Thursday, November 8, 2012

ඔබාමා ගැන ලියැවුණු ගී පද


 
කලු ජාතිකයෙක් වන බැරක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වුනාම ඇමෙරිකානුවන්ටත් වඩා ජොලියක් ගියේ ලංකාවේ හිටි සමහරුන්ටය.
 
දැන් ඉතින්  අපි වාගේ තුන්වැනි ලෝකේ රටවලට ඇමෙරිකන් කාරයා  හොඳට සලකයි කියලා එයාලා හිතු නිසාය. බුෂ්ටත් වඩා හොඳින්  බුෂ් නවත්තපු තැන ඉඳලා එයා වැඩේ කරගෙන ගියා.ඇමෙරිකන් කලු ජාතිකයෙක් නොවේ ඇස්කිමෝවෙක් ජනාධිපති වුනත් ඇමෙරිකාවේ කොල්ලකාරි ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැති බව එයාලාට දැන් හොඳින් තේරෙනවා ඇති.
 
මේ පහතින් පල වෙන්නේ 2009 කාලයේ ඔබාමා මුල් වරට දිනු කාලේ අපිට ලැබුණු ඊ මේල් එකක්. ඒකේ විදියට මේ පහලින් තියෙන සිංහල ගීත ඔක්කොම  ඔබාමා ගැන ලියවුනු  සිංහල ගීත.
 
Obama  hamuwuna me ira handa yata...... - Divulgane

Obama  thurule gee gayana wele.. - WD Amaradewa

Obama  samaga athinatha ganna dawasa.. - WD Amaradewa

Obama  peluuda nododa handuu sitha.. - Milton Mallawarachchi

Obamage  neth deka wage.. - HR Jothipala

Obamage  nam.. Mama obe nam.. - HR Jothipala

Obamage  Swarnamali.. - HR Jothipala

Mata waasana.. Obamata  waasana ... Obamata  mataoba waasana..... - Priya Sooriyasena

Obamage  num bendi adaren -- Chandrasena Hettiarachchi

Obamata  himi ne obata mema himi ne- Priya Sooriyasena

Obama  Athahera Wenwee yanabawa ,denagannata labuna - Milton mallawarachchi

සිංහල ගායකයෝ මෙච්චරම ඔබාමා ගැන ගී ලියන්නේ එයා අපේ රාවණ පරපුරට සම්බන්ධ ද කියලා හොයලා බලන එක වටිනවා. මම හිතනවා  වර්ගපූර්නිකාව ලියන මීවනපලානේ ජයරත්න ශූරින් මේ ගැන හිතයි කියලා.

6 comments:

  1. ධනවාදය, ඒ හා හාබැදුණු දෘෂ්ටි වාදයන් හා ධනවාදය ක්‍රියාත්මක කරන්නන් හා ක්‍රමයක් තිබෙනාතුරාවට පළමු ලොව, දෙවෙනි ලොව, තෙවැනි ලොව සමහරවිට එළොව ද පවතිනු ඇත. බලා සැනහෙන්න "Total Recall"http://www.youtube.com/watch?v=sWMhADqlPYg

    ReplyDelete
  2. //සිංහල ගායකයෝ මෙච්චරම ඔබාමා ගැන ගී ලියන්නේ එයා අපේ රාවණ පරපුරට සම්බන්ධ ද කියලා හොයලා බලන එක වටිනවා//

    ReplyDelete
  3. ධනවාදය, එහි දෘෂ්ටි වාදයන්, ක්‍රියාත්මක වීමට ක්‍රමයක් හා ධනවාදීන් සිටිනවිට පළමු ලොව, දෙවැනි ලොව, තෙවැනි ලොව වගේම එලොවක් ලෙසද බෙදීම් ඇතිවිය හැක . ඔබාමා නොව දියසේන කුමරු ඇමරිකාවේ ජනපති වුවත් ධනවාදය පවතිනු ඇත. බලා සැනසෙන්න ධනවාදය Total Recall, In Time (http://www.youtube.com/watch?v=sWMhADqlPYg) (http://www.youtube.com/watch?v=efNzhEKm3w4)

    ReplyDelete
  4. ඇත්තෙන්ම මිවනපලානේ ජයරත්නට මොකද වුනේ? ආපහු සීඅයිඒ එකෙන් අල්ලං ගිහින්ද? නැත්තං ඕස්ටේ‍ර්ලියාට බෝට්ටුවකින් ගිහින්ද?

    ReplyDelete