Saturday, April 1, 2017

අපායෙන් කෝල් එකක්

 
දේශපාලකයෝ මැරුණාම ආයේ දෙකක් නෑ, කෙලින්ම නවතින්නේ අපායේ.

 කොයි දේසේ කොයි කාලේ වුනත් ඒකේ වෙනසක් නෑ. ඊයේ පෙරේදා උපවාස කරපු වීරවංශ උන්නැහේ උනත් මලා නම්( වෙන කවුරු නොදැන උන්නත් අපි නම් දන්නවා ඒක එහෙම වෙන්නේ නෑ කියලා) , මං මේ කිව්වේ කොච්චර දේශප්‍රේමි කිව්වත් අපාය ෂුවර්.

අනිත් හැම දේශපාලකයෙක් වගේම ලංකාවේ ජේ ආර් ජයවර්දන ,ඇමෙරිකාවේ රොනල්ඩ් රීගන් ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, තුන් දෙනාටත් ඒකේ වෙනසක් වුනේ නෑ. අපාය තමා නවා තැන වුනේ .

තුන්දෙනා අපායෙදී සෙට් වෙලා ඊවිනින් වෝක් එකක් දාන අතරේ දැක්කා ටෙලිෆෝන් පෙට්ටියක්. එතැන යම පල්ලෝ සීයක් විතර මුර.

රීගන් කිට්‍ටු කරලා ඇහුවා මොකද මේ ෆෝන් එකට මෙච්චර මුර කාරයෝ  කියලා.

එතැන හිටි යම පල්ලොන්ගේ  සාජන්ට්  කියනවා

" මේ ෆෝන් එකෙන් මිනිස් ලෝකෙට කතා කරන්න පුලුවන් , ඒකයි මේ මුර ... හැබැයි ඉතිං සල්ලි ගෙවලා ඕනෑ කෙනෙකුට කතා කරන්න පුලුවන්. ගාන නම් ටිකක් සැරයි "

ගාන කීය වුනත් කතා කරන්න ඕනෑ කියලා රීගන් ඇමෙරිකාවට කතා කරා විනාඩි පහක්.

කතා කරලා ඉවර වුනාම යමපල්ලා ගාන කිව්වා " ඩොලර් මිලියන එකයි"

රීගන් වහාම චෙක් එකක් ලියලා දුන්නා

ඊ ලඟට කතා කලේ ඉන්දිරා ගාන්ධි. එයා විනාඩි තිහක්ම ඉන්දියාවට  කතා කලා
ගාන ඩොලර් මිලියන පහයි. එයා කෑෂ් වලින්ම ගෙව්වා.

අන්තිමට අපේ  ජයවෝඩන   උන්නැහෙත්  ෆෝන් එක අරගෙන ලංකාවට කතා කලා. ෆෝන් එකක් අහු වුනාම බිම තියන්නේ නැති ලංකාවේ පුරුද්දට මිනිහා පැය හතරක් ම කතා කලා.

කතා කරලා ඉවර වෙලා ගාන ඇහුවාම යමපල්ලා කියපි " රුපියල් පහයි " කියලා

රීගන්ටයි ඉන්දිරා ගාන්ධිටටයි  හරි කේන්ති. රීගන්  කෑ ගැහුවා " එහෙම කොහොමද , ඇයි ලංකාවට එච්චර ගාස්තු අඩු හරි අසාධාරණයි  " කියලා

යමපල්ලා හිනා වුනා

" හෙහ් හෙහ් හේ ....අයිසේ  ලංකාව කියන්නේ  අපායේ  කොටසක්   .. ඒ හින්දා   ලංකාවට  අපායේ ඉඳලා තියෙන්න ලෝකල් කෝල් රේට්ස්"

ඉතින් මොකේටැයි දං වලඳන්නේ...?
 '

Tuesday, March 28, 2017

කාලය ගමන් කරන්නේ වක්‍රවද?

 

පොදු දේපල අවභාවිතා කිරීම පිලිබඳ චෝදනාවක් නිසා මේ දිනවල සිරගතව සිටිමින් උපවාස රංගනයකුත් ඉදිරිපත් කරන විමල් වීරවංශට සෙත් පතා ඔහුගේ අනුගාමිකයෝ සෙත් පිරිත් කියති, සෙත් කවි කියවති, පඬුරු ගැට ගසති භාර හාර වෙති , මහා කෙලියක්ය. ඔහුගේ නෑයෝත්, නොනෑයොත්, මිතුරෝත් සහචරයෝත් ඇඬු කඳුලින්ය. හද කකියවන කතා කියත්. විලාප දෙත්. පොලවේ පස් කත්...... තව නොයෙක් නොයෙක් විකාරය.
 
තමන්ගේ එකෙකුට දුකක් වූ විට එහෙමය.
 
දැන් මේ හත්පොලේ ගාගෙන අඬන මහත්තුරු , එකල, එනම් රාජපක්ෂ රෙජිමය යටතේ  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සංජීව බන්ඩාර සිසුවා අත් අඩංගුවට ගත් කල් හි එකල අති මහත් ප්‍රීතියට පත් විය.
 
සංජීව බංඩාර අත් අඩංගුවට ගැනීම - ඔහු අත් අඩංගුවට පත් වූයේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කිරීම නිසා මිස පොදු දේපල සොරකම් කිරීම නිසා නොවේ- වීරවංශගේ  ගොබෙල්ස්වාදි  සී නිව්ස් වෙබ් අඩවියේ පල කල විට  ඊට දමා තිබූ කමෙන්‍ටු කීපයක් පහත දැක්වේ. මෙම වෙබ් අඩවිය ගැන ඉතා ප්‍රසිද්ධ දෙය නම් මෙහි පල වෙන කමෙන්‍ටු  බහුතරයක් ලියන්නේ වෙබ් අඩවිය කරන උන්ම බවයි. එසේම වීරවංශලාගේ නිල මතයට එරෙහි අදහස්ඩක් එහි පලවන්නේ ඉතාමත් කලාතුරකිනි. එම නිසා සංජීව බණ්ඩාරගේ ලේ ඉල්ලා වීරවංශවාදින් කල  මොර දීම සැබෑවටම ඔහුගේම මතය වේ.
 
1.පලයන් බන් යන්න…කැම්පස් ගියා නම් ඉගෙන ගනින්…රටේ මිනිස්සුගෙ සල්ලි නාස්ති කරන්නෙ නැතුව…අනික හවසට වැඩ ඇරිල මහන්සි වෙලා එන මිනුස්සුන්ව ගෙදර යන්න දෙන්නෙ නැතුව පාරෙ රස්තියාදු කරන එවුන්ව හුරතල් කරන්නද කියන්නෙ

2.එස් බි නෙමේ මූව මරන්න කියලා කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වුන ළමයින්ගේ දෙමාපියෝ .මේ කාලකන්නි අලුගොසුවන්ව මොනවහරි කරලා විනාශ කරලා දුන්නොත් එස් බි ට ආත්ම ගානක් පින් සිද්ද වෙනවා.

3.මූව නම් අනිවා මරන්න ඕන

4.එවන්ඩ නම් එපා ඕකාව.

5.මුන් ට හොද වැ‍‍ඩේ.සිසුන් සස්පෙන්ඩ් වෙනකොට ආචර්ය වරු එස්.බීට ක‍ඩෙ ගියා,දැන් මුන් ඒ ආචර්වරු ට ක‍ඩෙයනකොට ආංඩුව මුන් ව හිරේ දානවා,ඔය ගොන් හරකව එලියට දාන්න නරකයි

6.උබලා මැරි මැරී ,,උපදින නිසා තමා මේ රට තවම 3 වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ,,අනේ පිංසිදුවෙයි තොපි මැරිලා ,,පලයව්කෝ වෙන කොහේහරි අපිවම කන්න මේකටම එන්නේ,,නැතුව

7.ප්‍රේමදාස මහත්තය හිටියනම් මූව ටයර් එකකට දාල මෙලහකටත් ගිණි තියල. කෝ මුන්ව ඉවර කරල දාන්නවත් මේ මහින්දට කොන්දක් නෑනෙ

8.කාලකන්නි තමා නිදහස් අද්‍යාපනය කන්නේ කෝ මේකත් එක්ක ඉන්න අනිකා උදුල් පේමරත්න,,හොද වෙලාවට ආර් ,ප්‍රේමදාස මහතා නැත්තේ නැත්නම් පරන ටයර් එකෙන් ගේම සෙට්

අද නොකා නොබී හො‍ටු පෙරමින් හිරෙන් එලියට දමන ලෙස කන්නලව් කරන වීරවංශලා එදා වීරයන් වී සිටියේ එසේය.  වන්නාටය.

කාලය ගමන් කරන්නේ වක්‍රවද? නෑ මේ නිකම් ඇහුවේ

Sunday, March 26, 2017

ජාතියේ පංචායුදය හා පංචායුදයේ ජාතිය

 
මොවුන් කථා කරන්නේ ජාතියේ ගැලවුම් කරුවන් ලෙසය. පංචායුද ලෙසය. ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට , හිරේ විලංගුවේ වැටෙන්නට ඔව්හු ඕනෑම මොහොතක සූදානම්ය. මොවුන් තමන්ව සම කරගන්නේ කැප්පෙටිපොලට ,පුරන් අප්පුට , හියුගෝ චාවෙස් ට, චේ ගුවේරා ට හා සයිමන් බොලිවාර් ටය.

එහෙත් අඳෝමැයි...

මුන්ගේ ක්‍රියා කලාපය....

ජාතිය සතු සම්පත් තම  සුඛ විහරණයට හා ඥාති සංග්‍රහයට යොදා ගනිති.ඉනික්බිති...
 
එම සොරකම් ගැන ප්‍රශ්න කරන්නට, සිර මැදිරියක දැමූ විට මහ හඬින් විලාප දෙති. සො‍ටු කඳුලු පෙරති.
කුපාඩි කමේ අන්තයට යමින් තම කුඩා දරුවන් පවා අපයෝජනය කරමින් සිරෙන් එලියට එන්නට මාන බලති.

වර්තමානයේ යහපාලන ආණ්ඩුව හා විමල් වීරවංශ රඟ දක්වන්නා වූ රංගනය තුල ඇති තුච්ච හා පිලිකුල් සහගතම දෙය නම් වීරවංශට හිරෙන් එලියට එන්නට ඔහුගේ දියණිය භාවිතා කරන පිළිකුල් සහගත ආකාරයයි.

මේ කුජීත දේශපාලුවන් ඇයගේ චරිතය ඝාතනය කරති. ඇය මානසික රෝගියෙක් යැයි ද එනිසා වීරවංශට සිරෙන් එලියට එන්නට දිය යුතු යැයිද කියති. කුමන නම් කුපාඩි කමක් ද?
\
මෙරට්‍ටු දරුවන්ගේ කරේ පංචායුදයක් එල්ලන්නේ ඔවුන්ගේ ආරක්ෂාවටය. එහෙත් මේ තක්කඩි දේශපාලුවා මහජන ධනය සොරා කා දඬුවමින් බේරෙන්නට තම දියණියගේ කරේ එල්ලෙයි.

තමන් ජාතියේ පංචායුදය යැයි කියා ගන්නේ මෙබඳු බිය සුල්ලන්ය.

සටහන- වීරවංශ සිද්ධිය දේශපාලන පලි ගැනීමක් යැයි ඔව්හු කියති. එය එසේ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට අපි නොපැකිලෙමු. එහෙත් මෙම පුද්ගලයා ඇමති කම් කළ අයුරු අපි දනිමු.ඉතා හොඳින් දනිමු.  මොහු ජාතික ධනය රිසි සේ ගසා කෑ බවත් දනිමු. නමුත් සමහර සොරුන් රිමාන්ඩ් සිර ගෙදරින් එලියට එන්නේත් වීරවංශ දිගටම සිරේ සිටින්නේත් දේශපාලන හේතු නිසා යැයි  ඔව්හු කියති. එසේ නම් කල යුත්තේ සිරේ සිටින සොරුන් එලියට දැමීම නොව , එලියේ සිටින සොරුන් ඇතුලට දැමීම බව ද අපි කියමු. 

Wednesday, March 22, 2017

ඇතුලත්මුදලි පොරක්ද?



තම දේශපාලන ප්‍රතිවාදියාගෙන් හෝ ප්‍රතිවාදින්ගේ අතින් මීට වසර විසි ගණනකට පෙර වෙඩි කා මල ලලිත් ඇතුලත්මුදලි නම් දේශපාලකයා පිළිබඳව කතාවක් මේ දිනවල Talk of the town  වී තිබේ.

ඒ ඔහු නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසික ශාලාවක් විවෘත කිරීමට දැරූ උත්සාහයක් සිසුන් මැදිහත් වී වැලක්වීමයි.

තමන්ගේ නමින් මාර්ග, ගොඩනැගිලි, ක්‍රීඩාපිටි, ගුවන්තොට පමණක් නොව වැසිකිලි පවා නම් කරගැනීමේ සිරිතක් ලංකාවේ දේශපාලකයින් අතර තිබේ. ආර්.ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ මේ අතර ඉදිරියෙන්ම සිටි දෙපලකි.

දැන් මේ කඩිමුඩියේ , මීට වසර විසි පහකට කලින් වෙඩි කා මල දේශපාලකයෙකුගේ නමින් සරසවි නේවාසිකාගාරයක් නම් කිරීමට පාලකයින්ට අවශ්‍ය වූයේ මන්ද?

ඔවුන් කියන්නේ සිසුන් ට මහපොල ශිෂ්‍යත්වය හඳුන්වා දුන් මහා පුරුෂයා  නිසා ඔහුට ගරු කළ යුතු බවය. ජනතාවගේ බදු මුදලින්ම යැපුණු මේ දේශපාලුවන් මහපොල ශිෂ්‍යත්වය ලබා දුන්නේ ඔවුන්ගේ බූදලයෙන් නම් අපිට කම් නැත. එහෙත් ඔවුන් එය කලේ නැවතත් ජනතාවගේ තුට්‍ටු දෙකම සූරාගනිමින්ය.

අනිත් අතට ලලිත් ඇතුලත්මුදලි යනු වන්දනා කල යුතු ආදර්ශමත් දේශපාලකයෙක්ද?

ජාතියට මහපොල දායාද කළ මේ මහා මානව හිතවාදි බුද්ධිමතා, 1980 මහා වැඩ වර්ජනයට සහභාගි වූ කම්කරුවන් කනත්තට දක්කන බවට කළ තර්ජන අද අතුලත්මුදලි වෙනුවෙන් කඩේ යන සුදනන් එක්කෝ දන්නේ නැත, නැත්නම් මතක නැත. එදා වර්ජනයට සහභාගි වුවන් ‍රැකියාවෙන් පහකල ජයවර්දන -ඇතුලත්මුදලි-දිසානායක-ප්‍රේමදාස හවුල එම පොරොන්දුව මැනවින් ඉ‍ටු කලේය.

එපමණක් නොව මේ රටේ පරම්පරාවක තරුණ ලේ ඔහුගේ දෑතේ තැවරී ඇත.1979 දී ත්‍රස්තවාදය මැඩීමේ පනතේ නිර්මාපකයා වූ ඔහු  1988 දී වගකීමෙන් ආරක්ෂා වීමේ පනත ඉදිරිපත් කොට රාජ්‍ය අනුග්‍රාහක මිනී මැරීම් සඳහා නීත්‍යානුකූල බව ලබා දුන්නේය.

 1983 ජූලියේ දෙමල ජාතිකයන් දහස් ගණනාවක් මරා දමා තවත් ලක්ෂ ගණනක් උන් හිටි තැන් අහිමි කර දේපල ගිනිබත් කර තිබු තත්වයක් තුල , 1983 ජූලි 31 දින ගුවන් විදුලියෙන් ඒ ගැන කිසිත් නොතකා , නොකියා පැවසූයේ කුමක්ද?

" යලිත් දකිනු පිණිස ඔබ හෝ මම ජීවත් විය යුතු නැතයි සිතෙන දසුනක් මම දුටිමි. මහත් සේ අපහසුවට පත් ව පේලි ගැසී ආහාර සොයන මිනිසුන් මම දු‍ටුවෙමි. මේ දර්ශනය මා බොහෝ සේ ශෝකයට පත් කලේය."

ඔව්, මේ මහා මානව හිතවාදියා ශෝකයට පත්ව ඇත්තේ මරා දමන ලද අහිංසක ගැහැණු,පිරිමි සහ ළමුන් දහස් ගණනක් ගැන නොව , ආහාර හිඟය නිසා පීඩාවට පත්ව සිටි මිනිසුන්ය. අපූරුයි, මානවහිතවාදිත්වය.

එපමණක් නොව 83 ජුලියේම වැලිකඩ සිරගෙදරදී දෙමල සිරකරුවන් ඝාතන තැතක් පිළිබඳව ඉව වැටී ඔවුන් එතැනින් ඉවත් කිරීමට උත්සාහ කරන විට එයට හරස් කපා ඒ තිරිසන් ඝාතනයට පාර කැපුයේද මේ මහා මානව හිතවාදියාමය.

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන කරනු ලැබ තිබියදී අත් අඩංගුවට ගත් කොටි නායකයින් 10 දෙනෙක් කොළඹට ගෙන ඒමට අණ කර, ඔවුන් සිය දිවි නසා ගැනීමට යොමු කර නැවත මහා ජන ඝාතක යුද්ධයට ඉඩ ලබා දුන්නේ ද අප කතානායක උතුමාණන්මය.

මේ සියලු දේ පිළිබඳ විස්තර යාපන සරසවියේ ආචාර්ය රාජන් හූල්  ලියූ " ශ්‍රී ලංකාව- බලයේ මහන්තත්වය, මිථ්‍යා, පරිහාණිය හා මනුෂ්‍ය ඝාතන " කෘතියේ මනාව විස්තර කර ඇත.

දැන් පාලකයින් සරසවියක නේවාසිකාගාරයක් නම් කිරීමට යන්නේ මෙබඳු පුද්ගලයෙකුගේ නමින්ය.
නැත. එයට ඉඩ දිය යුතු නැත.

සිසුනි, ඔබ එයට එරෙහි වීමෙන් ඉතාමත් නිවැරදි දේ කර ඇත.

පාලක මහත්වරුනි. ඔබට ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් යමක් නම් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා " වැලිකඩ හිරගෙදර" සුදුසු බව අප කියමු.

 එය නොහැකි නම් ඔබගේ නිවස ඒ සඳහා ‍තෝරාගන්න
'

"

Friday, March 17, 2017

සරසවියේ වියදම් පියවා ගැනීමට සිසුවියන් ගණිකා සේවයේ



ශීඝ්‍රයෙන් ඉහල නගින තම  විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ බිල් පියවා ගැනීමට  බ්‍රිතාන්‍ය සරසවි සිසු සිසුවියන් ලිංගික සේවයේ යෙදීමට නැඹුරු වී ඇතැයි වාර්තා වේ. 

නිදහස් අධ්‍යාපනයෙන්ම උගෙන එයට වල කැපීමට පමණක් නොව එහි මිනී පෙට්ටියේ ඇණ ගැසීමටත් ඉදිරිපත් ව සිටින උගත් බුද්ධිමත් මහත්තුරුන් හා එම මහත්තුරු පිටිපස්සේ යන අනික් මහත්තුරු නෝනාලා ටත් මේ ගැන කීමට යමක් ඇත්දැයි අප නොදනිමු.

අප මීට පෙර කිහිප වතාවක් ම කියා ඇති පරිදි ලංකාවේත් අධ්‍යාපන පෞද්ගලීකරණය හරහා මේ  දෙයම සිදු නොවනු ඇතැයි ඒ අයට කිව හැකිද? නො එසේ නම් එසේ වූවත් කම් නැද්ද?

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සමාජ ස්ථරයේ අඩියක් ඉහළට නැග සිටින මේ මහතුන් තමන් දැන් එහි ඉහළම ස්ථරයට අයත් බව සිතන අතර , එම ස්ථරයේ ඕනෑ එපා කම් වෙනුවෙන් ඔවුන් පෙනී සිටින්නේ ඒ නිසාය.

එහෙත් යම් දිනක ඔවුන්ගේ දියණියන්ටත් ඉහත කාළකන්නි ඉරණමට මුහුණ දීමට සිදු වූ දාට ඔවුනට සත්‍ය වැටහෙනු ඇත. එහෙත් එවිට අශ්වයා පැන ගොස් ඇති බැවින් ඉස්තාලයේ  දොර වසා පලක් නැත.

එම නිසා මේ මොහොතේ අප යුතුකම වනුයේ  දැනටමත් කෙමෙන් හීන වෙමින් යන නිදහස් අධ්‍යාපනය මරා දැමීමට න්‍යායන් සකසා දීම නොව , එය වඩ වඩාත් ශක්තිමත් කිරීම සඳහා සටන් වැදීමය. අප එය කරමු. සයිබර් අවකාශයේ පමණක් නොව භූමියේ ද අප සටන් කරමින් සිටින්නෙමු. අප වෙනුවෙන් ඔබගේ  දියණියන් හා පුතුන් වෙනුවෙන් අප එය කරමු.  බල්ලන් කොපමණ බිරුවත් කඳු පාත් නොවන  නිසා බල්ලන්ගේ බිරුම් ගණන් නොගෙන අප එය කරන්නෙමු.

http://uk.reuters.com/article/uk-britain-unemployment-prostitution-idUKTRE7BD0R820111214

Desperate British students, faced with rising costs on the back of government austerity measures, are turning to prostitution, gambling and other dangerous pursuits to fund their studies, support workers and student leaders said on Wednesday.
The English Collective of Prostitutes (ECP), a welfare body for sex workers, said it estimated the number of people approaching it for help had doubled in the last year as students struggled to make ends meet.
"(The government) know the cuts and the austerity programmes and the removing of grants, they know when they remove those resources they know it drives women further into poverty," Sarah Walker from the ECP told Reuters.

https://www.theguardian.com/education/2015/mar/27/university-students-sex-work-living-costs-tuition-fee-debts



Thursday, March 16, 2017

සයිටමාලංකාරය හෙවත් පරණ වාමාංශිකයන්ගේ වලප


 
 
සයිටම් එකට බඩගාගෙන කඩේ .........යනු
 නෙවිල් හාමුගේ පා ලෙවකා පිස.......... දමනු
 රජයේ යුනිවසිටි  විකුණනු හෝ .........වහනූ
 සමාජවාදේ  කුමකටදැයි ..............අසනු
 
 නෙවිල් මුදලාලි හෙට දින ..............බුදුවේවා
 පැරකුම් හෙන්රි සැරියුත් මුගලන්........වේවා
රජයේ  යුනිවර්සිටි හැඳිගෑවී..............යේවා
 නිදහස් අද්දියාපනේ ..............මක බෑ වේවා
 
 අවුරුදු දහතුනක් නොමිලේ ............උගන්නලා
තව සිව් වසක් සරසවියෙත්....................තියලා
 රුපියල් පහ නැතිව බත් පත   .........අඩු ගහලා
සයිටමයට ආවඩයි අයියෝ .................උඹලා 
 
 එස් තුන නැතිව  සරසවි  යන්නට..............බැරිය
 එස් තුන නැතත් ප්‍රයිවට් එක ...............අපිටමය
ශත පහ අතේ නැති උන් ඇත ...............සරසවිය
 මකවා දමනු නිදහස්..................... අද්දියාපනය
 
 සීයට  දෙක තුනයි  ඒ එල් ලකුණු  .........ඇතේ
නෙවිල් මුදලාලි අපි ගොඩ දානු .............ඇතේ
දුප්පත් හිඟන ‍රැල සරසවි පිරිලා .............ඇතේ
 තොපට උරුම කැඹිරීමයි අපි................යටතේ
 
 අවුරුදු දහ හතක්  පිනටම.............ඉගෙන ගෙන
රජයේ ‍රැකියාවකුත් තව කල් ........කොරාගෙන
නෙවිල් හාමුගේ මුදලට ලොල් ......... අමන දන
 පිකට් කරොත් වෙඩි තියනුලු ලෙසින් ......හෙණ

 නිදහස් අද්දියාපනේ  මොකටද අපිට.... අඩෝ
 කන්නංගරයා මොන පිස්සෙක්ද .........අඩෝ
චේලා ‍ෆිඩෙල් ලා තිබ්බොත් පෙලට ......අඩෝ
 අපේ සමීර මහ වීරයා තමයි .................අඩෝ
 
 දැයේ දරුවන්ගේ අධ්‍යාපනෙ..............නසනු
 සමාජවාදේ මොන ලබ්බද ................අසනු
 අන්තරේ කලේ මොන මගුලද ...........අසනු
නෙවිල් මුදලාලි ලඟ බෑවී  වැඳ ........වැටෙනු
 
 කොන්ඩ රැවුල් ඇත්නම් උන් හම.......... ගහමු
 ජෙප්පෝ කුරුට්ටෝ  කියලා වද........... දෙවමු
 නවක වදය  කියමින් තව මඩ.............. ගසමු
 නෙවිල් සර් ලඟ හෙලුවෙන්................ සිටිමු
 
 හොර උපාධි කඩ  වෙත ලයිසන් ............. දීලා
 ඒවයෙ ඉන්න උන් හට උපාධි............විකුණාලා
 ලිප්ටන් වටරවුමේ වද කඳවුරු ............ ...හදලා
 සරසවි සිසුන් මඩවනු එහි හිර.................කරලා

සයිටම අපේ අරමයි  රජ දහන...........  එය
නෙවිල් අපේ අති උත්තම............. සාදුමය
දුන්නොත් අපිට රුපියල්.............. ගෙඩිය
 කන්නන්ගර වුනත් විකුනාගෙන........ කමුය







Monday, March 13, 2017

අධිකරණ තීන්දු සයිටම් ලොක්කන්ට කලින්ම එන හැටි මෙන්න…

   
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරයෙක් වන නෙවිල් පෙරේරාගේ පුත් ජනිත් පෙරේරා වෛද්‍ය සිසුවෙක් ලෙස එම ආතනයේ අධ්‍යාපනය ලබන්නෙකි. ජනිත් පෙරේරා විසින් තම ෆේස්බුක් පිටුවේ අපූරු පුවතක් පසුගිය දිනක පල කර තිබුණි. එහි සඳහන් වන්නේ සයිටම් ආයතනයට පක්ෂව අභියාචනාධිකරණයෙන් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ගියද වෛද්‍ය සභාවට වාසිදායක තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොලැබෙන බවයි.

මෙයින් ජනිත් පෙරේරා කීමට උත්සාහ කරන්නේ උසාවියේ තීරණ ලැබීමටත් පෙර සයිටම් ආයතනයේ ඉහළ නිලධාරීන් එම තීරන දන්නා බවයි. බොහෝ විට ගෙදර කෑම මේසයේදී ආචාර්ය නෙවිල් පෙරේරා තම දරුවන් සමග මෙම කරුණු සාකච්ඡා කරන බව මින් ඇඟවේ.

අප රටේ නීතියේ ස්වභාවය හා එය ක්‍රියාත්මක වන ආකාරය සයිටම් ශිෂ්‍ය ජනිත් පෙරේරාගේ මෙම ෆේස්බුක් සටහනෙන් මනාව පැහැදිළි වේ.

මේ පිළිබඳ ජනිත් පෙරේරාගේ ෆේස් බුක් පිටුවේ පල වූ විස්තර පහත දැක් වේ.
https://www.colomboxnews.com/2017/03/11/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a/

Saturday, March 11, 2017

කුලී ලියන්නන් අවශ්‍ය කොට තිබේ

 
කීකරු කුලී ලියන්නන්
අවශ්‍ය කොට තිබේ
කොහෙත්ම හිතන්නට බැරි
දේශපාලන කුලී කහින්නන්
අතිශයින්ම අවශ්‍යව තිබේ
පීඩිත ජනයා හඬ නගන කල
උන්ට මඩ ගසන්නට
උන්ගේ ලේ උරා බොන්නට
ලුම්පනයන් උසි ගන්වන්නට
යතුරු පුවරුවෙන් මිනී මරන්නට
වෛරය පතුරුවන්නට
සමාජය ගඳ ගස්වන්නට
ඉතා කීකරු කුලී ලියන්නන්
අවශ්‍ය කොට තිබේ
නායකයන් ගේ පා ලෙව කන
උන්ගේ වැසිකිලි දිවෙන් සුද්ද කරන
ධනපති කුණු කාණුවල ජරාව බුදින
තමන්ට කියා චින්තනයක් නැති මුත්
මහා චින්තකයින් යැයි පෙන්වන
දෙනෙත් අඳ මොලේ නැති කුලී ලියන්නන්
අවශ්‍ය කොට තිබේ
 
ලංකාවේ කොයි මුල්ලකින් හෝ
එසේත් නැතිනම්
ඉන්දියාවෙන්, චීනෙන්, කැනඩාවෙන්
හෝ ඔෂනියාවෙන්
ඒත් නැත්නම්
ට්‍රාන්ස්සිල්වේනියාවෙන් වුව කම් නැත
කුලී ලියන්නන් ඕනෑ කර තිබේ.

Wednesday, March 8, 2017

හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා, ජයන්ත ධර්මදාස වෘත්තීය සමිති නායකයින්ද?


ජාතික වෘත්තීය සමිති සන්ධානයට ලැබී ඇති චීන සංචාරයක  සඳහා එක්වීමට එම වෘත්තීය සමිති නායකයන් අතර දැඩි ගැටුම් කාරී තත්වයක් මතුව තිබෙන බව වෙබ් මාධ්‍ය කිහිපයක් ප්‍රවෘත්තියක් පල කර තිබේ .
මේ ගැ‍ටුම ගැන තවත් නොයෙක් තොරතුරු එම පුවත් වල තිබුණද ඒවා අපට අදාල නැත.


අපට අදාල වන්නේ එම ගැ‍ටුමට සම්බන්ධ එක් පාර්ශවයක් වශයෙන් දක්වා තිබුණු හා වෘත්තිය සමිති සංධානයේ නායකයෙක් වශයෙන් දක්වා තිබූ සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ කෙනෙක් ද වන  ගැමුණු විජේරත්න මහතා ගැනය. එම තුමා වෘත්තිය සමිති නායකයෙක්   වීම හා වෘත්තිය සමිතියකට ලැබුණු රට සවාරියකට පොර කෑම ගැනය.
එක් අතකට  පොරකෑම කමක් නැත. එය අමතක කරමු.

මේ බස් හිමි ලුම්පන් ධනපතියා  වෘත්තිය සමිති නායකයෙක් වෙන්නේ කෙසේ ද.? ඔහු වෘත්තිය සමිති නායකයෙක් නම් හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා, ජයන්ත ධර්මදාස යන අයත් වෘත්තීය සමිති නායකයින් නොවන්නේ ද?

Tuesday, March 7, 2017

පේරාදෙණියේ වධකාගාර


ඒකනායක වල මැදිරිගිරිය

මේ දවස් වල    බුකියේ, බ්ලොග් පි‍ටුවල, පත්තරවල ,රූපවාහිනි සහ  ගුවන් විහිලු නාලිකාවල යනවා කතාවක් පේරාදෙණි විශ්වවිද්‍යාලේ  තිබුණු නවක වද කඳවුරක් ගැන. ඒ කඳවුර අල්ලන්න විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය , විනයාරක්ෂක හමුදාව ගිය හැටි ලියන්නේ ඔසාමා බින් ලාඩන් අල්ලන්න ඇමෙරිකන් කාරයෝ කල මෙහෙයුමටත් වඩා භයානක මෙහෙයුමක් විදියට. ඒ ඉතින් පත්තර කාරයින්ගේ හැටිය.

දැන් මේ උන්දෑලා කියන විදියට මේ වදකාගාරේ ඇතුලේ   පළමු වසරේ සිසුන් කිහිප දෙනෙකු නිරුවත් කරල හාවෝ  පන්නවා ඇත. හපොයි අම්මේ . මාර අපරාදයක්. ( මාත් එක්ක කෙලගන්ට එන්න එපා. ඒ වැඩේ වැරදියි . මොකටද හාවෝ පන්නන්නේ )

මේ වදකාගාර කියනකොට මට මතක් උනා තව වදකාගාර වර්ගයක් ගැන. මේවා තිබ්බේ හිට්ලර්ගේ ජර්මනියේ නෙවේ . මේ ගෞතම බුදුන්ගේ දේශයේමයි. මේවාට, තරුණයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විතරක් නෙවේ , පාසැල් ශිෂ්‍යයොත් අරන් ගිහින් වද දුන්නා. නවක වද නම් නෙවේ. වෙන වද . මේවා මතක් කරන්නේ හුඟක් අයට අමතක නිසා.

 දණහිස් මගින් එල්ලීම, නිර්වස්ත්‍රකර ශරීරයට උණුවතුර දැමීම, මොහොතින් මොහොත ශරීරයට පා පහර දීම, අතුල් පහරදීම, බැටන් පොලුවලින් හිසට පහරදීම, හිස මත පොතක් තබා ප්‍රහාර එල්ල කිරීම, ඇඟට විදුලි සැර ඇල්ලීම, මේසය මත මුණින් අතට වැතිරීමට අණකර පිටට දෙපාවලට සහ යටිපතුලට පොලුවලින් සහ පීවීසි බටවලින් පහරදීම, පිහියකින් කපා ඇගේ ලේ ගලා යෑමට සැලැස්සවීම, ඇණ සහ යතුරු ගිල්ලවීම්, විදුලි ස්ත්‍රිකයෙන් පිට මැදීම, ටියුබ් ලයිට් අනුභවයට දීම,  ගුදයට හා තරුණියන්ගේ ලිංග තුලට බෝතල්, පීවීසී බට ,ක‍ටු කම්බි ඇතුල් කිරීම  ඇස් ඉගිල්ලීම , නාස්, කන් අත් පා කපා දැමීම, ජලයේ ඔබා ගෙන සිටීම, මිරිස් කුඩු දුම් ගැසීම  .තරුණියන් දූෂණය, සහ අවසානයේ මරා  දැමීම තමා ඒ වධකාගාර ඇතුලේ සිද්ද වුනේ.

87-89 කාලයේ මේ විදියට  වධකාගාර තුළ  තරුණ තරුණියන් දහස් ගණනක්  මිය ගියෝය.  ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පාකර දැම්මා.  නැතිනම් සූරියකන්ද වැනි අප්‍රකට සමූහ මිනී වලවල් තුල  වල දැම්මා.

පේරාදෙණියේ එක් වධකාගාරයක් ගැන  කියන විට අපට වධකාගාර සියගණනක් සිහියට එනවා. මේ එයින් කීපයක් පමණි.

බියගම සපුගස්කන්දේ බටලන්ද වධකාගාරය, ඒකනායක වල -මැදිරිගිරිය,  ටොරින්ටෝවෙ වධකාගාරය. මාතර එළියකන්ද වද කඳවුර වැල්ලවත්තේ වදකාගාරය , මාතලේ විජය විද්‍යාලය, ක්‍රිස්තුදේව විද්‍යාලය,නාඋල අඹවත්ත වධකාගාරය, පේරාදෙනියේ හිල්ඩා ශාලාව, මහනුවර සිල්වෙස්ටර් විදුහල,මාතලේ තානායම,උකුවෙල පෝසිලේන් කර්මාන්ත ශාලාව, ඔෆ්ස් කම්බයින් මෙහෙයුම් මධ්‍යස්ථානය, ඉසුරුපාය හමුදා කඳවුර, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය, මත්තේගොඩ, ඔරුවල, කොළඹ තුරඟ තරඟ පිටිය, අතුරුගිරිය, කඩුවෙල යුධ හමුදාවේ ගල් පල්ලිය ,තිඹිරිගස්යායේ යටාරෝ කැෆටේරියා , පැලවත්ත, ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස, කළුතර සොරණාතොට වත්ත, ගාල්ල වලව්වත්ත, අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව,  දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවි‍පල, බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය, හලාවත පොල්වත්ත, වැලිගම කඳවුර, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ගාල්ල හිල්ටොප්, ගාල්ල ‍කොටිගල, කරන්දෙනිය උණගස්වල, කළුතර බෝඹුවල, මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, බතීගම වත්ත, කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව, හපුතලේ බෙරගල සමර් ‍ෆැසන් ඇඟළුම් කම්හල, නුවරඑළිය පුරහළ, පල්ලකැලේ කඳවුර අසළ ග‍ඟෙන් එ‍ගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය, කුරුණෑගල වැහැර, ලිදුළ තේ කම්හල, කොළඹ තුම්මුල්ල, කොළඹ රේස්කෝස් පිටිය, , බත්තරමුල්ලේ සෙත්සිරිපාය, ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය, කොළඹ සරසවි නීති පීඨය, කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල, කැලණි සරසවියේ ක්‍රීඩාගාරය, මත්තේගොඩ කඳවුර, මීරිගම යොවුන් නිකේතනය, පෑලියගොඩ පට්ටිය හන්දිය, කැස්බෑව, දෙමටගොඩ හරක් මඩුව, බොරැල්ල කනත්ත, මොඩර් ෆාම්පාරේ ‍ගොල්ෆ් පිටිය, ජයවර්ධනපුර නේවාසිකාගාරය, ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල, හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව  සහ තවත් අනේක වූ හමුදා කඳවුරු, ප්‍රා කඳවුරු, පොලිස් ස්ථාන

සටහන- මේ සටහන ලියවුනේ නවක වධය සාධාරණීකරණය කිරීමට නෙවේ. නවක වධ ගැන තප්පුලන වධකයන් ගේ නොමිනිස් කම් ගැන කියා දීමටය.

Monday, March 6, 2017

මේ කොයි යන්නේ..

 

උණුසුම් පුවත් යටතේ පල කර තිබූ  උණුසුම් දැයි මම නොදනිමි. එහෙත් ඒවාට යටින් යන හීතලක් නම් ඇති බව දැනේ. මේ ලංකා සී නිව්ස් හි පලවූ පුවත් දෙකකි. 

1. ඇමති රාජිත විප්ලවීය නායකයෙක්..- අස්ගිරි මහ නාහිමි

March 6, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස් 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවෙි ශ්‍රි සිද්ධාර්ථ සුමංගල නාහිමියන් හමු වී ජාතික හිසතෙල් ගෑමෙි මහෝත්සවයට ආරාධනා කරන ලදී.

ඊට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යරයා දළදා සමිදුන් වැදපුදා ගත්හ. ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන් බැහැදුටු සෞඛ්‍ය අමාත්‍යවරයා හිසතෙල් ගෑමෙි මහෝත්සවයට ආරාධනා කරමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සුහඳ පිළිසඳරක යෙදෙන ලදි. එහිදී මහනායක හිමියන් ප්‍රකාශ කළේ කිසිදු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු නොකළ ආකාරයට ඖෂධ මිල අඩු කරමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා විප්ලවීය වෙනසක් සිදු කළ බවයි. මෙම අවස්ථාවට එක් වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි අතිපුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මාලඹෙි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියහ. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සමග පසුගිය සිකුරාදා රාත්‍රීයේ විශේෂ සාකචිඡාවක් පැවැත් වූ බවත්, ලබන 09 වන දා තවත් සාකචිඡාවක් පවත්වන බවයි. ඉදිරියේ දී ගැටළුවක් ඇති නොවන අයුරින් එම ප්‍රශ්ණය විසදන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය......................

2.

විමල් වීරවංශ සමග මම එකගයි.. ඔහු සමබරයි.. – රාජිත

February 23, 2017 at 10:40 am | lanka C news | ලංකා සී නිවුස් 

 සයිටම් ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා දක්වන ලද අදහස් සම්බන්ධයෙන් තමන් එකග වන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු එම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් තමන් අගය කරන බවද පවසන ඇමතිවරයා ප‍්‍රතිපත්තියමය වශයෙන් ඔහු හා එකග විය හැකි තැන්වලදී එකගවීමට කිසිදු ප‍්‍රශ්නයක් නැති බවද කියයි.
ඇමති රාජිත මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහන හා අදහස් පල කරමිනි.

වෙනදා මෙවැනි පෝස්‍ටු වලට වැටෙන වීරවංශවාදි හා ආණ්ඩු විරෝධී කොමෙන්‍ටු එකක් වත්  නැති වීම මෙහි විශේෂ ලක්ෂණයකි.මේ දිනවල ලෙව්කේ මැතිඳුට වූ ලෙස හිර ගෙයි තනි වී සිටින වීරවංශ මැතිඳු ලඟදීම එලියට එන බවට ලකුණුද මේ දිස්වෙන්නේ.?

Sunday, March 5, 2017

නිදහස් අධ්‍යාපනය , නව ලිබරල්වාදය හා සයිටම්

 
නිදහස් අධ්‍යාපනය තුළින් වරප‍්‍රසාදිත ප‍්‍රභූ පැළැන්තියක් හා ඔවුන්ගේ ආධිපත්‍යයක් බිහිව ඇතැයි ද පෞද්ගලික අධ්‍යාපනය හරහා බිහිවන වෘත්තිකයින්ගේ ප‍්‍රවේශය මගින් එම ආධිපත්‍යය බිඳ වැටෙනු ඇතැයි ද සයිටම් පක්ෂවාදීන් ඉදිරිපත් කරන තවත් තර්කයකි.

රජයේ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය තුළින් පෙන්නුම් කරන ප‍්‍රභූ අධිපතිවාදය පැහැදිලිවම ප‍්‍රතික්ෂේප කළ යුත්තකි. ඔවුන් එක් අතකින් සිය වෘත්තීය ජීවිතයේ දී නව ලිබරල්වාදය සමග මැනවින් ගැලපෙමින් ද අනෙක් අතට නව ලිබරල්වාදයේම ප‍්‍රකාශනයක් වූ සයිටම්වලට විරුද්ධ වෙමින් ද පෙන්නුම් කරන දෙබිඩි හැසිරීම සයිටම් පක්ෂවාදීන්ට අවියක්ව තිබුණ ද එයින් සයිටම් ඔස්සේ හඹා එන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය යුක්ති යුක්ත කරන්නට බැරි ය.

සයිටම් පන්නයේ වෛද්‍යවරුන් හරහා වත්මන් වෛද්‍යවරුන්ගේ ප‍්‍රභූ ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කළ හැකිවන්නට පුළුවන. නමුදු එවැනි වෛද්‍යවරුන් හරහා ඊටත් වඩා ප‍්‍රභූ හා හිතක් පපුවක් නැති ‘‘රෝබෝටික’’ ආධිපත්‍යයක් බිහි නොවනු ඇතැයි සහතික කළ හැක්කේ කාට ද? නිදහස් අධ්‍යාපනයෙන් උපන් වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යය මෙහෙම නම් මිලියන ගණනින් ගෙවා වෛද්‍යවරුන් වන්නන්ගෙන් මතුව ආ හැකි ආධිපත්‍යය කෙබඳු විය හැකි ද?