Thursday, January 3, 2019

මහ සොහොනේ රීරි යකා




ශ්‍රී ලංකාවේ බිහි වූ අපකීර්තිමත් , තිරිසන් වදකයෙක් හා උම්මත්තක ඝාතකයෙක් වූ ප්‍රේමදාස උඩුගම්පොල නම් වූ මිනී මරුවා මියගොසිනි.1987-89 ජවිපෙ කැරළි සමයේ  ජවිපෙ කැරලි කරුවන් යැයි සැක පිට අත් අඩංගුවට ගත් තරුණයින්ගේ කණට බෝල් පොයින්ට් පෑන් ඇතුල් කර හා ඔවුන්ගේ ගුද මාර්ගයට ක‍ටුකම්බි දමා වද දී මරා දැමූ මේ වදකයාගේ මරණය ගැන කණාමැදිරියා සිය සාතිශය සතුට මෙසේ පල කර සිටියි.

කණගා‍ටුව නම් මේ වදකයාට ස්වභාවික මරණයක් අත් වීමයි. මේ වදකයා උතුරු මැද, දකුණ හා මධ්‍යම පලාත් වල තරුණයින් දහස් ගණනක් මොහුගේ වද බන්දනයන්ට ගොදුරු වී මිය ගියද , මෙම අසත්පුරුෂයා නීතිය හමුවට ගෙන ඒමට කිසිවෙක් කටයුතු නොකිරීම කණගා‍ටුවට කරුණකි.

උඩුගම්පොල  මුල සිටම දුෂ්ඨ පොලිස් කාරයා විය. 1980 ,81  කාලයේදී ජවිපෙ සාමකාමි මැතිවරණ දේශපානයේ යෙදෙන විටත් මොහු ජවිපෙ සාමාජිකයන් අත් අඩංගුවට ගනිමින් වධ හිංසා කලේය. 1982 දි  මොහුට විරුද්ධව දරමිටිපොල රතනසාර හිමි මානව හිමි කම් නඩුවක් පවරා ජය ගත් අතර , තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙස උසාවිය විසින් මොහුට නියම කළ රු.10000 වන්දි මුදල ජේ ආර් රජයේ මුදලින් ගෙවා මොහු පොලි අධිකාරෛ තනතුරට ද උසස් කලේය.තමන් යා යුතු ගමන් මග තේරුම් කර ගත් උඩුගම්පොල ඉන්පසු යූ ඇන් පියේ විරුද්ධ කාරයින්ට එරෙහිව දුෂ්ඨ ව්‍යාපාරයක නියලුණේය . ඉතින් මෙම තිරිසනා මෙසේ මිනි මැරීමට පටන් ගත්තේ ඔහුගේ මව් සහ ඥාතීන් ජවිපෙ විසින් මරා දැමීමෙන් පසු යැයි කියන මාතලන්  වැනි කුක්කු බබාලාට කිව යුත්තේ ඔවැනි කතා හොඳ කොන්ඩේ බැඳපු යූ ඇන් පී කාරයින්ට බවය.

2 comments:

  1. මෙ මිනි මරුවට කිට්ටුවෙන් යන තව මිනිමරපු එකෙක් කැන්සර් හැදිලා මලා. එ තමා බ්ලොග් ලියපු විචාරක උ බ්ලොග් ලිව්වේ ආමිඑකේ ජෙනරල් කෙනෙක් කියලා කියවන එවුන්ව අන්ඳගෙන බලාගෙන ගියාම මලහම තමයි දැනගත්තේ රණවිරුව ඉදිරිපෙළ යටත් කරලා අල්ලගත්තු බංකර මුර කරපු ෂොට් කොමිෂන් ලොජෙස්ටික් මේජර් කෙනක්.

    ReplyDelete
  2. "ඔබ ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය .
    " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල ඇසීය .
    ෂෙකර් ට අනුව , එම දිනයේ උඩුගම්පොලගේ අවුරුදු 78 ක් වූ මවද ,සහෝදරයාද සහෝදරයාගේ බිරිදද ඔවුන්ගේ දරුවන් දෙදෙනාද ගාල්ලේ නිවසේදී ජවිපෙ මරා දමා තිබිණ.ජවිපෙ එය කරන ලද්දේ උඩුගම්පොල මරා දැමීමට උත්සාහ කොට අසාර්ථකවූ විටය . එම සමුහ ඝාතනයට හවුල්වූ සියලු දෙනාම අල්ලාගන්නට තමා සමත්වූ බව කිව් උඩුගම්පොල ඔවුන් එකිනෙකා මරා දමන අයුරු ඔහු අධීක්ෂණය කළේය .

    "ඔවුන් මට කිසි අනුකම්පාවක් දැක්වුවේ නැහැ.මම ඔවුන්ට කිසි අනුකම්පාවක් දැක්වුවේ නැහැ " උඩුගම්පොල හැඟී හොරා නැතිවම ගුප්තාට කිවේය

    උපුටාගැනීම සුදු කුකුළා බ්ලොගය - http://sudukukula.blogspot.com/2019/01/blog-post.html

    ReplyDelete