Sunday, March 6, 2016

කලාමැදිරියාගේ විශේෂ ප්‍රකාෂයයි.

 
සොරි බොෂ්., මේ පෝස්ට් එක කොටන්න කයින් දෙකක් දා ගත්තා , ඒකයි මේ මහප්ප්‍රාණ වචන එන්නේ අරිද? නැතුව හොඳ ෂීයෙන් කෝමද මේ වා කොටන්නේ.

කුලියාපිටියේ මෝඩ මිනිස්සු ‍රැලක් පොඩි එකෙක් අල්ලගෙන ඌට ඉස්කෝලෙකට එන්ඩ දෙන්නේ නැතුව දුන්න දහවද දැකලා කලාමැධිරි මේ දවෂ් ටිකේම ඉටියේ පුල් අප්සැට් එකේ.

කුලියාපිටියේ මෝඩ මිනිෂ්ෂු ඒ කොලුවාට ඉස්කෝලයක් දෙන්නේ නැත්නම් ඌට ඉස්කෝලයක් දෙන එක අජ්ජාපන ඇමතිගේ ඩියුටිය, හොඳයි නැත්ද?

එකයි මම පහුගිය දවස් ටීකේම අකිල මාමි  හෙව්වේ, මම ඉතුවා මෑන්ස් ඇවිල්ලා දෙයි නියම යහපාලන ටෝක් එකක් කුලියාපිටියේ සැට් එකේ බ්‍රේන්ස් එක දිග ඇරෙන්ඩ කියලා. අම්මපා මෑන්සුත් කුලියාපිටියෙනේ.

අකිලා  මෑන්ස් ඇවිල්ලා දුන්නා තමා ටෝක් එකක්.

ඔන්න මම කිව්වා,ආයේ නොකිව්වා කියන්න එපා අරිද?
මෑන්ස් ලංකාවේ අජ්ජාපන ඇමටි නම් මේ කලා මැදිරියා ලංකාවේ පොරක් නෙවේ අරිද?
අයිස්ලන්තේ  වුනත් කමක් නෑ, ලංකාවේ නෙවේ අරි?

ඇයි යකෝ රටේ අජ්ජාපනයා ඔහොම කතා කියන කොට විලිසංගයක් ඇති එකෙකුට කියන්ඩ පුලුවන්ද අපි ලංකාවේ කියලා.කුලියාපිටියේ නූගත් අම්මලා තාත්තලා එච්,අයි, වී හුලඟින් බෝ වෙනවා කිව්වාම මක් වෙනව ද බන් රටේ අජ්ජාපන ඇමට්ටා මෙහෙම කියන කොට?

ඕනෑ නම් ගිහිල්ලා බලන එකයි ඇත්තේ , මෙන්න ලිංකුව, හැබයි බඩ කපාගන්න තහනම් අරිද?
 

'ජනතාව ගැන සිතන නිසා'


 
එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
දරුවාගේ මවට එච්අයිවී ආසාදනය වී ඇති බව කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තමාට කියා සිටි බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා ඒ හේතුවෙන් දරුවා මවගෙන් වෙන් කොට තැබිය යුතු බවයි සඳහන් කළේ.
''මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය. ඒ නිසා තමයි අපි බැලුවේ දරුවාව පරිවාසය භාරයට ගන්න. නමුත් මව ඉඩ දීලා නැහැ.''
දරුවාගේ මව පවසන්නේ තමාට එච්අයිවී ආසාදනය වී නොමැති බවයි.
මවට එච්අයිවී ආසාදනය වී අත්දැයි යන්න සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන කිසිත් ප්‍රකාශ කොට නොමැත.
දරුවා සහ මව සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට තමාට උවමනාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.
''මොකද අපේ ප්‍රදේශයේ, විශේෂයෙන්ම මට වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනකට වැඩිය මනාප අරගෙන මාව පාර්ලිමේන්තු ඇරියේ ඒ ප්‍රදේශයේ ජනතාව ගැන සිතන නිසා''
අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි.
අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ.
මේ අතර සෙනසුරාදා දරුවා වෙසෙන නිවසට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දරුවාගේ මවට කියා සිටියේ ආණ්ඩුව මැදිහත් වී දරුවාගේ පාසල් අධ්‍යාපනය සුරක්ෂිත කරන බවයි.
'අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.

10 comments:

  1. ඔක්කොට ම කලින් ළමයාව අම්මාගෙන් අයින් කරලා දැම්මා ම ඔක්කොම හරි.......... අනේ යකුනේ මුන්ව අරින්න තැන් නෑනේ අපිට........

    ReplyDelete
  2. සෞඛ්‍ය පිළබඳව ඉස්කෝලේ ළමයෙක් දන්නා තරම්වත් නොදන්නා , සමාජ ආචාර ධර්ම ලබා මනුස්සකමවත් නැති , “මහදැනමුත්තන්“ වන් රට පාලකයෝ , සහ ඔවුන්ට උපදෙස් ලබා දීමට සිටින පොතේ අධ්‍යාපනය ගත් , නමුත් “නිවැරදි දේ“ කියන්නට , කරන්නට හයියක් නැති “එහෙයියන්“ පරිපාලකයන් සේ සිටින “ලෝකෙන් උතුම් රට “ යන අත පිළිබඳව දැනෙන්නේ දුකකි , ලජ්ජාවකි. අදා තාක්ෂණය දියුණූ කළකවත් “කටින් ගව වදන් “ පිටවන්න පෙර “කටපරිස්සම්“ කරගන්නවත් පුළුවන් නායකයෙක් මාධ්‍යයට කතා කරනවා නම් හොඳයි ( “මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය“ , මොකද මේ සියල්ල අද ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ අපේ රටට “අපමණ කීර්තියක්“ ලබා දෙමින්.
    ස්තුතියි ඔබේ සටහන වෙනුවෙන්

    ReplyDelete
  3. මං කැමතියි අධ්‍යාපන ඇමති වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඔව් පිස්සන්ට සුදුසුකම් කොහෙත්ම අවශ්‍ය නැත

      Delete
    2. කකෝ උඹ හොඳයි මුදල් අයකරන පොදු වැසිකිළියක මැනේජර් වෙන්න

      Delete
  4. කුලියාපිටිය බෝහන්දිය පැත්තට යන්න එපා. එහෙ තියනවා 'මොලේ ඒඩ්ස්' කියලා භයානක රෝගයක්. ඒක හැදුනම ඕනෙම රෝගයක් බෝවෙන රෝගයක් බවට පත්වෙනවා.

    ReplyDelete
  5. කුලියාපිටියේ මොන්ටිසෝරි ටීචර් ලඟ ඉගන ගන යවන්නඕනේ ඇමතිත්..
    ඇය වසරක් තිස්සේ වෛද්‍ය අධිකාරි හා එක්ව ගත් පියවර නිසා තමන්ගේ මොන්ටිසෝරියත් පවත්වා ගනිමින් දරුවාට සාධාරනයක් ඉශ්ඨ කලා. වගකිවයුතු අධ්‍යාපන බලධාරින් වැඩේ අනා ගත්තා

    ReplyDelete
  6. ලක්ෂ තුනකට වැඩිය මනාප ගත්තාට වැඩක් නැහැ මේකට මුල සිටම අධ්‍යාපනය දෙන්න ඕනේ.
    යකෝ මුලික අධ්පනයක්වත් නැති හරකෙක්නේ රටේ අධ්‍යාපන ඇමති වෙලා ඉන්නේ.

    ReplyDelete
  7. //'අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.//
    මෙන්න අපේ ආචාරය...

    ReplyDelete
  8. මේ රටේ මිනිස්සු
    තනිකර කෙලින්නේ පිස්සු.

    ReplyDelete