කතන්දර

 
මම අද මේ දූලා පුතාලට කතන්දර දෙකක්ම කියලා දෙන්ටයි හදන්නේ? හොඳින් අහගෙන ඉන්ට.


පලමුවැනි කතන්දරය-

ඔන්න එකෝමත් එක රටක හිටියලු ගමරාල කෙනෙක්. දවසක් ගම මහගේ ගියාලු එයාගේ ගෙදර , අම්මා තාත්තා බලන්න. ගම මහගේ එහෙම ගමේ ගියාම දවසක් දෙකක් නතර වෙලා , ඉඳලා තමයි ආපහු එන්නේ. ඉතින් ඒ දවස්වලට ගමරාල හරිම පාලුවෙන් තමා ගෙදර ඉන්නේ. කලේ පැන් ඇත, නැවුම් රහ නැත, පුලුස්සා ගත් රොටිය කරවිය  වගේ කවි කිය කියා දවල් දවස ගත කරගෙන තනි පැදුරේ සුසුම් හෙල හෙල නිදා ගන්නවා.

ඔන්න ඉතින් මේ කියන දවසේත් ගමරාල තනියම පැදුරේ නිදා ගෙන ඉන්න කොට ගමරාල ගැන දුක හිතුන ශක්‍ර දේවේන්ද්‍රයා ගමරාලගේ අල්ලපු ගෙදර උන්න රූබර කාන්තාව ගමරාලගේ පැදුරේ පැත්තකින් නිදිකොරවලා ගියාලු , ගමරාලට තනිවට.

හැබැයි පහුවෙනිදා එලිවෙද්දී ගම මහගේ ආපහු ආවාලු. ඇවිත් බලන කොට ගමරාලයි අර ලලනාවයි එක පැදුරේ බුදිලු. ගමරාල හත් අතේ දිවුරලා කිව්වලු මේ ස්ත්‍රියාව තමන්ගේ පැදුරට ආව විදිය දන්නේ නැහැ කියලා. ඒත් ගම මහගේ නෙවේලු විශ්වාස කලේ.

හොඳයි දැන් මේ කතාව අහගෙන උන්න උපාසක මහත්තුරු ,නෝනලා කියන්න බලන්න ගමරාල වැරදිද කියලා?

නැහැනෙ?

දෙවැනි කතන්දරය-

ඔන්න එකෝමත් එක රටක, ඉස්සෙල්ලා රටේ නෙවේ වෙන රටක. හිටියලු හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ හරිම සිල්වත්, පිංවත් , ධනවත්, මහන කෙනෙක්ලු. උන්වහන්සේ හීනියට සෙන්ට් ටිකක් ගාලා, පට සිවුර ඇඳලා ටී වී එකේ බණ කියන කොට අහන් ඉන්න උපාසක උපාසකාවියෝ ඔක්කොම සෝවාන් පලයට පත් වෙනවලු. අපේ මේ හාමුදුරු නමත් අඩුම ගානේ සකෘදාගාමි වෙලා ඇති කියලා තමා කවුරුත් හිතුවේ.
ඒ වගෙම තමා ,අපේ හාමුදුරුවෝ බොහෝම ලොකුවට දාන පාරමිතාව පුරමිනුයි හිටියේ.

ඉතින් ඒ නිසා රටේම ඉන්න මිනිස්සු තමන්ට කෑම බීම සපයන්න බැරි බල්ලො, බලල්ලු ,හරක්, එලුවෝ , බූරුවෝ, කුකුලෝ, කිකිලියෝ විතරක් නෙවේ උකුනෝ මකුනෝ මැක්කෝ පවා මේ පන්සලට ගෙනත් ඇරලනවලු. මොකද ඒ උපාසක කට්ටිය දන්නවා අපේ හාමුදුරුවො මොකා ගෙනාවත් නොසලකා ඉන්නේ නෑ කියලා.

ඕන්න ඔය කාලේ ඒ රටේ හිටියලු හස්ති රෝසන කියලා මනුස්සයෙක්. මේ මනුස්සයා ඉස්සර කාලේ සිටාණ කෙනෙක්. හැබයි පස්සේ කාලෙක රාජ  උදහසට ලක් වෙලා ධනය නැති භංග වෙලා හිටියේ .

 ඉතින් මේ හස්තිරෝසන ලඟ උන්නා අපූරු අලි පැටියෙක්. ඌට කන්න බොන්න දෙන්න තියා තමන්ට කන්න බොන්නත් නැති වෙලා හිටපු  හස්තිරෝසන මොකද කලේ? ශක්‍ර දෙවියන්ට කන්නලව් කරාලු මේ අලි පැටියාව හදා ගන්න උදව් කරන්න කියලා.

එතකොට  අලිපැටියා ගැනයි, හස්තිරෝසන ගැනයි කම්පා වෙච්චි ශක්‍ර දේවයන්ගේ පඬුපුල් ආසනේ රත් වෙලා ඇවිත් අර අලි පැටියාව  ,  අපේ හාමුදුරුවන්ගේ ආරාමේ ඇතුලට දාලා ගියාලු.

හැබැයි මේ අලි පැට්ටා රජ්ජුරුවන්ට අයිති එකෙක්ලු. දැන් රාජපුරුෂයෝ අපේ හාමුදුරුවන්ව අලි චෞරයෙක් කියලා දණ්ඩනය දෙන්ට ලෑස්තිලු.

ඔන්න ඔහොමලු සිද්ද වුනේ.

හොඳයි දැන් ඔයාලා කියන්න අපේ හාමුදුරුවෝ වැරදිද කියලා.

නෑ නේද?

Comments

  1. හාමුදුරුවරු කවදාවත් බොරු කියන්නේ නැහැ .( මුසා වාදා ) තමා කියන්නේ , කන්නේ නැහැනේ වලදනවානේ

    ReplyDelete
  2. එහිමියන්ගේ රුව දැකීමෙන් සම හරක් උපාසිකාවන්ගේ ශ්‍රද්ධා භක්තිය ස්ත්‍රී නිමිත්ත තුලින් දෝරේ ගලනවා කියා පැරණි පොත් පත් වල සඳහන් වන්නේය.

    ReplyDelete
    Replies
    1. බුහැක්....
      ටොප් කතාව ඒක

      Delete
    2. පට්ට කතාව මාතෙ. මම ඕක විචාරක බ්ලොග් එකේ දාන්න හිතල දැම්මෙ නෑ බ්ලොග් අයිතිකාරය අකමැති වෙයි කියල. සරදාවට උපාසිකාවන්ගෙ ස්ත්‍රී නිමිත්ත තෙත් වෙනව .ඒක තමා ඇත්ත කතාව. අනේ ලස්සන හාමුදුරුවො සෝවාන් වෙලා ද දන්නෙ නෑ කියල පස්සෙන් යනව.

      Delete
    3. මං විතරයි ඔලුව පාවිච්චිකළේ කිව්වලු.

      @ සිව්වැනි මානය. හැකිතරම් සභ්‍ය විදිහට ඔව්වා කියන ක්‍රමයක් තිබේ. ඒ විදිහට ලිව්වාට වරදක් නැත.

      Delete
  3. ඇත්ත ඇත්ත. මහන කෙනෙක් = මැසීම කරන එක්කෙනෙක් තමා මෙයා. එහෙම නැතුව, මහණ කෙනෙක් = පැවිදි නෙවෙයි මෙයා.

    ReplyDelete
    Replies
    1. අතේ මහගන්නවා වෙනුවට මහන මැෂිමක් ලැබී තිබීම පෙර පිනකින් වුුණු දෙයක් විය යුතුයි!

      Delete
  4. //අපේ හාමුදුරුවෝ වැරදිද//
    කිසි වැරැද්දක් නැ මොකද සෝවාන් පලයට ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  5. //මහන කෙනෙක්// මාමේ.. මොනාද එයා මහනවයි කියන්නේ?
    මම
    -ළමයෙක්-

    ReplyDelete

Post a Comment