Wednesday, November 7, 2012

ආශ්චර්යයේ හිඟ මුදල්


                                                   ආශ්චර්යය කරා වේගයෙන් යාමට ගෙන ආ අශ්වයෙක්

අපේ රට ශ්‍රී ලංකාවය. ඒක තියෙන්නේ ඉන්දියන් සාගරය පතුලේය සාගරයේය. අපේ රට ඉතා ශීඝ්‍රයෙන් ආශ්චාර්ය කරා යන බව අපේ රටේ නායක තුමාලා හැම වෙලාවේම කියන්නෝය. එතුමාලා එකතු වෙලා බොහෝ මහන්සියෙන් රට ආශ්චර්ය කරා ගෙන යන්නේය. අපේ රට ආශ්චාර්ය කරා යන විදිය මේ අවුරුද්දේ අය වැය ඇස්තමේන්තුවලින්ද පේන්නේය.

සිරි ලංකාවේ ආනයන වියදම ඩොලර් බිලියන 22 ක් ය. රුපියල් වලින් නම් බිලියන් 2860 ක්ය. රුපියල් කෝටි දෙලක්ෂ අසූ හය දාහක්ය.  අපනයන ආදායම ඩොලර් බිලියන 11ක්ය. දැන් ඔය ගනුදෙනුවේ හිඟය නොහොත් ගෙවුම් ශේෂය ඩොලර් බිලියන 11ක් නොහොත් රුපියල් කෝටි එක්ලක්ෂ හතලිස්තුන් දාහක්ය.

දැන් මේ වියදම පියවා ගන්නේ කොහොමද? ඉතා ශීග්‍රයෙන් ආසියාවේ ආස්චර්ය බවට පත් වන අපි මේ ඩොලර් බිලියන 11න් හයක් ම පියවා ගන්ට හදන්නේ විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් වලින්ය. පැලෑන ගසා තිබෙන්නේ එහෙමය. මේ විදේශගත ශ්‍රමිකයන් කියන්නේ අරාබියේ වහල් සේවයේ යෙදෙන අපේ අම්මලා , අක්කලා හා නංගීලාය. ( ඊට අමතරව සිටිතොත් බොහෝම සුලු ගනනක්ය).

ලෝකෙට ආශ්චර්ය පෙන්නන්ට හදන්නේ අපේ අම්මලා ,අක්කලා හා නංගිලා අරාබියට විකුණලාය. සම් මස් නහර විද පරාල ඇණ ඇන ගෙන එන්ට අරාබියට විකුණලාය. හාම් පුතුන්ගේ ලිංගික පීඩාවලට ලක් වෙන්ට, අත පය හතර හන්දි කඩා ගෙන  මිනී පෙට්ටි වලින්  එන්ට අපේ සහෝදරියෝ විකුණලාය.


මේ විදියට පැලෑන් ගහන්නේ  අපි කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයට යවන්නේ නැතැයි වේදිකාවල උඩ  පනිමින් කෑ ගහන කට්ටියමය.

 අපේ කට්ටිය මුලු බරම දාලා තියෙන සංචාරක ව්‍යාපාරයෙන් හොයාගන්ට හිතන් ඉන්නේ ඩොලර් බිලියන 1ක් පමණය. රට වටා හෝටල් ගහමින් , කැසිනෝ නීතිගත කරමිනුත් සංචාරක ව්‍යාපාරෙන් හම්බ වෙන්නේ එච්චරය. ඒ වගේ හය ගුණයක් හොයන්ට හිතන් ඉන්නේ රටේ ගෑණු ටික අරාබියට විකුණලාය.

තවත් ඩොලර් බිලියන එකක් හොයන්නේ ආණ්ඩුවේ දේපල බද්දට දී හෝ විකිනීමෙන්ය.ඒ කියන්නේ ඉතුරු ඉඩකඩම් ටිකත් විදේශ  කොම්පැනි කාරයන්ට විකුණලාය.

අපි නෙලුම් පොකුණු, නෙලුම් කුලුනු, අධිවේගී මාර්ග හදාගෙන ආශ්චර්යයට යන්නේ එහෙමය.

සටහන- ඔය ඔක්කොම කලත් ලැබෙන්නේ ඩොලර් බිලියන 8 ක් පමණය. ඉතුරු ඩොලර් බිලියන 3 හොයන්න තමා මේ දවස් වල අන්තර් ජාතික මූල්‍ය අරමුදල පස්සේ යන්නේ . අන්න ඒක තමා  පහුගිය දවස් වල ලිං වලටත්  බදු ගහන්න එහෙම ලෑස්ති වුනේ. ඒක තමා දේශප්‍රේමි නැට්ට දෙපැරන්ද අස්සේ ගහගෙන මූල්‍ය අරමුදල කියන විදියට නටන්නේ. 


6 comments:

  1. ඔන්න ඕකට තම්යි කියන්නෙ මහින්ද චින්තනයේ ආර්ථික ප්‍රතිපත්තිය කියල.. ආශ්චර්ය මලපහ කිරීම..

    ReplyDelete
  2. අපේ රට සෝමාලියාව වැනි මංකොල්ලකාරී රටක් බවට අධිවේගයෙන් පත්වෙමින් පවතී.නැවතත් සිවිල් යුද්ධයකින් හෝ බරපතල ඝනයේ විදේශ මැදිහත් වීමකින්මේ විනාශය කෙළවර විය හැක.

    ReplyDelete
  3. පෙරදිග සෝමාලියාව වෙත අධිවේගී ගමනක යෙදෙන ආසියාවේ ආශ්චර්යය.

    ReplyDelete
  4. ප්‍රශ්නය තියෙන්නේ කලාමදිරියෝ මේ සියලුම කරුණු උවමනාවාටත් වඩා අපේරටේ පොදුමහ ජනතාව ( ජනතාව කියන්නේ කවුද කියල අහන්න එපා) දන්නවා. නමුත් මොකක් හෝ හේතුවකට නොදන්නවා වගේ ඉන්නවා. එහෙම නැත්නම් තමන් හිරි වැටී ඇතිබව අනුන්ට කියනවා. ඉතිරියටත් හිරි වැටී සිටින ලෙස හෝ පලා යන ලෙස යෝජනා කරනවා. අපි කියන්න උත්සහ කරන්නේ ක්‍රමයට එරෙහි සටන් කරන්නන් කරුණුවලින් මිනිසුන් තව දුරටත් සංතෘප්ත කිරීම වෙනුවට, හිරි වැටුණු ලාදුරු රෝගීන්ට ප්‍රතිකාරකිරීමේ වැයමකට සටන් උපක්‍රම විතැන් කල යුතු බවයි. නැවත කිවහොත් මේ ක්‍රමය පවත්වාගෙන යාමට උපකාරීවන පුද්ගලින් හා පුද්ගල දුර්වලතා හෙලිකල යුතු බවයි.

    ReplyDelete
  5. ඔබ විශ්වාස කරනවද ඔබේ ලිවිම නිසා මිනිසුන් වෙනස් වෙයි කියා? අපි තවමත් විස්වාස කරනවා මිනිසුන් යහපත්කියා. පුංචිම පුංචි සිදුවීමකින් ලොකු වෙනසක් වෙන්න පුළුවන් කියා.යහපත් සමාජයකට වෙනස් සමජකට ලියන්න.
    "Change will not come if we wait for some other person or some other time. We are the ones we've been waiting for. We are the change that we seek." කියුවේ ඔබාමලු නමුත් ඇත්ත.

    ReplyDelete
  6. හ්ම්!!
    මොකටද අපි?

    ජයවේවා!!

    ReplyDelete