Monday, January 18, 2016

ආණ්ඩුවට අභියෝගයක්

 
රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව  රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට සැරසෙයි.

රනිල් ගැනත් මෛත්‍රී ගැනත් ඒ දෙපොලගේ යහපාලන ආණ්ඩුව ගැනත් බොහෝ දේ කීමට තිබුනත් මේ සැරසෙන්නේ ඊනියා යහපාලනය විවේනය කිරීමට නොවේ. ඒ සඳහා ඕනෑ තරම් කල් තිබේ. මෛත්‍රී කියන විදියට නම් අවුරුදු පහක්ම තිබේ..

පුරවැසියන්ගේ අදහස් ද  ව්‍යවස්ථාවට එකතු කර ගන්න  බව ඊයේ ජාතිය අමතමින් රනිල් තුමා කියා සිටි නිසා මම මේ සූදානම් වෙන්නේ පුරවැසියෙක් විදියට මගේ යුතුකම් ඉෂ්ඨ කිරීමට නොහොත් ගෙන එනවායැයි කියනු ලබන ව්‍යවස්ථාවට මගෙනුත් අදහස් කීපයක් ඉදිරිපත් කිරීමටය.

නිදහසින් පසු හා ඊට පෙර ගත වූ කාලය දෙස විමර්ෂණාත්මකව බලන්නේ නම් , මේ රට ගොඩ ගැනීමට මගේ මේ යෝජනා අත්‍යවශ්‍ය බව ඕනෑ මෝඩයෙකුට තේරුම් යනු ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය  අනිවාර්යෙන්ම පහත කොන්දේසි අඩංගු විය යුතුයැයි මම යෝජනා කර  සිටිමි.

1. රාජ්‍ය හා ආගම අතර ඇති සියලු සම්බන්ධතා නතර කිරීම .

2. කිසිම ආගමකට විශේෂ සැලකිල්ලක් නොදැක්වීම

3. ආගම් වල පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය අරමුදල් වෙන් නොකිරීම

4. ආගමික අධ්‍යාපනය පාසල් විෂය ධාරාවෙන් අයින් කිරීම

5. ආගමික ගැ‍ටුම් ඇති කරන්නන්ට තද දඬුවම් පැනවීම

6. බාල වයස් කරුවන් පූජක පදවියට බඳවා ගැනීම තහනම් කිරීම

හැකි නම් මෙයින් එකක්  හෝ කර පෙන්වන්න

7 comments:

  1. එම යෝජනා සියල්ලම දෙපයින් හිටං අනුමත කරමි...

    ReplyDelete
  2. යෝජනා සියල්ලම ගින්දර වගේය. ඒත් ඒ එකක්වත් මේ ආණ්ඩුවට සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට බැරිය. කොටසක් හෝ ක්‍රියාත්මක කිරිම හෝ ඒ සදහා උත්සහ කිරීම අතට ගත් දෙය කටට දමා ගැනීමට (බලයේ සිටින කාලයේ කියක් හෝ හොයාගැනීමට) නොහැකිවීමට හේතුවක් විය හැකි බැවින් බෝලය නිදැල්ලේ ඇරීමට 100%ට 200% ක් ඉඩතිබෙනවාය.

    ReplyDelete
  3. මේවා විහිළු කතා වගේ තමයි මට පෙනෙන්නේ. රජය සහ ආගම අතර තියෙන සම්බන්ධතාවය නතර කරන්න යැයි කියන්නේ වෙනත් ආගම් නිසා බෞද්ධයන්ට වෙන අසාධාරණකම් වෙනුවෙන් බෞද්ධයන් හඩක් නගන්න පටන්ගැනීමත් එක්කයි. ඒ නිසා අනෙක් අාගමිකයන් සැනසීමට මෙවැනි දේ කළ හැකියි. ලෝකයේ මහා දියුණු යැයි කියන ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගන්නා ඕනෑම කෙනෙක් බයිබලයේ අත තබා දිව්රිය යුතුයි. නමුත් පුරවැසිබව ලබාදීමට ආගම සම්බන්ධ කරගන්නට එපා යැයි කිසිවකු පවසන්නේ නැහැ. අපේ රටේ පුරවැසිකම ලබාදෙන්නට පිරිත් පොතේ අත තබා දිව්රිය යුතු යැයි කිසි තැනක පවසන්නේ නැහැ. මහා බ්‍රිතාන්‍යය පවා එංගලන්ත සභාවට යටයි. වතිකානුවට සමස්ත කතෝලික ලෝකයම යටයි. අපේ රටේ බෞද්ධයන්ගේ කුමක් හෝ අවදිවීමක් පෙන්නුම් කරද්දීම කට්ටිය භූමිතෙල් ගෑවුණු ගැරඩියන් මෙන් දගලන්නට පටන් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. http://www.salon.com/2014/11/17/6_reasons_why_religion_does_more_harm_than_good_partner/

      Delete
  4. බෞද්ධයන්ගේ අවදිවීම නොවේ ගැටලුව නෙරන්ජන්.බෞද්ධයන්ට මුවා වෙලා එන ඇතැම් අයගේ හැසිරීමයි ගැටලුව.
    අන්තවාදය කොයි පක්‍ෂයක,ජාතියක,ආගමක වුවත් හෙලා දැකිය යුතුයි.

    ReplyDelete
  5. උබ කිව්වත් වගේ ආන්ඩුව විවේචනය කරන්න තව අවුරුදු 5ක්ම තියෙනවා.තව ටික දවසක් යනකොට විවේචනය කරන්න පුලුවන් කරුනු ගොඩක් මේ ආන්ඩුව ගෙනත් දේවි..
    උබගේ යෝජනා සියල්ලටම එකග වෙමි.හැබැයි එකම යෝජනාවක් වත් ඉටුවේද කියලා මට සැකයි.

    ReplyDelete