Thursday, March 31, 2016

රෙද්ද පල්ලෙන් පෙරෙන යහපාලනේ

 
මේ රටේ ජනතාවට යහපාලනය දීමට පොරොන්දු වී පැමිණි එජාප/ශ්‍රිලනිප හවුල් ආණ්ඩුවේ යහපාලනය දෝර ගලමින් තිබේ.

වංචාවට දූෂණයට එරෙහිව හඬ නගමින් බලයට  ආ යහපාලකයන් වැඩ ඇල්ලුවේ  භාණ්ඩාගාර බිල්පත්  වලින් රුපියල් බිලියන ගණනාවක මගඩියක් කරමිනි.නාස්තිය පි‍ටු දැක සරල චාම් ලෙස ආණ්ඩු කරන්නට පැමිණි මොවුන් දැන් කතරගම් යන්නේත් හෙලිකොප්ටරයෙනි.
ආමේන්.

පසුගිය රජයේ ව්‍යාපෘති වලට යටිගිරිය පුප්පා  බැන වැදුනවුන් ම පොර්ට් සිටි කරේ තියාගෙන මොණරුන් සේ රඟති. අකාර්යක්ෂමතාව සෑම තැනම ඉහටත් උඩිනි.  විදුලි බලය නැත. පොරොන්දු වූ සහතික මිල නොමැතිව ගොවීන් මහ පාරේය. තේ , රබර්  වගා කරුවන්ගේ තත්වය එලෙසමය.බඩු මිල බදු ගසමින් , අහස උසට යන්නේ යෝෂිතගේ රොකට්‍ටු ද පසු කරමිනි.නිදහස හා අයිතීන් ගැන කතා කරමින්ම උද්ඝෝෂණය කරන සිසුන්ගේ ඔලු පලති.

රාජපක්ෂ රෙජිමයෙන් දිවි ගලවා ගැනීම සඳහා රටින් පලා ගියවුන්ට ආපසු එන්නටැයි කියා , එසේ එන උන් අල්ලා සිර ගත කරති. මඩකලපුවේ මාධ්‍යවේදි සසීකරන් සිරගත කලේ එසේ ආපසු ආ විටය.

අද පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ට වසරක සිර දඬුවමක් පනවා තිබේ .

ඒ ඔහු මෙරට ආගමන විගමන නීති කැඩූ නිසාලු. එනම් රාජපක්ෂ  රෙජිමයෙන් පණ   බේරා ගැනීම සඳහා වෙනත් නමක් භාවිතා කරමින් රටෙන් පලා යෑම නිසාය.

එහෙත් එම නඩු හා පරීක්ෂණ  සඳහා ඇති කඩිමුඩිය හෝ  හදිසිය මිනීමරුවන් හා ජාතික ධනය කොල්ල කෑ හොරුන් අල්ලන්නට නැත. හොර පාස්පෝට් හැදූ වීරවංශ යුවල සුවසේ සිටිති. සමහර  අලි හොරු ඇප මත ගෙදරය, තව සමහරුන් තාම නිදැල්ලේය. සමහරුන් නඩු පවා අසමින් සුවසේ සිටිති.භාණ්ඩාගාර බිල්පත් සොරුන් ගැන වචනයක්වත් කතා කරන්නේ නැත.

යහපාලනයක් දෙන්නට ආ වුන් දෙමින් සිටින්නේ යම පාලනයකි.  මේ සියල්ලම අපට පෙන්වා දෙන්නේ නීතිය  හා යුක්තිය එකක් නොවන බවයි. යුක්තිය ලැබෙන්නේ  තවමත් පරණ පුරුදු ලෙසම ගජමිතුරු  ක්‍රමයටය. නීතිය අනෙක් උන්ටය.

රටට එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන පරීක්ෂණ අපටම කළ හැකිය යැයි කියන්නේ මෙවන් තත්වයක්  තිබියදීය. එම යහපාලන කතා කවුරුන් විශ්වාස කරයිද?
 
 

23 comments:

  1. සහතික ඇත්ත. ඒත් ඉතිං වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද මේ අමාරුව.

    ReplyDelete
  2. //අලි හොරු ඇප මත ගෙදරය, තව සමහරුන් තාම නිදැල්ලේය. //

    අලි හොරුන් හට හුටන් මැදිහත් වී බලෙන් ම ඇප දීලා අසපුවට යැවුවේය කියා නිවැරදි විය යුතුය...

    මැදැයි කලාමැදිරියෝ අතින් වියදම් කරන් ෆුඩ් සිටි ගොහින් රනිල්තුමා ට හදා දුන්නු ආන්ඩුව!

    හිටපු ජෙප්පාට කෙලවන්නේ වර්තමාන ජෙප්පෙකු ය.... අපට පාන් ය!

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙම හිතුවට ඔයාට පාන්වත් ලැබෙන්නේ නැත.

      Delete
    2. // ඔයා එහෙම හිතුවට ඔයාට පාන්වත් ලැබෙන්නේ නැත. //

      ඕගොල්ලෝ විරු සිසු කියලා කියන කස්ටියෙන් එකෙක්, ස ර ස තුමා ගේ යාලුවෙක් ගැන ලිපියක් දාන්නයි යන්නේ... නිශාන්ත එදිරිවික්‍රම ගැන අහලා තියෙනවද? එයා මැරෙනකොට ඔයා ඉපදිලා වත් නැද්ද?

      එම විරු සිසුවා සර ස තුමාලා සමග කල කී දෑ ලියුවාම ඔයාලට පාන් වෙයි නේ?

      Delete
    3. මැරුණ අය ඔයා එක්ක කිව්වා කියන කතා .... ඔයාත් මාරයි සාරස, ඔයා කොහෙන්ද ඔය ජාතියේ වැඩ ඉගෙන ගත්තේ ?

      Delete
    4. // ඔයාත් මාරයි සාරස, ඔයා කොහෙන්ද ඔය ජාතියේ වැඩ ඉගෙන ගත්තේ ? //

      සම සවුක්ය පීටයෙන් මෙයා
      අවුරුදු දේ උපාදියක් තමයි ඒගොල්ලො දුන්නෙ

      Delete
    5. සම සෞඛ්‍ය උපාධිය ගැන ඔයා කියන කතාවලින් පේනවා ඔයා ඉන්න මානසික තත්වේ.අනිල් අබේසිංහ මහත්තයා ලඟටවත් ගියොත් හොඳ නැත්ද?

      Delete
    6. අනිල් නෙවෙයි රනිල් මෙයා

      Delete
    7. ගිනිගේ නෝනාත් නරක නෑ

      Delete
  3. නෙද්දකින් මුන් මේ එක මිනිහෙකුට බය වෙච්චි තරමක්....

    ReplyDelete
  4. නමුත් නීතිය පසැඳලීම සහ රාජ්‍ය පාලනය යනු මියුචුවලි එක්ස්ක්ලුසිව් ප්‍රොසෙසස් දෙකක් නේද? පාලකයින් ගේ අවශ්‍යතා පරිදි මෙතැන තීන්දුව ගත්තාද?

    ReplyDelete
    Replies
    1. සිදුවුනු හා සිදුවෙමින් පවතින දේ බලන විට වී ඇත්තේ එය බව පෙනේ

      Delete
    2. උඩුවේ අලි හොරා ඇප ඉල්ලන්නෙත් නැතුව ගෙදර යන්නේ කොහොමද රසික....?

      Delete
  5. මචං මේකෙන් පේන්නේ කුමාර් කියන්නේ මාර පොරක් විත්තිය විතරක් නෙමෙයි මේ පොඩි මිනිහාට ලංකාවේ දේශපාලකයෝ කොච්චර බයක් තියෙනවාද කියන එකයි... ඇත්තට ම එච්චර අවුලක් මිනිහාගේ මටනං පේන්නෑ.....

    ReplyDelete
  6. මෙයා තමයි දැනට ජීවත්වන හොඳම ශ්‍රී ලාංකික දෙමලා. ජාතික සමඟිය ඇතිකරන්න නම් මේ වගේ අයට විශේෂ වරප්‍රසාද දිය යුතුයි.

    ReplyDelete
  7. "එනම් රාජපක්ෂ රෙජිමයෙන් පණ බේරා ගැනීම සඳහා වෙනත් නමක් භාවිතා කරමින් රටෙන් පලා යෑම නිසාය."

    මේක බොරුවක්, මෙයා ආපහු ආවේ රාජපක්ෂ ආණ්ඩුව කාලේ නේද.

    ReplyDelete
    Replies
    1. ඔයා මොකද ඇනෝ එන්නේ , නමෙන් එන්නකෝ.

      Delete
    2. ප්රශ්නෙට උත්තරෙ එක නෙමෙයිනෙ.ඇනෝ එන එක අවුල් නම් ඇනෝ off කරන්න

      Delete
  8. කුමාර්ට වීරයෙක් වෙන්න ආණ්ඩුව හොඳට පාර කපලා දුන්නා.පෙරටුගාමින් ගැන කතාවක් ඇති කරන්න සමත් වුනා ගුණරත්නම්ව අත්අඩංගුවට ගැනීම.දැන් ඒ කතිකාව ඉදිරියට ගෙනියන්න හොඳ වේදිකාවක් හදලා දීලා තියෙනවා ආණ්ඩුව පෙරටුගමින්ට.

    ReplyDelete
  9. මෙයාට එක හැන්දකිනුත් විමලටයි පවුලටයි තව හැන්දකිනුත් තමයි බෙදුවේ...

    ReplyDelete
  10. කණාමැදිරි, උබේ කතාවට මම කැමතියි බං. මම ඔය පක්ෂේ නොවුනත්, කුමාර් නිර්දෝෂී කළ යුතුයි කියන තැන ඉන්නවා.

    ReplyDelete
  11. //යහපාලනයක් දෙන්නට ආ වුන් දෙමින් සිටින්නේ යම පාලනයකි. මේ සියල්ලම අපට පෙන්වා දෙන්නේ නීතිය හා යුක්තිය එකක් නොවන බවයි.//
    සම්මාන දෙන්න වටින කතාවක්.

    ReplyDelete
  12. මොන පාලනය ආවත් මේ මජර දේශපාලකයො ඉන්න ජරාජීර්ණවූ අගතිගාමී ක්‍රමය තුළ මීට වඩා සාධනීය දේ බලාපොරොත්තු වෙන්න බැරි බව තේරුම් ගන්න තරම් අපේ රටේ ජනතාව දේශපාලනික වශයෙන් පරිණත නොවීම තමයි ඛේදවාචකය.

    ReplyDelete