Tuesday, January 1, 2013

සියයට දහයේ නව අවුරුදු පැතුම



ලැබුවා වූ 2013 නව වසර ඔබේ සියලු පැතුම් ඉ‍ටු වන ,කිරි පැණියෙන් උතුරන......

හෝව්, හෝව්...

සියලු පැතුම් ඉ‍ටුවන..?

අපේ සිත් තුල කොපමණ නම් ප්‍රාර්ථනා ඇත්ද?

ඔබත් මමත් ඉතා හොඳින් දන්නා පරිදි ඒවා සියල්ල ඉ‍ටු වෙන්නැයි පැතීම විහිලුවක් පමණි.උදාහරණයක් ලෙස ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වැ‍ටුපක් ඔ බ ප්‍රාර්ථනා කලත් , මා ඔබේ එම පැතුම ඉ‍ටු වේවා යැයි කීවත් එය එසේ නොවන අප දනිමු. එසේ නම් එවැනි පැතුම් කුමකටද?

ඒ වෙනුවට මා ඔබ වෙනුවෙන් මෙසේ පතන්නම්.

ඔබේ පැතුම් වලින් සියයට දහයක් වත් ඉ‍ටු වන නව වසරක් වේවා!

අල්ලසක් නො දී හෝ දරුවා පාසලකට  දමා ගැනීමට, කීයක් හෝ අතට එන ‍රැකියාවක් ලැබීම , නිවස අසලට ස්ථාන මාරුවක් ලබා ගැනීම , සමහර විටක මේ සියයට දහයට අයිති වීමට ඉඩ තිබේ. එය සිදු වන්නේ ඔබ කොතරම් වාසනාවන්තද යන්න මත පමණි.

කිරි පැණි ගැන කියන්නේ නම් ඒවා හා වෙනත් එබඳු දෑ පොදු මහජනයා කෙරෙන් ශීඝ්‍රයෙන් ඈත් වෙමින් තිබේ .කිරි පැණි කෙසේ වෙතත් , අඩුම තරමින් ලුණු කැඳවත් දිනකට දෙවේලක් ගැනීමට ලැබෙන වසරක්...


නව වසර ගැන අපේ ප්‍රාර්ථනා එබඳුය.

සටහන- අප සිත් තුලද තව බොහෝ ප්‍රාර්ථනා තිබේ. එහෙත් ඒවා අයත් වන්නේ සියයට අනූව කොටසටය. ඒවා ගැන කතා කිරීම සුරංගනා කතා කීමක් බඳු  නිසා නොකියා සිටීම වඩා හොඳය.

10 comments:

  1. ඔබටත් සුබම සුබ සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවා........

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මමත් පැතුවේ එහෙම තමයි.. ඒත් ඉතින් අපේ අය මගේ පැතුම් ඔක්කෝම ඉටු වෙන්නෙයි කියලා ප්‍රාර්ථනා කරලා. ඒ අපේ මනුස්සකම හා හැදියාව.. උඹටත් අඩු ගානේ 10% වත් ඉටුවේවා...!!!

    ReplyDelete
  4. //අප සිත් තුලද තව බොහෝ ප්‍රාර්ථනා තිබේ. එහෙත් ඒවා අයත් වන්නේ සියයට අනූව කොටසටය. ඒවා ගැන කතා කිරීම සුරංගනා කතා කීමක් බඳු නිසා නොකියා සිටීම වඩා හොඳය.//

    ReplyDelete
  5. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා

    ReplyDelete
  6. සුභ අනාගතයක් :D

    ReplyDelete
  7. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  8. එහෙනං සීයට දහය ඉටුවේවා...

    ReplyDelete
  9. සුබ නව වසරක් වේවා........!!

    ReplyDelete