Wednesday, March 23, 2016

අපි හරි වෙනස්


 

 සබාවේ සියලු දෙනාගෙන් අවසරයි. මම අද මෙතැන්ට ආවේ කතාවක් කරන්ටය.  මාගේ කතාවේ මාතෘකාව ලංකාවේ අපි හරි වෙනස් බවයි.අද මම උත්සාහ කරන්නේ අපි වෙනස් වෙන්නේ කොහොමද කියලා පෙන්වන්නටය.

අපි හරි වෙනස් ජාතියක්ය, අපේ ඒ වෙනසට ගරු කරන්න ඕනෑය කියලා අපිට මුලින්ම කියලා දුන්නේ ගිනි අව්වේ වේලි වේලි ආපු සීයා කෙනෙකුට   පට්ට සීතල වතුර වීදුරුවක්  දුන්නු මාමා කෙනෙක්ය.ඒ මාමගේ ගෙදර දෙන්ට වෙන  මුකුත් කිසිම දෙයක් තිබිලා නැතිය. ඒ නිසා තිබ්බ දේ දුන්නේ අපි හරි වෙනස් නිසාය.

 වෙන රටවල හාමුදුරුවරු බණ භාවනා කරද්දි, සිල් රකිද්දී  අපේ රටේ කට්ටිය අලි බැලීම, උසාවි වලට කඩා පැනීම,  යුද්ද කිරීම, යුද්ද කරන්ට උගැන්නීම , මන්තර සාස්තර වැඩ, හදි හූනියම් ගුරුකම් ආදි වූ නොයෙක් දේ කරනවාය.  නොකරන්නේ ආගමට අදාල වැඩ විතරය. ඒ අතින් ගත්තම  අපි හරිම වෙනස් ජාතියක්ය.

අපේ රටේ අධ්‍යාපනය ද හරිම වෙනස්ය. ඉස්කෝලේ පංති කාමරේ 40 ක් දා ගෙන උගන්නන්න  බැරි  උදවිය, ඉගෙන ගන්න බැරි උදවිය, එක ශාලාවේ 2000ක් ,3000 දාගෙන හිරවෙලා තදවෙලා උගන්නනවාය.ඉගෙන ගන්නවාය. ඒ වෙනසට අපි කවුරුත් ගරු කරනවාය.

හැබැයි ඕක  නෙවේ ලොකුම වෙනස . ඒක තියෙන්නේ අපේ දේශපාලක තුමාලා ලඟය.අපේ  රටේ චන්ද තියන්ඩ ඕනෑ මොන  කාලෙටද  කියලා  තීරණය කරන්නේ  අහගන්නේ  ජ්‍යෝතිෂ කාරයින්ගෙන්ය.   මැතිවරණ කොමසාරිස් වත් පාර්ලිමේන්තුව, අධිකරණය ඒ කවුරුවත් නෙවේය. බලන්න කොච්චර වෙනස් ද කියලා.

අනික අපේ කට්ටිය ආණ්ඩු පෙරලන්නේ චන්ද බලෙන්වත්  උද්ඝෝෂණ  කරලා වත්, එහෙම නෙවේය. එහෙම කිව්වම එහෙනම් ආයුධ බලෙන්ද කියලා අහන්න එපාය. අපේ කට්ටිය හරිම අවිහිංසාවාදි නිසා ආයුද පෙන්නන්ට බැරිය. 

එයාලා ආණ්ඩු පෙරලන්නේ  දෙවියන්ට පොල් ගහලාය.  මේ  ක්‍රමේ හොයා ගැනීම ගැන ලෝක ප්‍රජාතන්ත්‍ර සංගමෙන් අපේ රටේ පොල් කට්ටියට සම්මානයක් දෙන්න කල්පනා  කරමින් ඉන්න බව ආරංචි වී තිබේය.

 මේ ඔක්කොටම වඩා හොඳම හා  මම ආසම  දේ තමා අපේ රටේ පොලිටික් කට්ටිය  සතුරාට පහර දෙන විදිය. එයාලා වෙන මුකුත් කරන්නේ නැත , සීනිගම දේවාලෙට ගිහින්  සතුරා හැඳි ගෑවිලා යන්න මිරිස් අඹරනවාය.

දැන් ඔයාලම කියන්න අපි හරි වෙනස්ද, නැද්ද , ඒ වෙනසට අපි ගරු කරන්න ඕනෑද  නැද්ද  කියලා.

6 comments:

  1. සැබෑ වෙනසක්

    ReplyDelete
  2. ඔය ජවිපෙ මන්ත්‍රීවරයෙකුට විරුද්ධව ගම්මිරිස් අඹරන්නේ පෙසපෙ සහෝදරයෙකු ද මන්දා?

    හතරවෙනි ජාත්‍යන්තරයේ වාසුදේව සහෝදරයාත් පොල් ගහන එකේ ඒක මොකක්ද නේද?

    ReplyDelete
  3. හැක්... අපි කෝමත් වෙනස් තමා...
    ඒකනෙ සියරට දේ සිරිසැප දේ කියල හැම බිජ්ජම පිටිං ගෙන්නන්නෙ..
    යැස්.. අපි හරි වෙනස්
    අන්න ඒ වෙනසට අපි ගරු කරන් ඕන

    ReplyDelete
  4. අපේ ජාතිය සිංහලේ නෙ. අපේ ජාතිය ආරම්භවෙන්නෙම සිංහයෙක් ගෙන්නෙ. අපේ කට්ට්යගෙ ශරීර කූඩුව ඇතුලෙ දුවන්නෙ සිංහ ලේ නේ. ජතියේ ආරම්භයම හරිම වෙනස්නෙ.
    මානවයා පරිනාම වන්නෙ වඳුරෙක්ගෙන් කියන එක වෙනස්කලේ අපේ ජාතියනෙ. වෙනත් ජාතීන්ගෙ මොලය ඔලුවෙ තිබුනට මොලේ පුකේ තියෙන ජාතිය අපිනෙ. ඒකනෙ මේ හරිම පුදුම වෙනසට හේතුව.

    ReplyDelete
  5. බෝලයක් අතේ මිරික මිරිකා ජනතාව වශී කරගන්න හදපු නායකයෝ ඉන්න අපිට ඔය මිරිස් අඹරන,පොල් ගහන එව්වා මොනවද මහත්තයෝ.

    ReplyDelete
  6. 2015 නෙලුම්යය බ්ලොග් සම්මාන උළෙලේ කාලින සංවාද අංශය යටතේ ඔබේ බ්ලොග් අඩවිය නිර්දේශ වී ඇත. එම අවස්ථාවට ඔබ හෝ ඔබේ නියෝජිතයෙකු සහභාගී වන්නේදැයි සනාථ කරන්න වැඩි විස්තර පහත ලිපියෙන්
    http://kalahitha.blogspot.com/2016/03/2015-you-are-named.html

    ReplyDelete