Monday, July 6, 2015

පරණ වමෙන් විප්ලවීය තීන්දුවක්


 
ශ්‍රී ලංකාවේ තිබූ  පරණ වාමාංශික පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂය සිය දේශපාලන ගමන් මගේ ඉතාමත් ‍රැඩිකල් ,විප්ලවීය තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වේ.

එම තීන්දුව පිළිබඳව ඉමහත් සතුටට පත් ව සිටින වෙල්ගම මුදලාලි එය තම පුවක් පුවත්පතේ (දිවයින) වාර්තා කරන්නේ මෙසේය.

"ඉදිරි මහ මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කිරීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂය තීරණය කොට ඇත.

පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ සහ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී තම පක්‍ෂය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටත් සිය අපේක්‌ෂකයින් එම සන්ධානය යටතේ ඉදිරිපත් කිරීමටත් තීරණය වූ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභික සහ මාධ්‍ය ප්‍රකාශක එල්. ආර්. ස්‌ටීවන් මහතා 'දිවයින' ට පැවැසීය.

තවද රත්නපුර, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කවලට කොමියුනිස්‌ට්‌ පක්‍ෂ අපේක්‍ෂකයන් සන්ධානයෙන් ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි දිනවල සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට තීරණය වූ බව ද ඒ මහතා කීය.

මේ අතර පසුගිය බ්‍රහස්‌පතින්දා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්‌ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ලංකා සමසමාජ පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල රැස්‌වීමේදී මෙවර මැතිවරණයට එ.ජනි.ස යට සහාය දීමටත් තම අපේක්‍ෂකයන් එම සන්ධානයෙන් ඉදිරිපත් කිරීමටත් තීරණය වූ බව ල.ස.ස.ප. නියෝජ්‍ය ලේකම් අනිල් සොයිසා මහතා පැවැසීය."

සටහන-  1963 පටන් සභාගවාදි දේශපාලනය තුල  දේශපාලනිකව  මියගොස් කුණු වෙමින්  සිටින මේ ප්‍රාණින් මෙවරද ගෙන ඇත්තේ එම තීරණයමය. ඊට වඩා අමුතුවෙන් යමක් ඔවුනට කළ නොහැකිය. එය වෙල්ගම මුදලාලිට ප්‍රවෘත්තියක්  යැයි සිතුවාට අපට නම් එසේ නොවේ.

4 comments:

  1. ලංකාවේ "වම" කිව්වාම දැන් "වමනෙට"එනවා.

    ReplyDelete
  2. ඔ්ක තීරණය කරන්න තරම් දෙයක් යෑ

    ReplyDelete
  3. ඔබට මෙය ප්‍රවෘත්තියක් වීද කියා මට සැකයක් මතුව තිබේ. :)

    ReplyDelete