Friday, October 12, 2012

මංජුලට දඬුවම් කලේ ආයතන සංග්‍රහය අනුව


අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දුන් හේතුව ඊයේ හෙලිවිය. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ ගැන හෙලි කලේ කෙහෙලිය රමුක්වැල්ල මහතාය.

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ප්‍රකාශ නිකුත් කිරීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම කළ නොහැකි නමුත් හෙතෙම රාජකාරිය ඉක්‌මවා කටයුතු කර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති  රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

මේ අනුව පෙනී යන්නේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයා කර ඇති ඉහත වරදට දඬුවම් ලෙස ඔහුට පහර දී ඇති බවයි.  

සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් මෙවන් වරදක් කල විට ගත යුතු පියවර ආයතන සංග්‍රහයේ සඳහන් වන අතර , මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම කළ විට දිය යුතු දඬුවම ලෙස  මුහුණ කට තලා පොඩි කර  දැමීම ලෙස ඉතා මෑතදී සංශෝධනය කර ඇත.

සටහන- මින් පසු සියලු රජයේ සේවකයින් මාධ්‍යවලට තොරතුරු ලබා දීමේ දී ඉතා ප්‍රවේශම් විය යුතුය.

8 comments:

  1. එතකොට ආරක්ෂක ලේකම් තුමාට

    ReplyDelete
  2. ඒක වෙන්න ඇති මේ පොලිසිය මේ චෝදනාවෙදි, සන්ග්ලාස් එකයි මොබයිල් එකයි පැහැරගෙන ගියා කියන එක ඉස්මතු කරන්නේ. හැබැයි ඉතින් මූන සමතලා කරන්න කලින් සන්ග්ලාස් ගලවලා ඉන්න එපැයි.. ඒ වගේම මොබයිල් එක කනේ තියන් හිටියනම් ඒකත් අහක් කරන්න ඕනෙනේ. ඒ නිසා ගහපු එවුන්ට අවුලක් වෙන එකක් නැහැ... අම්මෝ මම බයේ හිටියේ මහ දවාලේ නීතිය ක්‍රියාත්මක කරන්න ගිය කොල්ලො ටික අමාරුවේ වැටෙයිද කියලා... අවුලක් නෑ, ගොඩ යන පාටයි...

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔය වගේ කේස්ද ගොඩ ගියේ . මේක හරි සිම්පල් එකක්නේ.

      Delete
  3. හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවගේ සිදුවීම් නිසයි.මතුපිටින් යම් හාස්‍ය ජනක බවක් පෙනුනද මේ සිදුවීම් වලින් රට පත්ව ඇති ඉමහත් විනාශයේ තරම පැහැදිලි වෙයි.

    ReplyDelete
  4. දැක්කේ නැද්ද තව පිස්සෙක් නුවර රජයේ කාර්යාලයකට් ගිහින් නටාපු ජෝගීය..

    ReplyDelete
  5. Replies
    1. ටිකිරි මහත්තයා.

      Delete