Thursday, October 29, 2015

යහපාලනය හෙලුවෙන්


 

රාජපක්ෂ රෙජිමයේ මානව හිමිකම් උල්ලංඝණයන්, ශිෂ්‍යයන්ට කළ අමානුෂික පහර දීම්  මාර්කට් කර බලයට පැමිණි මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව අද වෝර්ඩ් පෙදෙසේ දී තම යහපාලනයේ අරුම ප්‍රදර්ශනය කළේ  උද්ඝෝෂණය කළ සිසු සිසුවියන්ට ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් නොනැවතී තිරිසන් ලෙස එම සිසුන්ගේ හිස් ගෙඩි මතට බැටන් ප්‍රහාර ද එල්ල කරමිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව එය අවම බලය පාවිච්චි කිරීමකි.

මෙය ,මෛත්‍රී රනිල්  දෙබායන්ගේ ඊනියා යහපාලනය රාජපක්ෂ රෙජිමයේ  ආශ්චර්යට නොදෙවැනි වන බව  හෝ සමහර විට ඊට අන්ත විය හැකි බව පෙන්වන එක් උදාහරණයක් පමණි. බැටලු සමෙන් වැසී සිටින වෘකයාගේ දත් බොහෝ තියුණුය.

6 comments:

  1. ඡන්දෙට කලින් කලේ මිනිස්සුන්ට එපා වුන දේවල් තමාගේ වාසියට විකුණපු එක. ඒවායින් එකක් තමා මහින්ද පාලනයේ තිබ්බ මර්ධනය. මහින්ද යුද්ධෙ විකුණුව වගේ මේගොල්ලො වික්කෙ මහින්දගෙ වැරදි. මේගොල්ලො දින්නෙත් මේගොල්ලො ගැන ජනතාවගෙ තිබ්බ පැහැදීමක් නිසා නෙමේ. මහින්දගෙ වැරදි නිසා. කෝ දැන් ගොඩගත්ත තාජුඩීන්ගේ මිනිය?

    ReplyDelete
  2. http://nelumyaya.com/?p=4507
    ප්‍රශ්නයේ දෙපැත්තක් තිබේ.

    ReplyDelete
  3. මේ ගැන, මා රසිකොලොජි අඩවියේ දැක්වූ අදහස්, මෙතනට කොපි කරනවා.

    නීතියට අනුව සහ ලබාදී ඇති බලය අනුව පොලීසියට විශාල කාර්යභාරයක් බෙන්ම බලයක් ද තිබෙනවා.

    සැකකරුවකු/අපරාධ කරුවකු/නැවත නැවතත් අපරාධ වලට යොමුවන්නකු (IRC)/ ලෙස උපකල්පනය කරන තැනැත්තකු, පොලීසියේ සැකය නිමවනතුරු, අත්අඩංගුවේ තබාගෙන, උසාවියෙන් අවසර ලබා රඳවාගෙන, ප්‍රශ්න කළ හැකියි.

    අවභාවිතය:- මේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන, සැකයක් නැති නිසා නිදහස් කළ පුද්ගලයා, ඊළඟ නගරයේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන, නැවත අර පිළිවෙතම කිරීම. ඔහු චුදිතයකු නොවන බව, කලින් අත්අඩංගුවට ගත් පොලීසියෙන් කිව්වත්, අහන්නේ නැතුව ඉන්න පුළුවන්.

    සැකකරුවකු, කලින් අපරාධ වලට සම්බන්ධද කියා දැනගැනීමට, ඔහුගේ සිරුර නිරුවත් කොට ඡායාරූප ගතහැකියි. එයින් කරන්නේ ඔහුගේ සියලු ශරීර ලක්ෂණ වාර්තා කිරීමයි. මෙය ලෝකයේ බොහෝ රටවල කෙරෙනවා. එම ඡායාරූප, පරිගණක දත්ත ගබඩාවකට යවා සංසන්දනය කර බැලීමට සහ/හෝ මීට පෙර වැරදි වලදී, අත්අඩංගුවට පත් නොවූ/සැඟවී සිටින, අපරාධකරුවන්ගේ ශරීර ලක්ෂණ ගැන වාර්තාවී ඇති තොරතුරු සමග සංසන්දනය කිරීමටයි, ඡායාරූප ගන්නේ. එයට සහභාගී වියයුත්තේ, රාජකාරියට අදාළ පොලිස් නිලධාරීන් පමණයි. හැකි කෙටිම වෙලාවකින් ඡායාරූප ගැනීම අවසන් කොට ඇඳුම් ඇන්දවිය යුතුයි.

    අවභාවිතය:- ගලෝපිය *&^%$# කියා අපහාස කරමින්, පහර දෙමින් නිරුවත් කිරීම සහ නිරුවත් පුද්ගලයාට මානසික වශයෙන් සහ ශාරීරික වශයෙන් හිංසා කිරීම.

    ඔය උද්ඝෝෂණ සඳහා මහජන අවධානය යොමුවෙන්නේ නැහැ, පොලීසිය සමග ගැටුමක් ඇති නොවුනොත්. උද්ඝෝෂණ සංවිධානය කරන, පසුපස සිට මෙහෙයවන, දේශපාලන ක්‍රියාකාරීන්, කලින්ම දන්නවා, මෙන්න මේ වෙලාවට විතර, මෙන්න මෙතනදී ගැටුමක් ඇතිවෙනවා කියා. ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්ට දුරකථන ඇමතුම් දී, ආරක්ෂිතව පින්තූර ගැනීමට සුදුසු ස්ථාන පවා පෙන්වාදීම කරන්නේ, ඒ දේශපාලන ක්‍රියාකාරීන්. මේවා කියන්නේ මගේ සේවාකාලය තුළ ලබාගත් සත්‍ය තොරතුරු පදනම් කරගෙනයි.

    'මොනවහරි ගැටුමක් ඇතිකරගතයුතුයි' කියා සිසුන්ට උපදෙස් ලැබෙනවා. මේවා පැහැදිලිවම වාර්තා කරගෙන ඇති තොරතුරු. නිකම් හිතන්න, ඔය සිසුන් සාමකාමීව පාරේ එක පැත්තකින් පෙරහැරක් ගොස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව/උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට, සාමකාමී සත්‍යග්‍රහයක් පවත්වා විසිර ගියා කියල. ඒ ගැන ආණ්ඩුව බලන්නේ නැහැ. සිසුන්ගේ ඉල්ලීම් ඉටුවෙන්නෙත් නැහැ. ඒ නිසා ගැටුමකට යනවා අවධානය ගන්න.

    සිසුන්ගේ අවභාවිතය:- කාර්යාල ඇතුලට පැනලා, දේපල හානිකරමින් හැසිරීම අනුමත කරන්න බැහැ. ඒවා පොදු දේපළ. මාර්ග හරස් කිරීම රටේ ආර්ථිකයට පවා බලපාන ක්‍රියාවක්. මහජනතාවට බලවත් හිරිහැරයක්. මේ සිසුන් ප්‍රමාණයට වඩා, කොළඹ පාරවල් භාවිතා කරන අහිංසක මහජනතාවගේ ප්‍රමාණය වැඩියි. ඒ නිසා පාරවල් අවහිර කරන්න දෙන්න බැහැ.

    පොලීසියේ අවභාවිතය:- පහර දීමට පෙර ශබ්ද විකාශන යොදවා දැඩිව අවවාද කලයුතුයි නීතියට පටහැනිව ක්‍රියාකලොත් ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර, රබර් උණ්ඩ ප්‍රහාර, එල්ල කරන බව. එසේ නොකිරීම වරදක්. පහර එල්ල කිරීමේදී මුලින්ම කලයුත්තේ බියගන්වා පලවා හැරීමයි. මෙතන විස්තර කිරීමට නොහැකි, රහසිගත ක්‍රම ඒ සඳහා තිබෙනවා, කාටවත් තුවාලයක් නොකර හෝ සුළු සීරීම් තුවාල පමණක් ඇතිවන ආකාරයට, විසිර යැවීම් කළහැකි. ඒ සඳහා උසස් පුහුණුවක් සහ විනයක් පොලීසියට අවශ්‍යයි.

    රාජ්‍ය අවභාවිතය:- හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා මේ ප්‍රශ්න අවම කරගැනීම සඳහා නොපමාව ක්‍රියා නොකර, බොරු සෝබන වැඩ පමණක් කිරීම.

    ReplyDelete
  4. අර පූජිත ජයසුන්දර ඊළඟට හැරෙන්නේ මාද්දිය වේදියොන්ට .. ඊලඟ උද්ඝෝශනයෙදි මාද්දියවේදියොන්ටත් කන්න වෙනවා..ඊට පස්සේ කියයි සිසුන් බේරගන්න ආපු නිසා වැදෙන්න ඇති ඒ වගේ වෙලාවක බේර බේර ගහන්නේ කොහොමද කියලා.

    ReplyDelete
  5. ක්‍රමය වෙනස් නොකර ඔලු ගෙඩි වෙනස් කිරීමෙන් පමණක් ප්‍රශ්න විසදන්න බැහැ.

    ReplyDelete