රසාධ දෙමින් රටේ කවදාක හෝ සිංහල ජාතියට නැවතත් රටේ රාජ්‍ය බලය ලැබී ජාතික අනන්‍යතාවය ශක්තිමත් වෙන එක වලක්වන්න හදපු පිරිසට කියන සරල කාරනේවත් තෙරෙන්නේ නැත්නම් ඒ තමන් විසින් තමන් රවටා ගැනීම. ඒ වගේම අධිරාජ්‍ය ගැති විජාතික මතවාදයන්ගෙන්ම මොළේ හෝදගෙන බංකොලොත් වෙච්ච කිසි කෙනෙකුට විජාතිකත්වය හා ජාතිකත්වයේ පරතරය තේරෙන්නේ නෑ. ඒක පුදුමයක් නෙවෙයි. මේ ගැටුම තමයි විවිධ ස්වරූප වලින් කලින් කලට උත්සන්න වෙන්නේ. එතනදී බටහිර රටවල් ඇතුළු විජාතික කණ්ඩායම් අපේ රටේ ජාතික අනන්‍යතාවය මත තීරණ ගන්න පිරිසට එරෙහිව ඔවුන්ට හිතවත් ඊලාම්වාදීන් මෙහෙයවනවා. මේව දැකලත් නොදැක්ක වගේ ඉන්න්වනම් අපට කරන්න දෙයක් නෑ. නිකම් බොරුවට නොදන්න පාට් එක නොදා අපි බඩගෝස්තරේ වෙනුවෙන් පෞද්ගලික ලාභාපේක්ෂාවන් වෙනුවෙන් ජාතිකත්වයට ප්යින් ගහල විජාතිකත්වයේ පැත්ත ගන්නව කියල කෙලින් කියන්න. කිවුවත් නැතත් අපිනම් ඒ ටික දන්නවා.

      Delete
  6. කුරුනෑගල අස්ලිය කාරයා මරාට ඔෆිස් එකක් දාගන්න උගේ බිල්ඩිමක් දීලා. අස්ලිය කියන්නේ අසාධාරණයෙන් සල්ලි හම්බකරන එකෙක්. රට රස්සා වලට යන අහිංසක ගෑනුන්ගෙන් කෝටි ගණන් ගහන එකෙක්.

    අස්ලිය දුන්න ඔෆිස් එකේ ඉඳගෙන වැඩකරන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ හිටපු එවුන් වගයක්. සමහර එවුන් දැනටත් වැඩ කරන එවුන්ලු. ඩිෆෙන්ඩර් වලින් යන්නේ. මේ සැරේ කුරුනෑගල ලේ විලක් වෙනවා මරා නිසා.

    ReplyDelete
    Replies
    1. නිකන් දැකල වගේ බොරු කියන්න එපා මහත්තයො ඔයා පාට පාට කන්නාඩි දැම්මට අපි හොදට අැස් ඇරන් ඉන්නෙ

      Delete
  7. ඇයි ගම්පහ මර්වින්,පබාලා එතකොට ලන්සලා,සරණලා උඩින්ම දිනපු දිස්ත්‍රික්කය මරා අමතක කෙරුවේ ඇයිද දන්නේ නැහැ.

    ReplyDelete
  8. ලංකාවේ වැඩිම බයියන් ඉන්නේ වයඹ පළාතේ ද?
    කුරුණෑගල යන නම බයියාගල යනුවෙන් වෙනස් කළ යුතුද?

    ReplyDelete
  9. මහින්ද රාජපක්‍ෂට මෙවර ඡන්දේ ඉල්ලුවාට රාජපක්‍ෂ පවුලේ එකෙක්වත් ඡන්දේ දෙන එකක් නෑ. මොකද ඒ හැමෝම ඉන්නේ හම්බන්තොට ඡන්ද ලයිස්තුවල!

    ReplyDelete
  10. මම කුරුණෑගල මම කියනවා මහෙන්ද්‍ර ලොක්කා දිස්ත්‍රික්කයෙන් වැඩිම් මනාප අරගෙන පාර්ලිමෙන්තුවට එනවා ඒක ආයෙ ගලෙ කෙටුවා වගෙ ෂුවර් .... පුන්නක්කු වෙනුවට බත් කන ඈයෝ ගෝඩාක් මෙහෙ ඉන්නවා

    ReplyDelete
    Replies
    1. //පුන්නක්කු වෙනුවට බත් කන ඈයෝ ගෝඩාක් මෙහෙ ඉන්නවා//

      +++++++++++++++++++++++++++++++++
      බත් කන හරක් නෙවෙද? හම්බන්තොට එහෙම ඈයෝ අඩුබව මහින්ද දන්නවා.

      Delete
    2. පුන්නක්කු බුදින්නෝ - කිරි දෙන්නු, කරත්ත ගොන්නු, පුං ගොන්නු, මසට ඇතිකරන ඌරෝ

      Delete
  11. මහින්දගේ පක්ෂයේත් යුඇන්පී කාරයෝ හිටියේය. රනිල්ගේ පක්ෂයේ ශ්‍රී ලංකා කාරයෝ සිටියේය. රනිල් බැංකු අධිපති රක්ෂා නොකළ නම් මෛත්‍රී මහින්දට නම යෝජනා දෙන්නේ නැත. කුරුණෑගල ජොන්ස්ටන් නමැති යු අන් පි කාරයටද චන්දය දුන්නේය.
    http://nelumyaya.com/?p=3631

    ReplyDelete