Monday, August 27, 2018

සරසවියට ගසනු






මේ දවස්වල ආණ්ඩුවේ පත්තරත්, මැති ඇමති ගොල්ලත්, අනික් සියලුම පයිණ්ඩකාරයිනුත් එක  හඬින් ,එක් රොක් වී ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලට පහර දෙන බවක් පෙනේ. මොවුන් තමන්ගේ ඉලක්ක විදියට අන්තරේ, එහි කැඳවුම්කරු ළහිරු, පෙර‍ටුගාමින් පමණක් නොව පොදුවේ සියලුම විශ්ව විද්‍යාල සිසුන්ව පවා ‍තෝරාගෙන තිබේ . අගෝස්තු 26 සිළුමිණ පත්තරේ ඊට හොඳම උදාහරණයයි. හදිසියේම පස්සා පැත්තේ කිනිතුල්ලන්  වැහුවා සේ මොවුන් දඟලන්නේ මන්දැයි කල්පනා කරනන් විට අපට එකක් නොව හේතු ගණනාවක්ම පෙනේ.

1. විජයදාස රුහුණේ දී සරසවි ශිෂ්‍ය හූ මුරයකට ලක් වීම (ආසන්නම සිදු වීම)

2. ආණ්ඩුවේ පම්පෝරිකාරයින්ගේ සියලු කටමැත තිබියදී සයිටමය වැසීමට සිදු වීම

3. ආණ්ඩුවේ සියලු හොර මගුල්, යටිකූ‍ටු වැඩ , ජනතා ද්‍රෝහි ක්‍රියා වලට සෘජුවම එරෙහිවන්නේ සරසවි ශිෂ්‍යයන් පමණක් වීම හා සමාජයේ අනික් කාණ්ඩ මෙන් වරදාන වලට නමා ගත නොහැකි වීම

4. ආණ්ඩුවට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය කප්පාදු කිරීමට උවමනා වී තිබීම හා ශිෂ්‍ය ව්‍යාපාරයෙන් එයට බාධා එල්ල වෙන බව දන්නා හෙයින් ඔවුන්ගේ සමාජ සුජාත බාවය නැති කර දැමීම.

සටහන- විජේදාසලා නොදන්නා හෝ ඔවුන්ට අමතක වූ දෙය නම් ඔවුන්ගේ මේ උපක්‍රමය මෙරට පාලකයින් විසින් අත්හදා බලා අසමත් වූ ක්‍රමයක් බවයි.

2 comments:

  1. පහුගිය දිනක කොළඹ තිබුන පෙළපාලියකට පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් බස් 10 කට අධික ප්‍රමාණයක ශිෂ්‍යන් ගාල් කරගෙන ගෙනාවලු. මුලු වියදම ලක්ෂ නවයක්ලු. මේ ගැන කිව්වෙ විශ්ව විද්‍යාලයේ වගකිවයුතු ආචාර්ය වරයෙක්. එතකොට කොහෙන්ද මේ සල්ලි? එක්කෝ දෙමාපියන්ගේ සල්ලි, නැත්නම් මහපොල සල්ලි, එහෙමත් නැත්නම් දේශපාලන පක්ෂයක සල්ලි!

    ලහිරු නියෝජනය කරන්නේ කාගෙ පන්තියද කියලා මේකෙන්ම තේරෙනවා!

    ReplyDelete
  2. ඒක නෙවෙයි, කවද්ද කියහන් උඹ එලියට ආවේ.
    ඇතුලෙදි හොඳට බෝර් කරන් එන්න ඇති. උඹල ඉතිං ඔය වැඩේට හරි දක්ෂයි නේ.

    ReplyDelete