Sunday, July 3, 2016

දැන් සනීපද?

     
 
 

මෛත්‍රීපාලට චන්දේ දී ඊනියා යහපාලනය හදන්න දඟලපු ටොයියන්ගෙන්  මෙහෙම අහන්නේ තවමත් මහින්ද රාජපක්ෂට කඩේ  යන බයියන්ය. ඒ බඩු මිල ,වැට් හුටප්පර, සයිටම් , මහ බැංකු බැඳුම්කර, තෙවරප්පෙරුමලා ආදි වශයෙන් එකී මෙකී නොකී දහසක් ප්‍රශ්න  නිසා  ජනතාව කැහි ගෑණි දී හො‍ටු ගෑණි ගත්තා වගේ වී සිටින නිසාය.

මිනිස්සු ( සහ ගෑණු) මෛත්‍රීපාලට චන්දේ දී පැතුවේ මහින්ද ආණ්ඩුව කළ දේම කරන  පාණ්ඩුවක් නොව , නිදහස වගේම ආර්ථික වශයෙනුත් සහනයක් ලැබේවි යැයි කියාය.  ඒත් දැන් එය සුන් වූ පැතුමකි. සුන් වූ පැතුම් සුන් වී ගියා දෙන් කියා කවුදෝ ගායිකාවක්  කීවේ මේ නිසාය.

ජනතාව මේ විදියට ඇණගෙන ඉන්න අතරේ ඊ ලඟ කැම්පේන් එක ආවේ පොලිසිය පැත්තෙන්ය. ඒ හීටපු පොලිස්පති වරයා විශ්‍රාම ගත් විට පුරප්පාඩුව පිරවීම ගැනය. කාගෙත් තේරීම වූයේ පුජිත මහතාය. ඒ තුමා පොලිස්පති වූ විට ෆේස් බුකියේ පලවූ සුබපැතුම් ප්‍රමාණය තරම් සුබපැතුම් චීනයේ පොලිස්පතිටවත් කිසිදා නොලැබෙනු ඇත. 

සියලු දෙනා හිතුවේ මින් පසු නම් පොලීසිය මාර වෙයි කියලාය.ආන්ඩු විරෝධී පෙළපාලි යනකොට ඉස්සර වගේ ගහන්නේ නැතිව කිරි පොවයි කියලාය. ( මේ ගැන තරමක ප්‍රශ්නයක්ද මතු වී තිබෙන්නේ මහින්ද  මැති තුමාද  තමාගේ කාලයේ නම් පෙලපාලි ගිය සිසුන්ට කිරි බොන්න දුන් බව පවසා තිබූ හෙයිනි. ඉතින් කිරි යනු මොනවා දැයි අර්ථ නිරූපනයේ ගැටලු මතු වී ඇති බවත් ඇත්තය) . පොලිස්සිය දේශපාලනයෙන් මුදවා ගනියි කියලාය.

ඒ බලාපොරොත්තු එහෙම්ම තියෙද්දී පූජිත මහත්තයායේ ගෝලබාලයොත් කොල්ලන් කෙල්ලන්ගේ ඔලු පැලුවෝය, කඳුලු ගෑස් දුන්නොය, වතුරෙන් නෑව්වෝය. දේශපාලනීකරනයද එහෙම්මය.  ලඟ ලඟ නවනවා වගේ ජනතාව දෙපාරක්ම යහපාලන ඇණගැනිල්ලක් ඇණ ගත්‍තෝය.

දැන් රඟ දැක්වෙන්නේ මේ නාටක මාලාවේ අලුත්ම කොටසය. එනම් මහ බැංකු වන්නමය. මේකේ දුෂ්ඨයා අර්ජුන් මහෙන්ද්‍රන්ය.  ගාමිණි වියන්ගොඩලා, රාජිත කීර්තිලා කියන විදියට අර්ජුන් එලෙව්වාම රට කිරි පැණියෙන් උතුරන නිසා කිරෙන් කා තෙලෙන් අත හෝදා ගත හැකිය.( මම නම් කැමති  තෙලෙන් කා කිරෙන් අත හේදීමටය).

දැන් අලුත් වීරයා පත් කර තිබේ . ඒ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ය .පූජිතට ආ පරිදිම සමාජ ජාලාවල සුභ පැතුම් දෝරේ ගලමින් තිබේ. රටේ ආර්ථිකය ගොඩ ගැනීමට, මහ බැංකුවේ මගඩි නැවත්වීමට , පොඩි ජනයා ගොඩ ගැනීමට ඔහුට ශක්තිය ,ධෛර්ය , පතමින් තිබේ.

තව ටික දවසකින් අලුත් වීරයා වැඩේ දෙන්න පටන් ගනු ඇත. ඒ රනිල් වික්‍රමසිංහගේ , මලික්ගේ ඔබාමලාගේ  , ඇන්ජිලා මර්කර්ලාගේ   හා තවත් ඒ වැනි අයගේ තිර නාටකයකට මිස බුකියේ සුබ පතන්නන්ට අවශ්‍ය ලෙස නොවේය.

වැඩේ වෙන විදිය  හරියටම කිව්වොත්,,,, කාර් ගන්න බලයට ගෙනා රනිල් කාර් තියා අත් කරත්තයක් වත්  ගන්නට බැරි තැනට පත් කලා මෙනි. පොලිසිය පන්සලක් කරා වි යැයි කට්ටිය හිතූ පූජිත ජයසුන්දර කලින් කට්ටියටත් වඩා හොඳින් ඔලු පැලීමේ ක්‍රීඩාව කරගෙන යන පරිදිමය.  අප කවදා ඉගෙන ගනිමුද?

සටහන- මෙන්න ජනතා පැතුම්
1. Well played MS and RW.. Now have an fair inquiry into what happened during Mahendran term and if found guilty the maximum punishment must be given to all those involved.. This is the Yahapalanya we are looking for!!!

2.President passes litmus test with flying colours, Indrajith Coomaraswamy brilliant choice to be Central Bank Governor, efficient and honest

3.feeling happy.


The new Central Bank Governor of Sri Lanka was a former Rugby National captain in 1974 and He captained Sri Lanka when we won the Asiad Championship also he played first class cricket in 1971/72. WOW!!!

4.
යහපාලන ආණ්ඩුව විසින් අල්ලා ගත්  මූල්‍ය වංචා කරුවෙක්

 

4 comments:

  1. අර ෆොටෝ එකේ විස්තරේ වැරදියි... එතන ඇත්තටම උනේ.. පොලීසියේ විරෝධය මැද ඔය දොස්තර මහත්තයා කඳුළු ගස් වැදුන කොස්සෙක්ට ප්‍රතිකාර කරන්න පැමිණීම... බලන්න මිනිස්සුන්ට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා..

    ඇයි මචං මේ සුදු කෝට් ඇඳගෙන බෙහෙත් දෙන්න ආපු ගමන්ද....?

    ReplyDelete
  2. මහ බැංකු අධිපති ගේ පත්වීමේ ඇති වරද කුමක්ද?.....උද්ඝෝෂණ,විරෝධතා පැවැත්වීමේ අයිතිය පුරවැසියන්ට ඇති සේම එය සීමාව ඉක්මවූ විට විසුරුවා හැරීමේ අයිතියද රජයට තිබේ..පොලිසිය කලේ ඒ කාර්යයි....යම් දිනක පෙරටුගාමීන්ට ආණ්ඩු බලය ලැබුණහොත් ඔවුන් යටතේ ඇති පොලිසිය කරන්නේද මෙයමය......

    ReplyDelete
  3. // The new Central Bank Governor of Sri Lanka was a former Rugby National captain in 1974 and He captained Sri Lanka when we won the Asiad Championship also he played first class cricket in 1971/72. WOW!! //

    Well done Ranil!!!

    ReplyDelete
  4. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හොද මහත්මයෙක්, ඔහු දැනුවත්ව දුෂණයක් සමග අනන්‍ය වෙතැයි සිතීමට අමාරුයි. එහෙත් ඔහුමහා බැංකු අධිපතිකමට පත්කිරීමේ තීන්දුව අතිශයින් භයානක එකක්. මක්නිසාද? හේ නවලිබරල්වාදය මුලධර්මවාදිව කරපින්නා ගත ආර්ථික විද්වතෙක්. හේ තවදුරටත් රුපියල පාවෙන්නට හරින්න හොදටම ඉඩ තියෙනවා. නරක තේරීමක්.

    ReplyDelete