Sunday, January 13, 2013

නොරීගා සහ මල්ලි


ඔබ මැනුවෙල් නොරීගා ගැන අසා තිබේද?

ඔහු 1983 සිට 1989 දක්වා පැනමාව පාලනය කළ කුප්‍රකට ඒකාධිපතියාය.ඔහුට බලයට ඒමට අත හිත දුන්නේ ඇමෙරිකාවේ සී අයි ඒ ආයතනයයි.

නොරීගා  බලයේ සිටියදී මහජන මුදලින් අසීමිත ලෙස සැප වින්දේය. රටේ සියලු සම්පත් ඔහුගෙ පවුලේ හා සමීප හිතවතුන්ගේ ග්‍රහණයට නතු කලේය. එපමණක් නොවේ. ඔහු  මත් ද්‍රව්‍ය ජාවාරමද සරුවටම කර ගෙන ගියේය.

නොරීගා  රට පාලනය කලේ භීෂණය යොදා ගනිමිනි. ඔහුට විරුද්ධ වූවන් එක්කෝ අතුරුදහන් කෙරිණි. නැත්නම් එලිපිටම පහර දී මරා දැමුනි. ඒ සඳහා ඔහු  රජයේ  නීත්‍යානුකූල හමුදාවට පිටින් ඩිග් බැට්ස් , ඩොබර්මන් තග්ස් ආදි වශයෙන් හැඳින්වුනු ඝාතක කල්ලිද භාවිතා කලේය. 

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ 1989 ජනාධිපතිවරණයේදී ඔහුට විරුද්ධව තරඟ කල ගිලර්මෝ එන්ඩාරා ගේ උප ජනාධිපති අපේක්ෂක  ගිලර්මෝ ෆොර්ඩ්ට නොරීගාගේ නොනිල මැර හමුදා විසින් පහර දුන් අවස්ථාවයි.




සටහන-1 . පිං පිරිහුණු මැනුවෙල් නොරීගා  වසර විස්සක  පමණ කාලයක් ඇමෙරිකානු හිරගෙයක තැප දැන් පැනමාවට බාර දෙනු ලැබ එහි හිර ගෙයක වෙසෙයි.

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග විනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයට විරෝධය පල කීරීම සඳහා සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට පහර දීමට පැමිණ් සිටි ජනරංජන මනරංජන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි, අවිහිංසක, දේශප්‍රේමි කුලී හමුදාව සහ ඔවුන් එම උද්ඝෝෂණයට පැමිණි අයෙකුට පහර දෙන අන්දමයි.


සටහන.2-මේ ගල් බනිසට මිනී මරන, කසිප්පු පොවා සටන එවූ කුලී හමුදාව, ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති විකාශයේදී හැඳින්වූයේ දෝෂාභියෝගයට සහය පල කිරීම සඳහා දිවයිනේ නන් දෙසින් පැමිනි රටට ආදරය කරන පිරිස් වශයෙනි.

2 comments:

  1. ස්වර්ණවාහිනිය එහෙම කියද්දී මෙන්න යකෝ බුවා මෙහෙම කියයි
    //රජුට උනත් මේ පොල්ලෙන් කෙලින්ඤා........../

    රජුට ගහන්න..... හිතුව මදි . මේ පොලු පාරවල් වදින්නේ අධිරාජ්‍ය වාදී , දේශද්‍රොහි බලල් අත් වලට විතරයි . රජුට තියා රජ ගෙදර බල්ලෙකුටවත් මේ පොලු පාරවල් වදින්නේ නෑ

    http://maathalan.blogspot.com/2013/01/goons-of-mother-lanka.html

    ReplyDelete
  2. නොරීගා සහ ලොකු අය්යා

    ReplyDelete